ආත්මයනි, අපි මරණයෙන් මතු අපේ ජීවිත ඔබට භාර කරන්නෙමු. අපි අපේ ජීවිත පුරාවටම ඔබට ණයගැති වන්නෙමු. ඔබ ස්ථිරවම උපත ලබා දේ, නමුත් කිසිවිටෙක ඔබේ නිර්මාණයන් ආපසු ගන්නේ නැත. ඉයුන්සම් තමන්ගේ අශ්වයා සමඟ පැන ගියත් අශ්වයා ඔහුට පැන යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉයුන්සම් නැවත ගොස් තමාගේ ජනයාව ගළවා ගන්නට තීරණය කරනව…

ආත්මයනි,
අපි මරණයෙන් මතු අපේ ජීවිත ඔබට භාර කරන්නෙමු.
අපි අපේ ජීවිත පුරාවටම ඔබට ණයගැති වන්නෙමු.
ඔබ ස්ථිරවම උපත ලබා දේ,
නමුත් කිසිවිටෙක ඔබේ නිර්මාණයන් ආපසු ගන්නේ නැත.
ඉයුන්සම් තමන්ගේ අශ්වයා සමඟ පැන ගියත් අශ්වයා ඔහුට පැන යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉයුන්සම් නැවත ගොස් තමාගේ ජනයාව ගළවා ගන්නට තීරණය කරනවා. නමුත් ඒ සඳහා ඔහුට මහා ගිරි කුළ නැඟිය යුතු වෙනවා. තමාගේ හැකියාවන් භාවිතා කර ගිරි කුළ තරණය කිරීමට සමත් වෙන ඉයුන්සම් තමා උපන් දේශය වන ආර්ත්දල් වෙතට යන අතරතුරේදී බොහෝ අළුත් දේ ඉගෙන ගන්නවා. මේ අතර ඉගුටු යනු කවුරුන්ද කියාත් ඔහුට දැනගන්නට ලැබෙනවා. මේ අතර ආර්ත්දල්හි ප්‍රධාන පූජක ආසා රොන් නිරූහා සහ නායක සන්උන්ග් නිරූහා අතර තිබෙන බල යුද්ධය මැදට වෙනත් කාරණයක් ගෙන එන්නට ටාගොන් සමත් වෙනවා. ටාගොන්ගේ සැලසුම් පිළිබඳව නොදන්නා ඔවුන් දෙදෙනා එකිනෙකා නැසීමට මං සොයද්දී ටාගොන් තමාගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කල්යල් බලා සිටිනවා.
ඉයුන්සම් ඩොටී සමඟ ආර්ත්දල් තුළට ඇතුල් වූ පසු ඔහු තමාට අළුතින් මුණ ගැසෙන මිතුරියගෙන් දැනගත් දේවල් පිළිබඳ සිතා බලා වහාන් වල ජනතාව බේරා ගැනීමට උපායක් සොයා ගන්නවා. ඔහුට සාර්ථක වීමට හැකි වේවිද? වහාන්වල මිනිසුන්ට අහිමි වන්නේ කවුරුන්ද? ටාගොන්ගේ සැලසුම් ඉටු කිරීමට උදව් කිරීමට ටියාල්හාට හැකි වේවිද? ටාගොන්, සන්උන්ග් නිරූහා සහ ආසා රොන් නිරූහා අතර ඇති බල යුද්ධයෙන් දිනන්නේ කවුරුන්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,979 downloadsDownload Arthdal.Chronicles.S01E04.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
7 comments
sachintha
banuka
hugak sthuthi akkiyo... digatama denna .. ilaga season ekath oyama karanna
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
suranga281
මේ සීරීස් එක කලින් බැලුවා..
අපරාදෙ එයාලා season 2 එකෙන් නැවැත්තුවා..
පට්ට ස්ටොරියක් තියෙන්නෙ...Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි