Watch Trailer

The Innocents [S01 : E03] Sinhala Subtitles | නූල් බෝලයක පැටළුණු ආදරවන්තයෝ…!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් “The Innocents” පළමු සමයේ තුන්වැනි කතාංගය අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ මේ කොටසෙදි ඔයාලට කතාව යන්නෙ මොන විදිහෙ සිදුවීම් පෙළක් මූලික කරගෙනද කියල පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. ජූන්ගෙ අම්මා, එලේනගේ කීමට ජූන්ව එයා ගාවට අරන් යන්න ආව ස්ටයිනර් හාදයව ඔයාලට මතක ඇතිනෙ. පළවෙ…

ඔන්න එහෙනම් “The Innocents” පළමු සමයේ තුන්වැනි කතාංගය අරගෙන එන්නයි මේ සූදානම…

~~පසුගිය කොටසින්~~

මේ කොටසෙදි ඔයාලට කතාව යන්නෙ මොන විදිහෙ සිදුවීම් පෙළක් මූලික කරගෙනද කියල පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. ජූන්ගෙ අම්මා, එලේනගේ කීමට ජූන්ව එයා ගාවට අරන් යන්න ආව ස්ටයිනර් හාදයව ඔයාලට මතක ඇතිනෙ. පළවෙනි කොටස අවසානයෙදි හැරී ගහපු පාරෙන් ස්ටයිනර් ඇත්තටම මැරිලද කියල බලන්න ගිය ජූන්ට ස්ටයිනර් අල්ලපු වෙලාවෙ වුණු අකරතැබ්බයත් ඔයාලට මතක ඇති. ඉතින් ජූන් නොදන්නව වුණාට එයත් ශිෆ්ටර් කෙනෙක් බව අපට හිතාගන්න පුළුවන්. කොහොම හරි ස්ටයිනර්ගෙ ස්වරූපයෙන් මොටෙල් එකට ආව ජූන් දැක්කම හැරී නම් අම්බානකට බයවෙනව නොවැ. මේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන හැරීටවත් ජූන්ටවත් කිසිම තේරුමක් නම් ඇත්තෙ නැහැ. කොහොම හරි අන්තිමේදි හෙන ගේමක් දීල ජූන් හැරීට ඔප්පු කරනවා ස්ටයිනර්ගෙ ස්වරූපයෙන් හිටියට එයා ඇත්තටම ජූන්මයි කියල. ජූන්ගෙ තාත්තට ජූන්ගෙ පොතක් ඇතුළෙ තිබිල හම්බවෙන ලියුමකින් ජූන් පැනල ගිහින් තියෙන්නෙ හැරී එක්ක කියල දැනගන්නවා. ජෝන් මේ ගැන පොලිසියෙ රාජකාරි කරන හැරීගෙ අම්මටත් කියනවා. ජූන්ගෙ අතුරුදහන්වීම නිසා ජෝන් නම් ගොඩක් කලබලෙන් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. යකඩ පොළු පාර කාල සිහි නැතුව උන්නු ස්ටයිනර් හාදයටත් ආපහු සිහිය එනවා. ජූන් ශිෆ්ටර් කෙනෙක් බව මිනිහත දැන් දන්න නිසා මිනිහත් ජූන්ව හොයන්න පටන්ගන්නවා. කාමරේටම කොටුවෙලා ඉන්න ජූන්ගෙ සහෝදරයා රයන් ජුන් ගියෙ කොහෙද කියල දන්නව ඇති කියලයි ජෝන් නම් හිතන්නෙ. මේ අතරවාරෙ ආරක්ෂිත නිවාසයේ ඉන්න එලේනා තවත් පරීක්ෂණයකට යොදාගන්නවා. ජූන් ගැන හොයන ස්ටයිනර්කාරයා කොහොම කොහොම හරි ජූන්ගෙ ගෙදරටත් එනවා. ස්ටයිනර් හාදයව දැක්කම නම් රයන් හොඳටම බයවෙනවා. හැරීට වාහනේ විකුණපු හාදයටත් ස්ටයිනර් කාරයගෙන් සබ්බුව හම්බවෙනවා. රයන් දීපු ලිපිනයට අනුව හැරියි, ජූනුයි දෙන්න ලන්ඩන්වල නවාතැන්පොළකට යනවා. ඒත් කරුමෙකට වගේ ස්ටයිනර්කාරයා ජූන්ව හොයාගෙන එහාටත් එනව නොවැ. අන්තිමේදි අතේ සතයක් නැතුව වාහනෙත් අතෑරල මේ දෙන්නට ස්ටයිනර්ගෙන් බේරෙන්න ආයෙමත් පැනල යන්න වෙනවනේ.

~~අද කොටසින්~~

ස්ටයිනර්කාරයගෙන් බේරෙන්න පැනල යන ජූන්ටයි හැරීටයි කොහොම හරි මිනිහගෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙනවා. ඒත් ජූන්ට එයාගෙ බෑග් එකයි රයන් වියදමට ගන්න කියල දීපු ක්‍රෙඩිට් කාඩ් එකයි නවාතැන්පොළේ අමතකවෙලා තමයි ඇවිත් තියෙන්නෙ. ස්ටයිනර් හාදයා ජූන්ව හොයාගෙන ආපු නිසා රයන් හිතනවා ජූන්ට කරදරයක් තමයි කියල. ඉතින් රයන් ජූන්ට දුන්නු ලිපිනය ගැන ජෝන්ට කියනවා. ඒත් එතනට ගිය වෙලාවෙ ජෝන් දැනගන්නවා ජූන් පැනල ගිය එකට රයනුත් සම්බන්දයි කියල. මේ අතරෙ පොලිසිය අතෑරල දාපු හැරීගෙ කාර් එකත් හොයාගන්නවා. අතේ සතේ නැතුව ඉබාගාතෙ ඇවිදගෙන යන හැරීටයි, ජූන්ටයි බෝට්ටුවක් තියෙන හාදයෙක්ව හම්බවෙනවා. පොර මේ දෙන්නට බොහොම හොදින් සළකනවා. මිනිහගෙ බෝට්ටුවේ නතරවෙන්න පවා ඉඩ දෙනවා. ඒත් මිනිහ ඒ හැම දෙයක්ම කරන්නෙ හිතේ වෙන අදහසක් තියාගෙන. එලේනත් ජූන් ආරක්ෂිත නිවාසයට එයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. හැරීගෙ අම්මයි ශිෆ්ටර්ස්ල අතරෙයි මොකක් හරි සම්බන්දයක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. අහම්බෙන් හම්බවෙන හාදයා නිසා හැරීටයි, ජූන්ටයි ලොකු අකරතැබ්බයකට මූණදෙන්නත් සිද්දවෙනවා. ජූන් දෙවෙනි වතාවටත් වෙන කෙනෙක්ගෙ ස්වරූපයට මාරුවෙනවා. ඊට පස්සෙ තමයි ජූන් දැනගන්නෙ මේ සිද්දවෙන දේ අහම්බයක් නොවෙන විත්තිය. ජූන්ට සිද්දවෙන දේ නිසා ජූන්ටත් වඩා හැරි ගොඩක් වේදනාවෙන් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. ජෝන් පුළුවන් හැම විදිහකින්ම ජූන්ව හොයාගන්න උත්සහ කළත් ජූන් ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. පණ්ඩිතකමට කෙල්ල එක්ක ගෙදරින් පැනල ආවත්, ජූන්ට සිද්දවෙන අමුතු දේවල් නිසා අන්තිමේදි හැරී එයාගෙ අම්මට කෝල් එකක් ගන්නවා. එහෙනම් අද කොටස බලලම ඉමු නෙහ්…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,891 downloadsDownload The-Innocents-S01-E03.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

1,891 downloadsDownload Subtitles21 KB

11 comments

  1. madusanka

    Thanks bro..**

  2. Ayesh Prashan

    Thank You

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. Kulanjana Maduranga

    sub 1ta thanks.....

  7. roshanst

    thank you

  8. චතුරබුද්ධි

    Thanks bro..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  11. scrooge

    meka baganna website ekak kiyannako. baiscopedownloads eke link weda na nane