ඔන්න එහෙනම් සෑහෙන කාලයක මග බලා හිදිමකින් අනතුරුව ද ලාස්ට් කින්ඩම් කතාමාලාවේ හතරවැනි කතා සාමය පසුගිය අප්‍රේල් 26වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කළා. ඉතින් මේ සූදානම එහි උපසිරසි ඔබ හමුවට ගේන්නයි. පහුගිය කතාමාලාව ගත්තොත්, එම කතාමාලාවේදී බොහොමයක් දෑ සිද්ධ වුනා. මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු ගිය කතාමාලාවේදි…

ඔන්න එහෙනම් සෑහෙන කාලයක මග බලා හිදිමකින් අනතුරුව ද ලාස්ට් කින්ඩම් කතාමාලාවේ හතරවැනි කතා සාමය පසුගිය අප්‍රේල් 26වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කළා. ඉතින් මේ සූදානම එහි උපසිරසි ඔබ හමුවට ගේන්නයි.
පහුගිය කතාමාලාව ගත්තොත්, එම කතාමාලාවේදී බොහොමයක් දෑ සිද්ධ වුනා. මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු ගිය කතාමාලාවේදි මිය ගියායින් පස්සෙ ඇති වෙච්ච ව්‍යසනකාරී තත්වයන්ට අභිනව අනුප්‍රාප්තිකයාට සහය දුන්නේ වෙනදා වගෙම බෙබන්බර්ග්හි උත්‍රඩ්. අන්තිමේ ඇල්ෆ්‍රඩ්ගෙ පුත්‍රයා වෙසෙක්ස් රාජ්‍යයේ නව රජු ලෙස කිරුළ පැළඳුවා. උත්‍රඩ්ට යළිත් කොකුම්වල වංශාධිපතියා හැටියට කටයුතු කරන්න අවස්ථාව හිමි උනා. ඒ වගෙම එතෙල්ෆ්ලෙඩ් සහ උත්‍රඩ් අතර ආදර අන්දරයක් එහෙමත් ඇති වුනා මතකයිනෙ. ඉතින් ඔය වගේ ගොඩක් සංසිද්ධි පසුගිය කතාමාලාවේ සිද්ධ වුනා. හැමදේම විස්තර කරන්න මට මතකත් නෑ ඕන්.
ඉතින් මෙවර කතාමාලාව ආරම්භයේම පෙන්වන්නෙ උත්‍රඩ්ගෙ වසර ගණනක සිහිනය, තම උරුමය වෙන බෙබන්බර්ග් බලකොටුවට එල්ල වෙන පහරදීමක්. ඉතින් මේ පහරදීම් කරන්නෙ ඩේන්වරු නෙවේ, ස්කොට්වරු. ඉතින් මේ පිළිබදව විස්තර දැනගන්නා උත්‍රඩ්ට අවශ්‍ය වෙන්නෙ සේනාවක් රැගෙන ගොස් බෙබන්බර්ග් අල්ලගන්න. ඉතින් ඒ සදහා උත්‍රඩ් වෙනදා වගෙම වෙසෙක්ස්වලින් සහය ඉල්ලනවා. නමුත් උත්‍රඩ්ට ලැබෙන ප්‍රතිචාරයත් වෙනදා වගෙම තමයි. උත්‍රඩ්ගෙ ඉල්ලීම නව රජු වෙන එඩ්වඩ් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. ඔය අතරේ මර්සියාවේ එතෙල්රෙඩ් සහ ඩේන් අර්ල්වරයෙක් වෙන කනුට් යන දෙදෙනාත් තමතමන්ගේ කූට උපායන් ක්‍රියාත්මක කරන්නයි යන්නෙ වෙසෙක්ස් රාජ්‍යය අල්ලාගන්නට. ඉතින් මෙවරත් යුද්ධ ගණනාවක්නම් දැක බලාගන්නට ලැබෙයි. එහෙමනම් මීට වැඩි යමක් නොකියා ඔබට කතාව නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,203 downloadsDownload The-Last-Kingdom-S04-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
ravindu rukshan
උදයංග සම්පත් හතරසිංහ
අඩේ තෑන්ක්ස් නිලා.. ❤❤ සබ් එක දෙනකල් බලාගෙන හිටියෙ ✌️✌️
Jeewantha
මේකට සබ් දීලා තියෙනවා දැක්කාම මාර සතුටුයි. මධුකප්‍රිය සහෝදරයගේ සබ් නිසා පරක්කුවක් නැතුව සබ් ටික තිතට ලැබෙනවා කියන විශ්වාසයත් තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.
wasu
ammo tnx deiyane.denakam agili gana gana hitiye. okkoma eka para dila danna puluwannam aiye..gd lck.
Anonymous
athi yantham sub eka denawa...thanks bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...suranuwan
thanks bro...
nadun6000
meka enakan maga balan hitiye...
Bohoma isthuthi saho....
Bs Parissamata inna....Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Ishan piumantha
Machan ithuru tika kawadda...iwasan inna ba..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
ජයharshahjk
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා
sumed
උපසිරසියට ස්තුතියි සහෝ.තවත් උපසිරැසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා......!!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Akash Fdo123
thanks for sub
Akila
Thanks machan aswen balapu kathawak
Anonymous
Tnks mchoo sub ekata..anith episode tikatath ikmanata denna...
Adeesha
හම්මේ මචන් තෑන්ක්ස්...
අනිවා දෙනව කියල දන්න හන්ද් ඩවුන්ලෝඩ් කරන් තියන් හිටියtharidu16
කො නැනේ මචො ඉතිරි සබ් ටික
Asanka mahesh
Thanks........... bro..........
Anith tikath daamu ne...............Gibbs
Thanks ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx .. :)
Chanaka
අනික් එපි වලටත් සබ් දාමු බ්‍රෝ..
Anonymous
sub ekata tnx, jaya wewa
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Anonymous
thanx bro
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thx