Watch Trailer

The King 2 Hearts (2012) [E05] with Sinhala Subtitles | කලකදි වහලු, කලකදි රහ වෙනවාලු..! [සිංහල උපසිරසි සමඟ]

ලි ජේ හා කුමාරයා කිසිම දේක බරක් පතලක් නොදකින, කොයි වෙලාවෙත් විනෝදෙන්, සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න උත්සහ කරන කෙනෙක්. නමුත් තමන්ගේ සහෝදරයා වුන ලී ජේ කන්ග් එහෙමත් නැත්නම් දකුණු කොරියානු රජතුමාගේ යහපත වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති කෙනෙක්. රජතුමත් නිකම් ඉන්නේ නෑ, තමන්ගේ බාල සහෝදරයගෙ චර්‍යාව හොදාකාරයෙ…

ලි ජේ හා කුමාරයා කිසිම දේක බරක් පතලක් නොදකින, කොයි වෙලාවෙත් විනෝදෙන්, සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන්න උත්සහ කරන කෙනෙක්. නමුත් තමන්ගේ සහෝදරයා වුන ලී ජේ කන්ග් එහෙමත් නැත්නම් දකුණු කොරියානු රජතුමාගේ යහපත වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති කෙනෙක්. රජතුමත් නිකම් ඉන්නේ නෑ, තමන්ගේ බාල සහෝදරයගෙ චර්‍යාව හොදාකාරයෙන්ම දන්න නිසා, කොහොමහරි එයාව දුරදිග දකින, පරිනත පුද්ගලයෙක් කරන්න විවිධ උපායන් යොදනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ලී ජේ හා අකමැති ම වැඩේ වුන හමුදා පුහුණුවීම් වලට සහභාගි වෙන්න වෙනවා. පුහුණුවීම් අවසාන වෙද්දි සතුටින් ඉපිලුන ලී ජේ හා ගේ සතුට විනාශ කරේ, ලෝක හමුදා නිලධාරින්ගේ තරඟාවලිය. මේ තරඟෙට සහභාගි වෙන කණ්ඩායමට ලී ජේ හා ඇතුලු වෙනවා. එතනදි එයාට මුණ ගැහෙනවා උතුරු කොරියානු හමුදා නිලධාරිනිය, කිම් හන්ග් අහ්.

කිම් හන්ග් අහ්, ගතානුගතික අදහස් තිබෙන, උතුරු කොරියාවේ කොමියුනිස්ට්වාදි චින්තනය දරන යුවතියක්. ඒත් හමුදා ජීවිතේ ඇතුළේ මුහුණ දෙන්න වුන අත්දැකීම් නිසා බොහොම රළු චරිතයක්. මේ නිසාම කිසිම පිරිමියෙක් ඇයට ආදරයෙන් ලං වුනේ නෑ.

ඔය අතරෙදි, දකුණු කොරියානු කෙළිලොල් කුමාරයා, උතුරු කොරියානු වීර යුවතියගේ හදවත පැහැර ගන්නට සමත් වෙනවා. නමුත් කුමාරයා ට නම් ඇගේ ආදරය විහිලුවක් පමණයි.. පුහුණුවීම් අවසාන වන ලී ජෙ හා, කිම් හන්ග් අහ්ගෙන් සමුගැනීමක් නොමැතිවම දකුණු කොරියාව බලා පිටත්ව යනවා. කිම් හන්ග් අහ් අට නිතරම ලී ජේ හා මතක් වූවත්, ලී ජේ හා නම් ඉන්පසුව ගත කළේ මිටින් මුදා හළ කුරුල්ලෙකුගේ ජීවිතයක්.

මේ අතරතුර මාධ්‍ය මඟින් විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඉන් කියවෙන්නේ ලී ජේ හා කුමරු සහ කිම් හන්ග් අහ් විවාහ වීමට සූදානම් වන බවයි. ලැව් ගින්නක් සේ පැතිර යන මේ ආරංචිය දකුණු කොරියාව කැළඹීමට පත් කරනවා.

එතැනින් ඉදිරියට කුමක් සිදු වේද?

මීලඟ කොටසින් හමුවෙමු. සුබ දවසක්!

 

The King 2 Hearts on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,271 downloadsDownload The-King-2-Hearts-E05.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,271 downloadsDownload Subtitles77 KB

6 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P