ඔන්න එහෙනං මමත් ඇතුලුව බොහෝමයක් බයිස්කෝප් රසික රසිකාවියන් පුන පුනා බලා සිටිය තවත් කතා මාලාවක දෙවැනි සමයට උපසිරැසි දෙන්න පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාව නිකුත් වෙලා ටික දවසක් ගියත් අඩවියෙන් උපසිරැසි නිකුත් නොවුනු නිසා ඉවසලා බැරිම තැන, ඊ-මේල් එකක් දැම්මා කවුරුවත් මේකේ උපසිරැසි දෙන…

ඔන්න එහෙනං මමත් ඇතුලුව බොහෝමයක් බයිස්කෝප් රසික රසිකාවියන් පුන පුනා බලා සිටිය තවත් කතා මාලාවක දෙවැනි සමයට උපසිරැසි දෙන්න පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාව නිකුත් වෙලා ටික දවසක් ගියත් අඩවියෙන් උපසිරැසි නිකුත් නොවුනු නිසා ඉවසලා බැරිම තැන, ඊ-මේල් එකක් දැම්මා කවුරුවත් මේකේ උපසිරැසි දෙන්නේ නැද්ද කියලා අහලා බලන්න. කොහොමහරි අපේ රොයිලි මහත්තයා ආපිට ඇහුවේ මට වැඩේ කරන්න පුළුවන්ද කියලා 🙂 . දැනට දෙන කතා මාලා දෙකේ උපසිරැසි දීම අහවරක් කරලා සද්ධ නැතුව අවුරුද්දක දෙකක විතර කාලයක් උපසිරැසි කෙරුවාවෙන් විරාමයක් ගන්න කියලා තමයි හිතාගෙන උන්නේ. ඒත් ඉතිං මේ වගේ පට්ට පතුරු කතාවක් උපසිරැසි නැතුව දුක් විඳින එක වාවන්න බැරි කමටද කොහේදෝ මටත් හොරා මගේ ඇඟිලි “අපෝ දෙන්නම්” කියලා රිප්ලයි එකක් යැව්වා. කොහොමත් සති දෙකක් විතර යනකං මැසෙන්ජර්ස් කතාවත් නැති නිසා නිදහසේ මේකට උපසිරැසි දෙන්න පුළුවන්.
කතාව ගැන මතක් කරන්න කියලා දෙයක් නෑ, කාටවත්ම අමතක නැතුව ඇති පලමු සමය අවසාන වුනේ කොහොමද කියලා. වෛරස් එකට බෙහෙත හැදුවා. කතාව අවසානයේ ඔලිම්පියා වල අය නැව අත්පත් කරගත්තා. කැප්ටන්ගේ පවුලේ අයව බේරගන්න ගියත් කැප්ටන්ට තමුන්ගේ බිරිඳව බේරගන්න බැරිවුනා. නමුත් තමුන්ගේ දරු දෙන්නා වගේම පියාව බේරගන්න හැකියාව ලැබුණා. මේ අතරේ නැවේ අයිතිය ග්‍රැන්ඩර්සන්‘ගේ භට කණ්ඩායම් විසින් අත්පත් කරගත්තා. ඒ වගේම නැව අත්පත් කරගන්නා අතරේ ඩොක්ටර් ක්වින්සිට වෙඩි වැදුනා කියලත් මතක ඇති. මේ අතරේ ග්‍රැන්ඩර්සන් විසින් ඩොක්ටර් රේචල් ස්කොට්ව ඔලිම්පියා වල හිර කරගෙන තමයි ඉන්නේ. නමුත් ඇය ග්‍රැන්ඩර්සන් වෙනුවෙන් ප්‍රතිකාරය හදන්න ප්‍රතික්ශේප කරනවා. ඒ වගේම ඇයට ප්‍රතිකාරය හදන්න ඕනේ වුනත්, පරීක්ශණ වලින් ලබාගත්තු මූල නියැදිය නැතිව ඩොක්ටර් ස්කොට්‘ට ප්‍රතිකාරය හදන්නත් බෑ. මේක නිසා අද කතාවේදී මූල නියැදිය හොයන්න කියලා නැව ඇතුලේ ලොකු කලබලයක් සිද්ධ වෙනවා.
අපි බලමු නේද කතාවේ ඉතුරු කොටස කොහොමද ගලාගෙන යන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
F9F2F937BE7191BDB887D0F16835DEA8A6CDD012 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,202 downloadsDownload The-Last-Ship-S02E01-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
82 comments
රොයිලි
සුපුන් බුද්ධික
මේකේම එල්ලෙන්නම් පහලට යන්න කම්මැලි :-D
මෙන්න තවත් බලාගෙන හිටපු එකක්...
එකත් අපේ ප්‍රණිත් සහොගේ වැඩක්..
The Messengers ආයේ එන්නේ ජුලි 10.
එතකන් මේක ලස්සනට කරගෙන යන්න පුලුවන්..
මේක අපු දවසේම EP02 ආවා...
තව මතක් කිරිමක් වශයෙන් මමත් අපේ යාළුවොත්
දෙනක්ම් බලාගෙන ඉන්න TV Series ටික කියන්නම්..
True Detective සීසන් 2
Falling Skies සීසන් 5
Tyrant සීසන් 2
ඒ වගේම එච්චර දිග නිවඩුවක් ගන්න එපා සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
Sandaruwan09
saho download karanda baa ne,,,, "Website is offline No cached version of this page is available." ne,,, help karandakoo
Haritha Prabuddha
මේක දෙනකම්මයි හිටියේ බොහොම ස්තූතියි..... ජයවේවා.....
chameera
tnx bro........
R.D
ඔයා නම් නියමයි ප්‍රනීත් සහෝ............මේක දෙනකල් හිටියේ ඇගිලි ගැන ගැන.බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ.කොහොමින් හරි දැන් සිංහල සබ් එක්කම බලන්ඩ පුළුවන් ප්‍රනීත් සහෝ ට පින් සිද්ද වෙන්ඩ.මාරම සතුටක් තියෙන්නේ.........
madusanka jayasooriya
වාව්. සබ් දෙනකන් හිටියේ. තැන්ක්ස්. දිගටම වැඩේ කරමු
නලින්
ස්තුතියි, ප්‍රණිත් සහෝ.... මේකේ කවදා සබ එයිද කීය කියා බලාගෙන හිටියේ..
ජය වේවා!
Sandaruwan09
saho help ekak dedndako me sub eka download karaganda
රවිඳු තේනබදු
පළවෙනි සීසනේ අල්ලගන්නත් බැරිවුනා... බලමු, වෙලාවක් ලැබුණම සීසන් දෙකම අල්ලනව ඕං... ජය වේවා!
Dananjaya
ස්තුති වේවා..........මේක දානකන් මග බලං හිටියේ.......එල එල......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
යකඩෝ..
මේකත් ඇවිත්ද?
මල හත්තිලව්වයි..
ඔක්කොම සීරිස් ටික හොර රහසේම ඇවිත් නේ..
එහෙමත් නැත්නම් මම විතරක් මේ ගැන නොදැන උන්නද?
කාරී නැහැ..
ඔන්න එහෙනම් ගන්නවා..
ප්‍රනීත් සහෝ මේකට අත ගහපු එකනම් පට්ට ඈ...
එහෙනම් බලමු නේ...
ජය වේවා!!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kasun Widusha
tnx sub ekata
Elderman
meka dilada balanna page eka kisarayak reload kalada mn. Amme dila dila. Next episode ekath one hetama onna
Hasitha
Thank You wewwa. Anikath ikmanatama denna puluwan wewwa,
Januka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
සුපිරි කතාවක් වගේ..
ජයලක්ෂාන් ජයසූරිය
අම්මට සිරි මේක ඇවිල්ලනෙ...එල එල....1එකට වැඩිය මේක සුපිරි වෙයි....එල සහෝ..ඊලග කොටසත් ආපුගමන් සබ් දෙන්න..ජය වේවා.....!
D.Chamara
ammoooo athi yantham sub dela denna koi welada kiyala balagena hiya
bohoma sthuthi sahooo niyamai thanks....Isuru
Elaa
Januka
බොහෝමස්තූතියි සහෝ උපසිරැසියට…
සුපිරි කතාවක් වගේ..
ජයayesh
වාව්. සබ් දෙනකන් හිටියේ. තැන්ක්ස්. දිගටම වැඩේ කරමු
Keshan Wasala
නියමයි ප්‍රණීත් සහෝ :D මේක නම් බලාගෙන හිටියේ දෙනකම් දිගටම ඔයාම කරමු මේකට බොහොම ස්තුතියි !! මෙන්න සබ ගත්තා ජය !!
sanath indika
thx sahoo :) meka enakan thama balagen idiyee :)
lahiru
මේ ටී.වී සිරීයස් එකෙ නම හරිම ආසවෙන් බලන්නේ. සබ් එකට ස්තතියි
“චූටී මල්ලි”
tnx
shanaka
thanx broo
next ep eka hetma onaaNipuna
patta thanks bro...
Hirushan
Thanks
sameera lakshan
thanks mcn meka anakam hitiye....
Asel
Patta Machan
Ada anjana aiyyagen ahuwe sub dene nada kiyala
ahala winadi 5kin mena message 1 awa sub dila kiyala
site 1 awila baladi oya
oya gatha kiyanee sub 1 waradinee na
Digatama sub demu
ElazAma
බොහොම ස්තූතියි සහෝ!!!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
jeewantha
නියමයි සහෝදරයා. Tyrant එකයි මේකයි ආපු දවසේ ඉදලා මඟබලාගෙන හිටියේ සබ් දෙනකම්. ගොඩක් ස්තුතියි.
Rasidu
එහෙම අවුරුද්දක් විතර විවේක ගන්න එපා.......
මේක ඉවර වෙලා තව හොද tv series එකකට sub දෙන්න.......
sub එකට thanx.............
Ballers tv series එකට sub දෙන්නකෝ...........
එකේ ඉන්නේ Rock.........
imdb 8.0ක් අරන් තියෙනවා........
පට්ට tv series එකක්.............sub දෙන්නකෝ............tglmt
Thankx
La හිරු
නියමයි මේක දෙනකන් බලන් හිටියේ
Anushka
සුපිරි ජයවේව!!!
musthaq
thnakzzzzzzzzz bro
NaDeeRa
අම්මෝ බන් මේ කොහේ විශ්‍රාම උබ මෙන්න මේ තව සබක් එහෙම කොරගෙන ඉන්න ඕනේ හොදද අනින ඕනෑමනම් සතියක් නැත්නම් මාසයක් විශ්‍රාම ගනින් අව්රුද්දක් දෙකක් පිස්සුනම් නටන්න එපා කොල්ලෝ
කොහොම උනත් මේකත් දෙනකම් බලන් ඉදලා ඉදලා බැරිම තැන බැලුවා
කමක් නැහැ දැන් උබ මේකට සබ් දෙනවනේ ආයේ බලනවා අනික ආයේ උබ සබ දෙනකම් බලන් ඉදලම තමා බලන්නේ මොනම විදියෙන් හරි උබ සබ දෙනවා කියලා අපි දන්නවනේ
ජය වේවා...!!sanka
patta pata pata
ns
බොහොම ස්තූතියි
D.Chamara
anee sudo puthe meka dewani kotasa ekkamanata deyannako pouthe
nobala enna baha ban meka etharama patta kathawa machoooJay
thank you machan...
harsha
ප්‍රණීත් වසර දෙකේ නිවාඩුව අවසන් වී ඇති බව කරුණාවෙන්සලකන්න. ජයවේවා
Dinusha
සබ් එකට තෑන්ක්ස් සහො
Ravin
Thanks for sub
Buddika
මෙන්න බඩු... thanks මචන්. ජය වේවා....
Prabath
thx bro.denakan balagena hitapu ekak.
Thilina
Thanks Saho
Thilina
thawa Episoid 2 thiyenawa neda?
yumal
thanzzzzzzzzzzz bn
sami
maath email ekak dala ahuwa bn mayka dennakoo kyla .. Thanx saho sub denawata ..... !!!!!
fernando
patta pathuru kathawak thama tawa balanna ewanam tiyenawa. meke kihipayak awama eka para banawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අවුරුද්දක් දෙකක් සබ් නොදා ඉන්නෙ? ඒ අහවල් එකක් හින්දද? බොට එහෙම ඉන්න නම් දෙන්න නෑ අපි කොහොමවත්. හැමදාම වගේ බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P