Watch Trailer

The King 2 Hearts (2012) [E14] with Sinhala Subtitles | විශ්වාසයයි අවිය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මේ ලිපියට මුල පුරන්නේ.. මම දැනට බලපු හොඳම කොරියානු කතා වලින් එකක් විදියට මේ කතාව හැඳින්වුනොත් හරි. තරගාවලියට රජතුමා ඇතුලු කොරියානුවො සහභාගි වෙලා ඉන්නෙ, මේ අතරේ නොහිතපු විදියකින් කොරියානු පිලෙන් ලකුණු10ක් අඩු වෙනවා. කොහොමහරි, කොරියානු පිල, ප්‍රතිවාදි ඇමරිකානු පිල එක්ක තරග කරන්න සූදානම් වෙනවා…

 කොහොමද මේ ලිපියට මුල පුරන්නේ.. මම දැනට බලපු හොඳම කොරියානු කතා වලින් එකක් විදියට මේ කතාව හැඳින්වුනොත් හරි. තරගාවලියට රජතුමා ඇතුලු කොරියානුවො සහභාගි වෙලා ඉන්නෙ, මේ අතරේ නොහිතපු විදියකින් කොරියානු පිලෙන් ලකුණු10ක් අඩු වෙනවා. කොහොමහරි, කොරියානු පිල, ප්‍රතිවාදි ඇමරිකානු පිල එක්ක තරග කරන්න සූදානම් වෙනවා.   පළවෙනි මෙහෙයුම මොකක්ද, කොරියානු කණ්ඩායම ඊට මූණ දෙන විදිය හරිම රසවත්.තවමත් මේ  අපූරු කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම්  ඒ  හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.    ඒ වගේම මේ කොටස බලාගෙන යද්දි axis of evil කියලා යෙදුමක් දකින්න ලැබෙයි. ලෝක දේශපාලනය ගැන උනන්දු බයිස්කෝප්වාසීන් නම් ඒ යෙදුම ගැන මටත් වඩා හොඳට දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම දන්න විදියට කියලා දෙන්නම්. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වුන ජෝර්ජ් ඩබ්. බුෂ් මහතා 2002 වසරේදි උතුරු කොරියාව, ඉරානය සහ ඉරාකය යන රටවල් දුෂ්ට අක්ෂයක් එහෙමත් නැත්නම් යක්ෂයාගේ අක්ෂයක්  ( axis of evil ) ලෙස හැඳින්වූවා. මොකද උතුරු කොරියාව ඇතුලුව මෙ රටවල් තමයි න්‍යෂ්ටික අවි අත් හදා බැලීම් කරමින්, ත්‍රස්තවාදය සහ මහා පරිමාණ විනාශයන් සඳහා පාර කියන්නේ කියලා එතුමා විශ්වාස කළ නිසා.ඒ වගේම තවත් වචන 2ක තේරුම් සඳහන් කළොත් හොඳයි කියලා හිතුනා.*Navy SEALs- සයුර- Sea, ගුවන-Air, ගොඩබිම-Land ට බලපැවැත්වෙන පරිදි නාවික මෙහෙයුම් ඉටු කරන ඇමරිකානු නාවික බලඇණිය හඳුන්වන නමක්.#Green Beret- ඇමරිකා එක්සත් ජනපදයේ  යුධ හමුදා විශේෂ  බලකාය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන නමක්. එහෙනම් ආයි හමුවෙමු. සුබ දවසක්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,273 downloadsDownload The-King-2-Hearts-E14.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,273 downloadsDownload Subtitles74 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට!

  5. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Suu

    බොහොම ස්තුතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P