Watch Trailer

Asterix & Obelix: The Big Fight [S01: E01] Sinhala Subtitles | ජිම් පප්පා අරිෂ්ඨ බාල්දියට වැටීම… [සිංහල උපසිරසි]

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙ සබ් එකක් අරගෙන ආව. මේක ලොකු කුඩා කාටත් එක සේ රස විඳින්න පුලුවන් නිර්මාණයක්. මේකෙ සිංහල නම සූරපප්පා. හැබයි හරිම නම ඇවිල්ලා Astérix & Obélix : Le Combat des Chefs කියන ප්‍රංශ නාමය. ඕක ඉංග්‍රීසියෙන් කියනව Ast…

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙ සබ් එකක් අරගෙන ආව. මේක ලොකු කුඩා කාටත් එක සේ රස විඳින්න පුලුවන් නිර්මාණයක්. මේකෙ සිංහල නම සූරපප්පා. හැබයි හරිම නම ඇවිල්ලා Astérix & Obélix : Le Combat des Chefs කියන ප්‍රංශ නාමය. ඕක ඉංග්‍රීසියෙන් කියනව Asterix & Obelix: The Big Fight කියල.

ඇස්ටෙරික්ස් සහ ඔබෙලික්ස් 3D කතා මාලාවක් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිර්මාණය කරනව කිව්වම මම බෝම නොයිවසිල්ලෙන් බලන් උන්නා මේක එනකම් ඇත්තටම. බලං යද්දි මං විතරක් නෙමෙ ලෝකෙ ගොඩක් අය එහෙම බලං ඉඳලා. විනාඩි තිහේ එපිසෝඩ් පහකින් සමන්විත කතා මාලාව මේ වෙනකොට නෙට්ෆ්ලික්ස්වල ලොව පුරා අංක එකේ ස්ථානය අරගෙන තියෙනව.ඒ වගේම imdb වෙබ් අඩවියේ 8.1ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනව මේ වෙනකොට. 1964 වසරේදී නිර්මාණය වුණ මේ ඔර්ජිනල් කතාව 2025 වසරේදීත් අපිට රස විඳින්න පුළුවන් කියන එක ගැන මට නම් හිතාගන්නත් බැහැ.

මේ සීසන් එක නිර්මාණය වෙන්නේ අපි කාටුන් එකේ දැකපු වෙද පප්පට පිස්සු හැදෙන සිද්දිය පාදක කරගෙන. මේකේ සාර්ථක වීම මත අපි කාටුන් එකේදී දැකපු ඉතුරු කතා ටිකත් මේ විදියට හරිම ලස්සනට වර්ණවත් ආකාරයට දැක බලාගන්න ඉඩක් ලැබේවි ඉදිරියේදී.

මේකේ හැබැයි අපි කාටුන් එකේ දැකපු සිදුවීම් වලට වඩා වෙනස් දේවල් ටිකක් මේකෙදි ඔයාලට දකින්න ලැබෙයි. මේ කතාව ගැන අමුතුවෙන් අටුවා-ටිකා-ටිප්පනි ඔයාලට හඳුන්වා දෙන්න දෙයක් නෑනෙ. සුපුරුදු චරිත ටික එහෙම්මම ඉන්නව. සුපුරුදු කතාව ඔස්සේ ඒ ආතල් එක එහෙම්මම දෙනව. හැබයි අපි දන්න කියන සුපුරුදු කතාවක් වුණාට අපිට කාටූන් එකේදි කතාවට කියපු ඔරිජින් ස්ටෝරි එහෙම මේකෙදි අපිට ලස්සනට හෙළි පෙහෙළි කරල දෙනව. විශේෂයෙන්ම ජිම් පප්පා එහෙම නැත්නම් ඔබෙලික්ස් සහ සූර පප්පා විධියට හඳුන්වන ඇස්ටෙරික්ස් දෙන්නගෙ යාළුකම ඇති වුනේ කොහොමද? ජිම් පප්පව අරිෂ්ඨ කල්දේරමට වැටුන වැටුන කිව්වට ඒක වුණේ කොහොමද කියල ඔයාල දන්නෙ නෑනෙ…

ඔන්න එහෙනම් බලාගන්න…

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

Director: – Alain Chabat & Fabrice Joubert  

IMDB:- 8.1 (01.05.2025)

Air date:  April 31, 2025 Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,840 downloadsDownload Asterix-and-Obelix-The-Big-Fight-S01E01.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

 

All BT1Next BT1

Subtitles

8,840 downloadsDownload Subtitles15 KB

15 comments

  1. Kasun Widusha

    Adoo thankyou mchooo..............

  2. Vimal

    Kalekin , thanks brooo

  3. Nalaka Pushpakumara

    Thanks......

  4. Buddhika laKMal

    ස්තූතියි විමා සහෝ මේකට සිංහල සබ් දුන්නට....
    බලන්න ආසාවෙෙන් හිටපු සීරිස්එකක් මේක

  5. Amila Sewmina

    thanks saho

  6. gamage

    ikmanata ilaga epiyatat sub gemu thanks

  7. Asanga kb

    iye fb post eka dala thibba welawema download kala.. sub eka ikmamin hamba wei kiyala loku sure ekak thibba nisa.. bohoma sthuthi wimaa..

  8. lakshan

    thanks .......................

  9. ෂාන්

    ස්තූතිය සබ් එකට, ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න සහෝ ❤️

  10. Nisal Wickramasinghe

    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්නකෝ <3

    1. Anonymous

      34

  11. Anonymous

    Thanks bro

  12. Anonymous

    thank you vima

  13. Lahiru Lakshan

    thanks machn...

  14. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝ දිගටම දෙන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.