Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E15] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මේ වෙද්දි නීතීඥ අහ්න් සහ හන් ජේ හී ඉයුන් ගිගේ මතකය නැති වෙලා බව දන්නවා. ඉතින් ඉයුන් ගි තමන්ම අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතාගෙන ආපහු වැඩට ගියාට පස්සේ කෙලින්ම අඩිය තියන්නේ මර උගුලකටයි. මා රූට වත් ඉයුන් ගි වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනවා. ඒත් අවසානෙදි ඉයුන් ගි ඒ ගැටලුව විසඳා ගන්න නිසා ඉයුන් […]

මේ වෙද්දි නීතීඥ අහ්න් සහ හන් ජේ හී ඉයුන් ගිගේ මතකය නැති වෙලා බව දන්නවා. ඉතින් ඉයුන් ගි තමන්ම අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතාගෙන ආපහු වැඩට ගියාට පස්සේ කෙලින්ම අඩිය තියන්නේ මර උගුලකටයි. මා රූට වත් ඉයුන් ගි වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනවා. ඒත් අවසානෙදි ඉයුන් ගි ඒ ගැටලුව විසඳා ගන්න නිසා ඉයුන් ගිට දොස් පවරලා එයාගෙන් සමාගම උදුරා ගන්න හන් ජේ හීට තිබුණ අවස්ථාවත් ගිලිහිලා යනවා. මේකෙන් තදබල කෝපයට පත් වුණ හන් ජේ හී තමන් ළඟ තියන සියලුම සාක්ෂි ඉදිරිපත් කරලා ඉයුන් ගිව නෙරපන්න හිතුවත් මා රූගෙන් ලැබෙන කුඩා සටහනක් නිසා සියලුම දේ විනාශ වෙලා ගිහින් ඉයුන් ගිට උප සභාපති පදවිය පිරිනමනවා.

මේ වෙනතුරු තමන්ගේ හැම සැලැස්මක්ම අසාර්ථක වුණ නිසා හන් ජේ හී මේ වතාවේ ඉදිරියට ගේන්නේ ඉයුන් ගිගේ පරණ පෙම්වතෙක්ව. ඒ වගේම අරමුදල් වංචාවකටත් ඉයුන් ගිව කොටු කරනවා. ඉතින් මේ කාරණා දෙකන්ම ගැළවෙන්න ඉයුන් ගිට අවස්ථාව ලැබෙයිද? මා රූ මේ වෙනුවෙන් මොනවා කරයිද? අන්තිමේදී මා රූව අත්අංගුවට ගන්න පොලීසිය එන්නේ ඇයි? මා රූ වෙනුවෙන් ඉයුන් ගි අත් හරින්න යන්නේ මොකක්ද?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,563 downloadsDownload The-innocent-Man-E15.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,563 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Nalindaranasinghe

    Ane please bunty hunters 2016 film eke sinhala sub dennako

  2. Kulanjana Maduranga

    subata thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. thanujamilandi

    THank you sub ekata... Suba pathanawa oyalatath... Jaya wewa !! BS!!

  5. Udara Damith Dissanayaka

    fq

  6. AHGASE2018

    thanx for subs

  7. Krishani

    Thank you