Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E10] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කලින් කොටසේදී කතාව හදිස්සියේම ඉදිරියට ගියා. කන්ග් මා රූ සහ ඉයුන් ගි වෙන් වුණා. හන් ජේ හීගේ ක්‍රියාවන් නිසා ඇතුවුණ කම්පනයෙන් සභාපතිතුමා මිය ගියා. ඒ ගැන දැනගෙන ආපහු එනකොට රිය අනතුරක් නිසා හුඟක් බරපතල තුවාල ලබන ඉයුන් ගි රෝහලේදීම අතුරුදහන් වෙනවා. දැන් සමාගම පාලනය වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නේ හන් ජේ හී විත…

කලින් කොටසේදී කතාව හදිස්සියේම ඉදිරියට ගියා. කන්ග් මා රූ සහ ඉයුන් ගි වෙන් වුණා. හන් ජේ හීගේ ක්‍රියාවන් නිසා ඇතුවුණ කම්පනයෙන් සභාපතිතුමා මිය ගියා. ඒ ගැන දැනගෙන ආපහු එනකොට රිය අනතුරක් නිසා හුඟක් බරපතල තුවාල ලබන ඉයුන් ගි රෝහලේදීම අතුරුදහන් වෙනවා. දැන් සමාගම පාලනය වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නේ හන් ජේ හී විතරයි. අවුරුද්දක් ගත වෙනතුරුම ඉයුන් ගි සමාජයට ආවේ නැතත් ඉයුන් ගි විසින් සමතයකට පත් කළ වෘත්තීය සමිතියේ සේවකයෝ නම් තවමත් ඇයව හොයන්න උත්සාහ කරනවා. හන් ජේ හී පවා ඉයුන් ගිව හෙව්වත් කිසිම කෙනෙකුට එයාව හමුවෙන්නේ නම් නෑ. මේ අතරේ මීට අවුරුද්දකට කලින් හිටිය ආදරණීය අහිංසක කන්ග් මා රූ දැන් නැති වෙලා. දැන් ඉන්නේ අනුකම්පාවක් නැති කිසිම දෙයක් ගැන හිතන්නේ නැති රොබෝ කෙනෙක් වගේ මා රූ කෙනෙක්. හන් ජේ හී තමයි මේ වනවිට ටේ සන් සමාගමේ අළුත්ම සභාපතිනිය. නමුත් ඉහළ සමාජේ අය එයාව පිළිගන්නේ නම් නෑ. මොකද එයා කාලයක් සභාපතිතුමාගේ අනියම් බිරිඳ වෙලා හිටිය නිසා. එයා පිළිගැනීම බලෙන් ලබාගත්තත් ඒකෙන් සෑහීමට පත් වෙන්න නම් අමාරුයි. මේ අතරේදී කන්ග් මා රූට මුඩුක්කුවේ තාප්පයක් ළඟ ඉඳලා ඉයුන් ගිව හමුවෙනවා. ඉයුන් ගි හුඟක් වෙනස් විදිහටයි හැසිරෙන්නේ. මා රූට දැනගන්න ලැබෙනවා එයාට රිය අනතුර නිසා මතකය අහිමි වෙලා කියලා. එයා ඇවිත් තියෙන්නේ මා රූව හොයාගෙන. මේ අතරේ හන් ජේ හීගේ අයියා මුදල් වෙනුවෙන් හන් ජේ හී හොයාගෙන ගියත් කිසි දෙයක් ලැබෙන්නේ නම් නෑ. ඉතින් එයාත් දකිනවා ඉයුන් ගිව. ඒකෙන් වෙන්න යන්නේ හොඳක් නම් නෙවෙයි. මේ අතරේ චොකෝ ගෙදරින් යන්න යනවා. ඒ ඇයි? මා රූ නැවතත් ඉයුන් ගි සමඟ තිබුණ සම්බන්ධය පටන් ගනීවිද? කන්ග් මා රූට තියන රෝගය මොකක්ද? තමන්ගේ සභාපති තනතුර රැකගන්න හන් ජේ හී කරන්න යන්නේ මොකක්ද? මේ ගැන දැනගන්න අද කොටස නරඹන්න වෙනවා.

ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,645 downloadsDownload The-innocent-Man-E10.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,645 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Udara Damith Dissanayaka

    niyamayiiiiiiiii

  2. lushan...thusi

    ගොඩාක් ස්තුති සහොදරි ....❤️

  3. Kulanjana Maduranga

    subata thanks

    1. chamimadu

      link eka diyanko ban

  4. thanujamilandi

    Thank you sub ekataaa

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Krishani

    Thank you