Watch Trailer

The Last of Us [S02: E03] Sinhala Subtitles | වෘකයෝ සොයා සියාටෙල් වෙත! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් ප්‍රේක්ෂකයන්ව කලඹවපු එපිසෝඩ් එකකට පස්සෙ කොටසයි. කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ මොකද වුණේ කියලා. ජෝල්ගෙන් පලිගන්න හිතන් ආපු කට්ටිය ජැක්සන් වලට කිට්ටුවෙන්ම තියෙන නවාතැනක නැවතිලා ජැක්සන් නගරය ගැන ඔත්තු බලන්න ගන්නවා ජෝල්ව හොයාගන්න. මේ වෙද්දි ඒක සෑහෙන්න දියුණු නගරය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් ප්‍රේක්ෂකයන්ව කලඹවපු එපිසෝඩ් එකකට පස්සෙ කොටසයි.

කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ මොකද වුණේ කියලා. ජෝල්ගෙන් පලිගන්න හිතන් ආපු කට්ටිය ජැක්සන් වලට කිට්ටුවෙන්ම තියෙන නවාතැනක නැවතිලා ජැක්සන් නගරය ගැන ඔත්තු බලන්න ගන්නවා ජෝල්ව හොයාගන්න. මේ වෙද්දි ඒක සෑහෙන්න දියුණු නගරයක් වෙලා. ආරක්ෂාව සෑහෙන්න තදයි. මේ කට්ටියට ජැක්සන් වලට කිට්ටු කරන්නවත් බැරි තරමට. ඒ මදිවට හොඳටම හිම වැටෙනවා. එලියට බහින්න බැරි තරම් කටුක සීතල දේශගුණයක් තමා තියෙන්නේ. මේ නිසාම ඇබීට හැර කන්ඩායමේ අනිත් හතර දෙනාට ඕනෙ එහෙන් යන්න, මොකද මෙයාල හරියටම දන්නෑ ජෝල් ජැක්සන් වල කොහෙද ඉන්නෙ කියලවත්, අනිත් එක මේ දේශගුනය නැත්තම් ජැක්සන් වල මුර සංචාරක කන්ඩායමකට එහෙම මෙයාලව අහු වුනොත් මැරෙන්නත් වෙයි කියලා තියෙන බයට. හැබැයි ඇබී නම් ඒකට ලෑස්ති නෑ, මොකද පලිගැනීමේ වියරුව තියෙන්නේ ඇයටයි.

ඒ අනුව ගිය සතියේ කොටසින් අපිට බලාගන්න හැකි වුණා ඇබීට ඇගේ පලිය ගන්න හැකි වුණාද නැද්ද කියන එක ගැන. ගිය සතියෙ කොටස බලපු අයට නම් දැන් කතාව බලන එක එපා වුණාද දන්නෙත් නෑ ඒ වුණ වැඩේ නිසා. හැබැයි අනිවාරෙන් මේක කියන්න ඕනෙ, ගේම් එක ගැන දන්න අය නම් දන්නවා ඒක නිකම්ම පටන් ගැන්මක් විතරයි කියලා, ඊට වඩා ශොක් වෙන සිදුවීම් තව ඉදිරියට බලාගන්න තියෙනවා. කවුද ඇත්තටම හතුරා කියන ප්‍රශ්නය ඔයාලට ඉස්සරහට එන්න ගනීවි, මොකද දැන් ඔයාල වෛර කරන හතුරා යැයි හිතන් ඉන්න කෙනා ඇත්තටම ඒ තරම් නරක කෙනෙක් නොවෙන්න පුළුවන්, සමහරක් එයාගෙ පැත්තටත් කතා කරයි ඉස්සරහට වෙන දේවල් දැක්කහම. කට්ටිය හිතන් ඉන්නේ මේක පලිගැනීමේ කතාවක් වෙලා තියෙන්නෙ කියලනේ? නෑ, එහෙනම් ඔයාලට වැරදිලා. මේක ඊට වඩා එහාට ගිය කතාවක්. කතාවේ තව ඉස්සරහට යද්දි ඔක්කොම උඩු යටිකුරු කරයි. ඉතින් සූදානමින් බලන් ඉන්න මේ වෙන්න යන දේ.

එලීගේ පලිගැනීම මේ කොටසින් ආරම්භ වෙනවා. ඒක වෙන හැටි අපිට ඊලග සතියේ ඉදන් බලාගන්න හැකි වෙයි. එහෙනම් ලබන සතියෙන් හමුවෙමු. ජයවේවා! 

 

 

 

                                          

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,382 downloadsDownload The.Last_.of_.Us_.S02E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,382 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Viraj

    Thanks

  3. sam

    thanks bro....

  4. Supun Thiwanka

    හතරවෙනි එපියට සබ් දීලා නෑනෙ තාම. ඉක්මනට දෙන්නකො.

  5. Lahiru Bandara

    ඊලග එපියට සබ් එක දෙන්නෙ නැද්ද. ඉක්මනට දාහන්කො බන්. දැන් ඇවිල්ලත් දවස් කීයක්ද.

  6. Anonymous

    thanks ..

  7. Sahan Gayantha

    thanks a lot Yashan saho sub ekata