කලින් කොටස ගැන මතක් කිරීමක් කළොත් බෙබන්බර්ග් අල්ලගන්න ගිය උත්‍රඩ්ට ඒ කාර්යය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අවාසනාවන්ත කාරණයනම් කතාවේ මුල ඉදලම හිටි චරිතයක් වෙන බෙයෝකාගෙ මරණය. ඉතින් අසාර්ථකත්වයේ අත්දැකීමත් කුඩා කළ පටන් තමා අසළින් සිටි බෙයෝකාගේ මරණයේ වේදනාවත් උත්‍රඩ්ට දැඩිව බලපානවා. කෙසේ හෝ බෙබන්බර…

කලින් කොටස ගැන මතක් කිරීමක් කළොත් බෙබන්බර්ග් අල්ලගන්න ගිය උත්‍රඩ්ට ඒ කාර්යය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අවාසනාවන්ත කාරණයනම් කතාවේ මුල ඉදලම හිටි චරිතයක් වෙන බෙයෝකාගෙ මරණය. ඉතින් අසාර්ථකත්වයේ අත්දැකීමත් කුඩා කළ පටන් තමා අසළින් සිටි බෙයෝකාගේ මරණයේ වේදනාවත් උත්‍රඩ්ට දැඩිව බලපානවා. කෙසේ හෝ බෙබන්බර්ග්වලින් පිටව යළි කොකුම් බලා එන උත්‍රඩ් ඇතුළු පිරිසට මගදී හේස්ටන්ව හමුවෙනවා එතැනදී උත්‍රඩ් දැනගන්නවා මර්සියාවට කනුට් පහර දෙන විත්තිය. ඒ වගේම රැග්නාගෙ මරණය ගැන රහස්කුත් දැනගන්න ලැබෙනවා.
ඔය අතරේ වෙසෙක්ස්වල රජුට පීඩන එල්ල වෙනවා යුද්ධයට මැදිහත් වෙන්න කියලා. කෙසේ හෝ එඩ්වර්ඩ් එයට අකමැති වීම නිසා එතෙල්ෆ්ලෙඩ් තනිවම පිටව යනවා යුද්ධයට සේනා රැස් කරන්න. ඔය අතරේ එතෙල්රෙඩ් හමුදාවන් ඉතාමත් සාර්ථක ලෙස නැගෙනහිර ඇන්ගේලියාවෙ ප්‍රදේශ සිය යටතට නතු කරගනිමින් ඉන්න අතරතුර එඩ්වර්ඩ්ගේ පණිවිඩකරුවෙ මර්සියාව ආක්‍රමණය ගැන පුවත රැගෙන පැමිණියත් එම පුවත එතෙල්රෙඩ් හට ලැබෙන්නේ නෑ.
ඉතින් කලින් කොටසේ ඔය ආකාරයෙන් විවිධ සිද්ධවීම් වෙන කොට අද දැකගන්න පුළුවන් යුද්දය කෙසේනම් අවසන් වෙයිද කියලා. ඒ වගේම උත්‍රඩ් රැග්නාගෙ මරණයෙ පළිය ලබාගනිවිද නැද්ද කියන එක. ඒ වගේම ඔන්න අදත් කතාවේ මුල ඉදලා හිටි තවත් චරිතයක් සමුගන්නවා. එහෙනම් මීලග කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,030 downloadsDownload The-Last-Kingdom-S04-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
Jeewantha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!akiii
Thanks machan
agili gana gana hitiya...උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් නිලා ❤
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
thanks sub akata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
harshahjk
බොහෝම ස්තූතියි මධූක 4වෙනි කොටස අරගත්තා. ජයවෙවා
Akash Fdo123
thanks .anith ewath ikmanata danna
Shadow125
Tnx .. :)
සිතුම් L. කෝදාගොඩ
අඩේ දැන්නෙ දැක්කෙ දීලා කියලා.මේක නම් දෙනකල් ඉන්නෙ සහෝ.තෑන්ක්ස් වේවා.
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
suranuwan
thanks...
Anonymous
sub ekata tnx, jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Anonymous
thanks dear
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි උපසිරැසියට.