කලින් කොටස නිමා වුනේ ජෝන් මයර්, රජතුමා ව හමු වුන තැනින්. ජෝන් මයර් පොඩි කාලේ, ලී ඒ හාට පෑනෙන් ඇනපු සිද්ධිය ජෝන් මයර්ගේ හිතේ තිබුනට, ජේ හා ට නම් ඒ ගැන පුංචිම මතකයක්වත් නෑ වගේ පේන්නේ. කොහොම වුනත්, ජෝන් මයර් ගේ සැබෑ ස්වරූපය ඉක්මනින්ම තේරුම් ගත්තේ නැත්නම්, ජේ හා ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙයි.මේ […

කලින් කොටස නිමා වුනේ ජෝන් මයර්, රජතුමා ව හමු වුන තැනින්. ජෝන් මයර් පොඩි කාලේ, ලී ඒ හාට පෑනෙන් ඇනපු සිද්ධිය ජෝන් මයර්ගේ හිතේ තිබුනට, ජේ හා ට නම් ඒ ගැන පුංචිම මතකයක්වත් නෑ වගේ පේන්නේ. කොහොම වුනත්, ජෝන් මයර් ගේ සැබෑ ස්වරූපය ඉක්මනින්ම තේරුම් ගත්තේ නැත්නම්, ජේ හා ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙයි.මේ අතරේ ලේකම්තුමා දෙබිඩි පිළිවෙතක් අනුගමනේ කරන්න ගන්නවා. රජතුමාගෙ විශ්වසවන්ත ම සේවකයා වගේ ඉඳන් මෙයා ලෑස්ති වෙන්නේ මොන පොටකටද!
අද කොටස බලද්දි සමහරවිට ඔබට ප්‍රශ්න කීපයක්ම ඇති වෙයි, හිටපු රජතුමා ලී ජේ කන්ග් මිය ගිය විදිය ගැන. ඉතින් ඒ ගැන තේරුම් ගන්න පහසු වෙන්න ලිපියෙන් ඒ ගැන පොඩි විස්තරයක් කරන්න ඕන කියලා මට හිතුනා.දකුණු කොරියානු මරණ අතරින් ගිනිඅඟුරු දහනයෙන් ඇති වෙන කාබන්මොනොක්සයිඩ් විශ වීම නිසා සිදු වෙන මරණ සංඛ්‍යාව ප්‍රධාන තැනක් ගන්නවා. මොකද කොරියානු බාබකියු ආපනශාලා වල සුලභව මේ ආකාරයේ සිදුවීම් වාර්තා වුන නිසා. මේ දේ සිද්ධ වෙන විදිය සරලව ම කියන්නම්. කාබන් අසම්පූර්ණ දහනය නිසා ඒ කිව්වේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සමඟ දහනය නොවීම නිසා කාබන්මොනොක්සයිඩ් හැදෙනවා. ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නෑ කියලා කිව්වේ වාතාශ්‍රය අඩුවෙන් ලැබෙන එහෙමත් නැත්නම් වැසුන කාමරේක ඉද්දි, ගිනිඅඟුරු, ලී, භූමිතෙල් මේ වගේ කාබන් අන්තර්ගත යමක් දහනය වීමෙන් ඒ කාමරේ ඇතුළේ කාබන් මොනොක්සයිඩ් වායුව නිපද වෙන්න පුලුවන්. හිතන්න, ඒ කාමරේ ඉන්න මිනිස්සු ඒ වායුව ආඝ්‍රාණය කරනවා කියලා. එතකොට ඒ වායුව රුධිර සංසරණයට ඇතුල් වෙලා, හිමොග්ලොබින් එක්ක බැඳෙනවා. සාමාන්‍යයෙන් ඔක්සිජන් පරිවහනය සිද්ධ වෙන්නෙ හිමොග්ලොබින් එක්ක බැඳිලා, ඔක්සිජන් වල තැන කාබන්මොනොක්සයිඩ් ගත්තම අපේ ශරීරයේ අවයව වලට ඔක්සිජන් සැපයුම අඩාල වෙනවා. කාබන්මොනොක්සයිඩ් වායුව වැඩි වශයෙන් ශරීරගත වුනොත් ක්ෂණික මරණයක් සිදු වෙන එක වලක්වන්න බෑ, නින්දෙදි මේ දේ සිද්ධ වුනොත් ඇහැරෙන්න කලින්ම ඒ පුද්ගලයා මැරිලා ඉන්න පුලුවන්.ඔන්න ඔය දේ තමයි මේ කතාවෙදි ලී ජේ කන්ග් රජතුමා මිය යන්නත් හේතුව වෙන්නේ.
අද කොටසේ නම ”කුණු මාලුවනේ!” ලිපිය අවසන් කරන්න කලින් ඒ ගැනත් ඉඟියක් දෙන්නම්. මේ කුණු මාලුවා නිසා තමයි සේරම වෙන්නේ. කොයි තරම් ද කිව්වොත් අවසානෙදි ලී ජෙ හා යි, කිම් හන්ග් අහ් අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙන්නෙත් මේ කුණු මාලුවා නිසා. ඒ කොහොමද කියලා බලන්නකෝ.
![]()

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,118 downloadsDownload The-King-2-Hearts-E09.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
ඉෂාන් මදුෂ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ලක්ෂාන්
බයිස්කොප් ඩවුන්ලෝඩ් එකේ මේ ටීවී සීරිස් එකේ ඩිරෙක්ට් ලින්ක් එක දීල නෑ නේ. එපිසෝඩ් ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරුව මාර කට්ටක් කන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ව්දිහක් පොඩ්ඩක් කියනවන් ලොකු උදවුවක්...
උපසිරසි වලට බොහොම ස්තූතියි.
Prabuddha Kulatunga
Link ewannam.me comment eke mage nama uda click karala facebook msg ekak daanna mata.
Nethmi Nisansala
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The King 2 Hearts (2012) [E09] with Sinhala Subtitles | කුණු මාලුවා..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)

බොහොම ස්තූතියි