Watch Trailer

The Last Kingdom [S03 : E05] Sinhala Subtitles | රජෙක් වෙන්න කිරුළ විතරක් මදි..! [සිංහල උපසිරැසි සමඟ]

“මම උත්‍රඩ්.. උත්‍රඩ්ගේ පුත්‍රයා.” සෑහෙන කාලයක් බලාගෙන හිටිය ලාස්‍ට් කින්ඩම් දෙවනි කතා සමයෙන් පස්සෙ මේ වචන සෙට් එක අහන්න. මොකද කිව්වොත් මම මේක බැලුවෙ පිස්සුවෙන් වගේ. කවදාවත් ඒ කාලෙ හිතුවෙ නෑ මේකට උපසිරැසියක් දෙන්න මටත් අවස්ථාවක් ලැබේවි කියලනම්. කොහොමහරි ඉතිං ඉසුරු සම්පත් සහෝදරය සහ නිලුපුලාට ස්තුතිව…

“මම උත්‍රඩ්.. උත්‍රඩ්ගේ පුත්‍රයා.”

සෑහෙන කාලයක් බලාගෙන හිටිය ලාස්‍ට් කින්ඩම් දෙවනි කතා සමයෙන් පස්සෙ මේ වචන සෙට් එක අහන්න. මොකද කිව්වොත් මම මේක බැලුවෙ පිස්සුවෙන් වගේ. කවදාවත් ඒ කාලෙ හිතුවෙ නෑ මේකට උපසිරැසියක් දෙන්න මටත් අවස්ථාවක් ලැබේවි කියලනම්. කොහොමහරි ඉතිං ඉසුරු සම්පත් සහෝදරය සහ නිලුපුලාට ස්තුතිවන්ත වෙන්න මට ඔන්න පස්වෙනි කතාංගය ලැබුණ. තුන්වෙනි කතාසමයත් ඉතිං අනිත් ඒවට නොදෙවනි වෙන්න හැදිල තියෙනව කියල බලාගෙන යනකොට තේරේවි. එහෙනම් කලින් කොටස මතක් කරගමු නේද?

පසුගිය කොටසින්..

ඉතිං පසුගිය කොටස ආරම්භ වෙන්නෙ බ්ලඩ්හෙයා සහ උත්‍රඩ් අතර ස්කේඩ්ගේ හිමිකම වෙනුවෙන් පවත්වන සටනින්. කොහොමහරි උත්‍රඩ් මේ සටන දිනන නිසා ස්කේඩ් අයිති වෙන්නෙ ඔහුට. නමුත් මතකනෙ මරණය දක්වා සටන පවත්වන්න නියමිත වුණත් අර්ල් රැග්නා මැදිහත් වෙලා බ්ලඩ්හෙයාගෙ ජීවිතේ බේරනව. මේ අතරෙ හෙස්ටන්, ඇල්ෆ්‍රඩ් රජු එක්ක සමාදානෙන් ඉන්නව දැක්කනෙ. නමුත් හෙස්ටන් ඇල්ෆ්‍රඩ් රජුගෙ දුව එතල්ෆ්‍රෙඩ්ව හොයාගෙන කන්‍යා මඩමකට පැනල විනාශයක් කරනව. නමුත් ඒ වෙලාවෙම උත්‍රඩ්, එතල්ෆ්‍රෙඩ්ව හොයාගෙන ඇවිත් කන්‍යා මඩම ඇතුළෙ හිටපු නිසා, එතල්ෆ්‍රෙඩ් වෙනුවට ස්කේඩි, හෙස්ටන්ට දීල හුවමාරුවක් කරනව. මේක හුවමාරුවක් නිසා ස්කේඩ් බේරගන්න උත්‍රඩ් ආපහු යන්නම වෙනව. කොහොමහරි මේ ඔක්කොම කතන්දර අස්සෙ කනුට්, එතල්වුඩ් අල්ලගෙන ගහන කූට සැලැස්මක් නිසා පහුගිය කොටසෙදි නින්දෙ හිටපු අර්ල් රැග්නාට ජීවිතය අහිමි වෙනව. එතල්වුඩ් මහ රෑ රැග්නට පිහියකින් ඇනල මරණව. ඒ වගේම ඔහු එක්ක නිදාගෙන ඉඳපු ගණිකාව මේක කළා වගේ පේන්න ඔහු පසුබිම හදල, ගණිකාවගෙ බඩට රැග්නගෙ අසිපත බස්සල, ඇගෙ අතට රැග්නා මරන්න පාවිච්චි කරපු පිහිය තියල තමයි එතල්වුඩ් එතනින් පිටවෙලා යන්නෙ.

අද කොටසින්..

ඉතිං උදේ බ්‍රීඩා බලනකොට රැග්නා මැරිල ඉන්නව දකිනව. නමුත් බ්‍රීඩා නම් සැක කරනව මේක ගණිකාව කරපු දෙයක් නෙවෙයි කියල. ඒත් බ්‍රීඩා දිහාවටත් බ්ලඩ්හෙයාගෙ සැකය යොමු වෙන නිසා කාටවත් කිසි අදහසක් නෑ කවුද ඇත්තටම රැග්නා මැරුවෙ කියල. රැග්නගෙ දේහය ගඟක් ලඟ තැන්පත් කරල බ්‍රීඩා යනව, උත්‍රඩ් හමු වෙන්න. ගිහින් රැග්නගෙ මරණය දැනුම් දෙනව. මේකෙන් පස්සෙ උත්‍රඩ් උත්සාහ කරන්නෙ හෙස්ටන් එක්ක සටන් කරල ස්කේඩ්ව බේරගන්න. කොහොමහරි මේකට ඕන කරන හමුදාව ඔහුට නැහැ. ඒත් ඔහුට ලොකු සහයක් ලැබෙනව. ඒ කාගෙන්ද, ස්කේඩ් බේරගන්න උත්‍රඩ් ගහපු සැලසුම මොකද්ද? උත්‍රඩ්ට උදව් කරනව කිව්ව මිත්‍ර පාර්ශවය උත්‍රඩ් පාවා දුන්නද? ඒ වගේම රජෙක් වුණාම කිරුළක් දරනවට වඩා ඕන කරන දේවල් මොනවද? කියල ඔන්න අද බලාගන්න පුළුවන්. අද කොටස ගැන ලොකු විස්තරයක් නොකළේ බලන්න දේවලුත් තියෙන්න ඕන නිසා. හොඳම ටික තියෙන්නෙ අවසාන විනාඩි කීපයේ. එහෙනම් බලලම රස විඳින්න කියල ආරාධනා කරමින්, ලාස්ට් කින්ඩම් සඳහා මගේ වගකීම මෙතෙකින් අවසන් කරනවා. හැමෝටම ආයුබෝවේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,178 downloadsDownload The-Last-Kingdom-S03-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

8,178 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Charith Eranga Munasinghe

    Thanks.....

  2. sanjeewa-gunarathna

    thanks....

  3. srsr

    thnkz ithuru tikath ikmnt one

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    subata thanks.....

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. geethkamal

    tnx saho sub ekata.

  8. suranuwan

    thanks.bro...

  9. KUSAL LIYANAGE

    godak sthuthi sub ekata

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    niyamai