Watch Trailer

Marvels Runaways [S02 : E03] Sinhala Subtitles | පාවාදීම [සිංහල උපසිරැසි සමඟ]

මාවල් රනවේස් පෙර කොටසින් කලින් කොටසේ වෙච්ච දේවල් ගැන කියන්න කලින් කියන්න ඕනම දෙයක් තමයි මුල් කතාසමයට වඩා මේ වතාවේ සෑහෙන ලොකු වෙනසක් කතාව පුරාවටම සිද්ධකරලා තිබුනා. විශේෂයෙන්ම චරිතවල ඒ වෙනස හොදාකාරවම දකින්න ලැබුනා. කොටින්ම මුල් කතාසමයේ මිතුරෝ වෙලා හිටිය අය හතුරෝ බවට පත්වෙලා. ජෝනා හා කැරොලීනාගෙ එකතුව…

මාවල් රනවේස් පෙර කොටසින්

කලින් කොටසේ වෙච්ච දේවල් ගැන කියන්න කලින් කියන්න ඕනම දෙයක් තමයි මුල් කතාසමයට වඩා මේ වතාවේ සෑහෙන ලොකු වෙනසක් කතාව පුරාවටම සිද්ධකරලා තිබුනා. විශේෂයෙන්ම චරිතවල ඒ වෙනස හොදාකාරවම දකින්න ලැබුනා. කොටින්ම මුල් කතාසමයේ මිතුරෝ වෙලා හිටිය අය හතුරෝ බවට පත්වෙලා.

ජෝනා හා කැරොලීනාගෙ එකතුව

තමන්ගේ යාළුවන්ට මොන තරම් හිතවත් වුනත් කැරොලීනා ලොකු නරක වැඩක් කලා. ඒ තමන්ගේ යාළුවන්ටත් හොරෙන්ම එයාගේ ඇත්තම තාත්තා ජෝනාව මුණගැහෙන්න ගිහින් තිබුනා. ජෝනා එයාගේ දුවට එයාගෙම හැකියාවන් පාලනය කරන විදිහ කියා දෙමින් තමයි හිටියෙ. මේ අතරේම මේ දෙන්නට ලොකු භූමිකම්පාවකට මුහුණ දෙන්න ලැබුනා. ජෝනා කිව්වේ නම් “ඒක පටන් අරන්” කියලා. ඒවගේම තව අපූරු දෙයක් කිව්වා. ඒ තමයි කැරොලීනාට එයාගේ ස්වරුපය ගැන කිසිම විදිහකින් පැහැදිලි කිරීමක් තොරවම එයාට එයාගේ පවුලේ අයව මුණගැහෙන්න ලැබේවි කියලා. කැරොලීනා එයාගේ යාලුවෝ ලග නැහැ කියලා දැනගත්තට පස්සේ කට්ටියම එකතු වෙලා හොයන්න ගද්දිම කැරොලීනා ආපහු වතාවක් එහෙට ගියා. මේ අතරේම තමයි නීකෝ තීරණය කරන්නේ එයා ස්ටෑෆ් කියන මායා යෂ්ටිය එයාගේ අම්මාගෙන් හොරකම් කරන්න ඕන කියලා. මේ දේවල් සිද්දවෙන අස්සේ ඇලෙක්ස් තමන්ගේ යාළුවන්ටත් හොරා වැඩ කරන්නේ ඩෑරියස්ට කියලා කට්ටියටම දැනගන්න ලැබුනා. හැබැයි ඒ අයට ඒ හැටි හිතේ මනාපයක් තිබුනේ නැහැ ඒ ගැන.

ඔයාලට මතකනේ මුල් කතාසමයේ යාලුවෝ සෙට් එකම එකතු වෙලා ඉදිකිරීම් කරන තැන විනාශ කරන්න හැදුවා? හැබැයි වැඩේ සාර්ථක වුනේ නැහැ. දැන් දැන් ප්‍රයිඩ් එකේ මේ ළමයින්ගේ දෙමව්පියන්ටත් ඕන කරලා තියෙන්නේ ඒ ඉදිකිරීම් කරන තැන විනාශ කරන්න. ජැනට්ගේ වෙඩි පහරින් තුවාල වුනු වික්ටර්ව වගේම ජෝනාවත් සනීප කරගන්න ඒ අයට අවශ්‍ය කරන කුටිය හදලා දෙන්න ජැනට් සෑහෙන මහන්සියෙන් වැඩ කරනවා. නීකොට අර ස්ටෑෆ් යෂ්ටිය අරගන්න ඕන වුන නිසාම එයා මොලී වගේම කැරොලීනා එක්ක එයාලගේ ගෙදරට ගියාම මේ අයට නීකොගේ තාත්තාට වගේම එයාගේ අම්මට මුහුණ දෙන්න වුනා.

නීකෝ, කැරොලීනා, මොලී vs ටිනා

ටිනා ඒ වෙලාවේ ලොකු තරහවකින් වගේම බල තන්හාවකින් හිටියෙ. මේ නිසාම එතනට ගිය ළමයි ටිකට වයස බලන්නේ නැතුව ඒ තුන්දෙනාටම පහර දීලා අන්තිමේදී එයා නීකෝට යෝජනාවක් කලා. එක්කෝ ස්ටෑෆ් යෂ්ටිය එහෙමත් නැත්තම් එහෙම නැත්තම් එහෙ එයාලා එක්ක නවතින්න කියලා. ඒත් නීකෝ ඒ වෙලාවේ ස්ටෑෆ් එකත් අරන් යන්න ගියා. මේ තුන්දෙනාටම ටිනාගේ අතින් හොදටම පහර එල්ල වුන නිසා නීකෝ වගේම කැරොලීනා අතරේ ලොකු බහින් බස්වීමක් ඇතිවෙලා ඒ දෙන්නා වෙන් වුනා.

මේ වගේ දේවල් වෙන අතරේ ඇලෙක්ස් වැඩ කරලා සල්ලි හොයනවා වගේම ඇඹලයා වගේ ඩෑරියස්ගේ ගෙදර රිංගන්න ගත්තා උදව් කරන්න කියලා. මතකනේ ලිවී කියන ලස්සන කෙල්ල. (හම්මේ කළු කෙල්ලොන්ගෙත් තියෙන ලස්සන 😍) කොහොමහරි ඇලෙක්ස් ඩෑරියස්ට වැඩ කරාට එයා ඇලෙක්ස්ට කම්පියුටර් එකක් වගේම සල්ලිත් දුන්නා. ඒවගේම ලිවී ඇලෙක්ස්ට යෝජනාවක් කලා එයාගේ කොන්ඩේ කැරලි විදිහට හදලා දෙන්නද කියලා. එයා ඒකටත් කැමති ඒ දෙන්නා කොන්ඩ හදන අතරේ චේස් මේ අය නැවතිලා ඉන්න මන්දිරේට කරන්ට් ලබාගන්න ගිහින් සම්පුර්ණ පැත්තකම කරන්ට් එකත් යවලා ඒක නඩත්තුවට එන අයගේ ට්‍රක් එකෙන් කරන්ට් එක ලබාගන්න ඕන දේකුත් හොරකම් කරලා මේ කට්ටිය නැවතිලා ඉන්න තැනට කරන්ට් එකත් අරගත්තා.

පුහුණුව වෙනුවෙන් හමුවක්

ටිනාගෙන් ස්ටෑෆ් එක ගන්න ගිහින් හොදටම ගුටිකාපු නිසා නීකෝ ඕන කරලා තියෙන්නේ හොදට පුහුණු වෙන්න. මේ ගැන තමයි මේ අය ප්‍රධාන මේසයට එක්කාසු වෙලා කතා කලේ. පහුවදා උදේම තමන්ගේ බලයන් පුහුණු වෙන්නේ කොහොමද කියලා උත්සහ කරලා බලන්න ඕන කියන කතාව ඇතිව හැමෝම නිදියන්න ගියා. හැබැයි මේ රැස්වීමටත් ඇලෙක්ස් එතනට හිටියේ නැහැ. ඩෑරියස්ලගේ ගෙදර රෑ කෑමට ඉදලා, ලිවී එක්කත් ඇති තරම් වෙලා කතා කර කරා ඉදලා තමයි ඇලෙක්ස් එයාගේ අලුත්ම හෙයා ස්ටයිල් එකත් එක්කම ආපහු එන්න පිටත් වුනේ. හැබැයි එයා දැනන් හිටියේ නැහැ ඩෑරියස් එයාගේ පිටිපස්සේ ඉදන් එයාට පිහියෙන් ඇන්නා කියලා. එයා ඇලෙක්ස්වජෙෆ්රිට ආයේ බාර කරන පොරොන්දුව ඇතිව මේ දෙන්නා අතරේ ගිවිසුමක් ගහගෙන තිබුනා. හැබැයි ඒ මොනවා වෙනුවෙන්ද කියලා ඒ කොටසින් දැනගන්න හෝ දැකගන්න ලැබුනේ නැහැ.

මේ දේවල් වෙන අතරේ ජැනට් ජෙෆ්රි එක්ක මේ අයගේ පෞරාණික පූජා කර්ම සම්බන්ධ පොතක් ගැන කතා වුනා. මේ දෙන්නටම ඕන කරලා තියෙන්නේ මේ පොත ඇතුලේ තියෙන දේවල් දැනගෙන ජෝනාව තේරුම් අරගන්න.

රෑ යාමයෙ නගරය පුරා

කට්ටියම අන්තිමට නිදියගන්න ගියාට පස්සෙ මොලී එයාගේ යාළුවන්ට හොරෙන් එලියට ගියා. යන්නේ කොහෙද, මොනවා කරන්නද කියලා නම් පෙන්නුවේ නැහැ. හැබැයි මොලීව බලාගත්ත ග්‍රාසියෙලාව මරලා දාලා තිබුනට පස්සේ කට්ටියම එක්කාසු වෙලා එයාව සිහිපත් කරද්දී එයා කිව්වා අහිංසක මිනිස්සුන්ට කරදර වෙද්දී එයාට ඔහේ බලන් ඉන්න බැහැ කියලා. සමහරවිට කාටත් හොරා එයා මුහුණු ආවරණයක් දාගෙන රෑ යාමේ එලියට ගිය එකෙයි මොකක්ම හරි සම්බන්ධයක් ඇති.

අද තෙවැනි කොටස තුලින්

කලින් කොටසේ වෙච්ච දේවල් අතරේ විසදුනේ නැති, දැනගන්න ලැබුනේ නැති හුගක් දේවල් වලට පිළිතුරු මේ කොටස තුලින් දැනගන්න ලැබේවි. කෙටියෙන්ම කියනවනම් මිතුරු කල්ලියේ පුහුණුව මොන විදිහට කෙළවරක් වෙයිද, එතකොට ඩෑරියස් මොකක්ද ජෙෆ්රි එක්ක ගහපු ගිවිසුම වගේම කාටත් හොරා එලියට යන මොලී මොනාද කරන්නේ. එහෙනම් ඉතින් අද කොටසත් අරන් බලන්නකෝ. මීලග කොටසින් හෙට දවසේ මුණගැහෙන පොරොන්දුව ඇතිව මං සමුගෙන යනවා. ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,276 downloadsDownload Marvels-Runaways-S02-E03.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,276 downloadsDownload Subtitles34 KB

18 comments

  1. Hirunaprabodha

    ස්තූතියි සහෝ...
    ඔබට ජය

  2. darshana100

    thanks yalu jaya wewa

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Shshshwawa

    උපසිරැසියට ස්තූතියි

  5. Hasidhuanjana

    මචන් ,ඊළඟ එකටත් ඉක්මන්ට subtitles දි්යන්. මේක කරනවට Thank you very much බන්.

  6. Shehan putha

    thanks bro.... jaya wewa !

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Ayesh Prashan

    Thank You

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. priyan99

    thanks bro sub ekata

  11. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  13. Sajithlakshan

    thanks ...........................

  14. MAALnath

    Thanks ..........................good luck ................................

  15. melinda

    thank you

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. chinthaka.max4

    thankx machan

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata