ඔන්න අදත් සුපුරුදු විදියට මග බලාගෙන හිටපු කතාවට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය සතියේදී ෆ්ලෙචර් ඇමරිකානු නාවික හමුදාවට ද්‍රෝහී වෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ බ්‍රිතාන්‍ය අණදෙන අංශයෙන් ඔහුට ලැබුණු අණදීම් අනුව. ඉතිං ඒ ගමන අතරේ ෆ්ලෙචර් කාටවත්ම කරදරයක් නොකර බීජ ටිකත් අරගෙන පැනලා යන්න උත්සාහා කලත් ෆ්ලෙචර…
ඔන්න අදත් සුපුරුදු විදියට මග බලාගෙන හිටපු කතාවට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය සතියේදී ෆ්ලෙචර් ඇමරිකානු නාවික හමුදාවට ද්‍රෝහී වෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ බ්‍රිතාන්‍ය අණදෙන අංශයෙන් ඔහුට ලැබුණු අණදීම් අනුව. ඉතිං ඒ ගමන අතරේ ෆ්ලෙචර් කාටවත්ම කරදරයක් නොකර බීජ ටිකත් අරගෙන පැනලා යන්න උත්සාහා කලත් ෆ්ලෙචර් සහ ඔහුගේ සගයා (ට්‍රෝලර් කැප්ටන්) අතින් නාවික සෙබලුන් 5 දෙනෙක් මරාගෙන තමයි බීජ ටික නැවෙන් එලියට ගෙනියන්නේ. ලුචීයා සහ ස්ටාව්රෝස් ප්‍රධාන ග්‍රික නැව් තුනක් නේතන් ජේම්ස් ඉලක්ක කරගෙන ආවත් කැප්ටන් චැන්ඩ්ලර් ඔවුන් මහහැරීමට කුණාටුව ඇතුලට ගමන් කරනවා. මේ සටන සිදුවෙන්නේ මේ කලබලය අතරතුරේ. ඉතිං මේ හැම සිදුවිමක්ම අතරේ නැතිවුනු නාවිකයින් අතරින් කතාවේ රසිකයින්ට බොහෝම සමීප චරිතයක් වුනේ ඔ’කෝනර්. කුණාටුව අතරේ ටර්බයිනයේ ගැටලුවක් නිරාකරණය කරන්න ඔහු එලියට ගිය අතරේ ට්‍රෝලර් කැප්ටන් හෙවත් හැරී කැප්ටන් චැන්ඩ්ලර්ගේ වෙඩි පහරට ලක්වෙන්නේ ඔ’කෝනර්ට පහර දෙන අතරතුරයි. වෙඩි වැදුනත් අවසාන වශයෙන් හැරී එතනින් පැනගන්නවා. නමුත් කැප්ටන් හැරී පසුපස නොයා කෙලින්ම ගමන් කරන්නේ ඔ’කෝනර් ලඟටයි. මුල් කණ්ඩායමේ සාමාජිකයෙක් නැවත වාරයක් තමුන් ඉදිරියේම මරණයට පත්වුනු ආකාරය කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු කණ්ඩායමට ලොකු කම්පනයක් වගේම වේදනාවක් ගෙන දුන්නා කියලා කතාව බලන හැමෝටම දකින්න ලැබෙන්නට ඇති.
ගොඩක් අය කියපු කතාවක් තමයි “පරණ ටීම් එකේ තව එකෙක් හරි මැරුණොත් මචං කතාව තවත් බලන්නේ නෑ” කියපු එක. මගෙත් අදහස තමයි පරණ ටීම් එකේ අය තවත් මැරුණොත් කතාවේ ඉස්සර තිබුණු ගතිය නැතිවෙලා යනවා. ඒකට හේතුව තමයි පරණ කණ්ඩායමේ අයත් එක්ක මුල් සීසන් වල ඉදන් කතාව බලාගෙන එන අයට ලොකු බැදීමක් තියෙන නිසා. හරියට අපිත් එයාලා එක්ක යුද්ධෙට යනවා වගේ හැඟීමක් දැනෙන නිසා. ඒ අය අතරේ තියෙන සහෝදරත්වය කතාව බලන අයටත් ගොඩක්ම දැනෙනවා. මේක ගොඩක්ම බලපෑවේ ටෙක්ස් මැරුණු එකෙන් සහ ඩොක්ටර් රේචල් මැරුණු එකෙන්. කතාවේදී බොහෝ විට ගොඩබිම සටනට යන අයගෙන් කණ්ඩායම් බෙදීම අතරින් ටෙක්ස් සහ කැප්ටන් චැන්ඩ්ලර් දෙන්නා බෙදිලා යනවා දකින්න ගොඩක් අය කැමැත්තක් දැක්වුවා. මේ විදියට ගොඩක් වෙලාවට බෙදිලා යන්නේ එකම ජෝඩු වශයෙන්. කතාව බලන බොහෝමයක් දෙනාට තම තමුන් කැමති විදියේ ජෝඩු ඉන්න වගත් මට කියලා තියෙනවා. මේ විදියට තමුන් කැමති කෙනෙක් කතාවේ මැරෙද්දී කතාව එපා වුනත්, කතාව ගෙතෙන්නේ යුද්ධයක් වටා නම් තමුන් කැමති චරිතයක් දෙකක් මැරෙන හැටි බලන්න සිද්ධම වෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන් බලද්දිත් ගොඩක් දෙනා පලවෙනි සීසන් එක අන්තිමේ ඔලුවට අත ගහගන්නේ ඒ නිසානේ. 😀 කොහොම වුනත් කතාවේ හැටි එහෙම තමයි.
අද කතාවේදී පසුගිය සතියේ කතාවෙන් මිය ගිය අයට ගෞරව ආචාර දක්වලා අවසානයේ හැම දෙනාම සූදානම් වෙන්නේ බීජ ටිකට වඩා යමක් ලබාගන්න. කතාවට දාපු මාතෘකාව කියවපු ගමන්ම ඒක තේරෙන්න ඇති. මොකද කිව්වොත් බීජ ටික තියෙන්නෙත් ඩොක්ටර් වැලෙක් ලඟ නිසා. ඩොක්ටර් වැලෙක් හොයාගන්න නම් නේතන් ජේම්ස් වලට ඔහු ඉන්න තැන හොයාගන්න සිද්ධ වෙනවා. වැලෙක් හොයාගැනීමේ මෙහෙයුමේ මුල් අදියර වශයෙන් තමයි අද කතාවේ ට්‍රේලර් එක අනුව ජෝර්ජියෝ ඉන්න මන්දිරයට නැතිනං මාලිගාවට ගහන්න යන්නේ.
ඉතිං කණ්ඩායමට මෙහෙයුම අතරේ ගොඩක් දේවල් අත් දකින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ෆ්ලෙචර්’ගේ ද්‍රෝහි වීම නිසා සාශාත් ලොකු තරහකින් තමයි ඉන්නේ. මෙහෙයුම අතරේ මොනවා වේවිද? අදත් කවුරුහරි ප්‍රධාන චරිතයක් මැරෙයි ද? වැලෙක්ව අහුවේවි ද? නැතිනං වැලෙක් ඉන්න තැනක් හොයාගන්න ලැබේවි ද? මොනවායින් මොනවා වේවි ද? කතාව බලලා අදහස් ප්‍රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්ම, ලබන සතියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
Bikinis, booze. Yep, it’s a party.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
40,944 downloadsDownload The-Last-Ship-S04E07.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
73 comments
D.Chamara
කසුන්
තෑන්ක්ස් මචං..
lakshyan
thanx bro
Tharindu Dilanka
thankz mcn sub akata
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..!!
.
ප.ලි ..මුල් 5 අතර කමෙන්ට් එකක් දාන්න මේ පාරවත් පුලුවන් වේවා ..lahiru
tanxxx bro ikmanatama dunnataa
Kawshalya Dushyan
සබට තුති ප්‍රණීත් අයියේ.ජය.කෝනර් මැරුණම හෙනට අවුල් ගියා.තවම අප්සට්...
Bhanuka
හම්මේ ...,ඉක්මනටම sub එක දීලා ...,පිං සහෝ පිං ...!!
Dana
Thx saho
dinuka madumal keerthirathne
jaya
විමා
සිරා බන්. ඒත් මට නම් දැන් ගොට් බලලමද මන්ද එකෙක් දෙන්නෙක් මැරුනෙ නැත්නම් කතාවක් නෑ වගෙ දැනෙන්නෙ කියකො :P
vidushan
thank u saho, jaya!..
Thamoth Kavinda
Thanks මචන්
Thisal Lakpura
ස්තූතියි
Ajith Priyantha
sub akata thanks wawa
AJ
Thanks for the sub...
shan ( citylife )
Thank's mcn.
Buddhika Lakmal (laKMal)
sub ekata thanks machan........
Udara Cooray
Thankz
Randi
Thanks Bro!
Nüwäñthå Dúlån
මෙන්න ගත්තා,
බොහොම ස්තූති සහෝ!!!Tharindu Premanath
Thanks Dude...............@@
Udara Damith B/K
ගිය සතියේ මන් කියපු දේ වැරදුනනේ හී
යුද්ද වල මිනිස්සු මැරෙනවා කියලා ඔහොමත් කරනවද මන් අහන්නේ නෙ ...
~~~~~ අරගලයක් නැති thaනැ සක්තියක්ද නැත ~~~~~~
!!!වස්රා!!!!
මේ කොටසේ නම් කවුරුවත් මැරෙන එකක් නැතිවෙයි කියලා හිතමු ඉතින්නෙ
මන් ගියා හෝව්
අමතක උනා
උපසිරසට ස්තුතියි ගොඩක්
බායි බායිKasun Widusha
Thanks Praniyooo
Chamal
Mokada me last ship eke S04 e07
Download karana barihasith
tnq saho
Sajeevi
Thanks
ලක්ෂාන් නිලංක
එල, සහෝ..එනකන් බලාගෙන හිටියෙ..සබට බොහොම තුති...ජය වෙිවා...!
Udaya Tharanga
thank a lott
Bishan
Thanks for quick sub...
Eranjan Dayarathna
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රවී
නියමයි
piyumal sanjeewa
බොහොම ස්තූති සහෝ!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Barfi
thnkz machoo
Waruna Fernando
Thanks saho sub ekata.onna mamath gaththa ehenam.
harsha
•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kusal Harsha Rathnayake
උපසිරැසියට බෝහොම තුති සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Mahesh
Sub ekata thanx
Lasantha Chandimal
Niyamai saho....
කවීන් ලහිරු
සබ් එකට ස්තූතියි ප්‍රනීත් සහෝ
08 වෙනි කොටසෙන් නැවත හමු වෙමුඋදාර දිල්ශාන්
නියමයි සහෝ සබට තෑන්ක්ස්
#ජයHimaru
Thanks For Sub
Rajitha
Thank you machan......jayawewa
harsha
බොහෝම ස්තූතියි ප්‍රනීත් සබ වගේම තමයි ලිපියත් සීරාවටම තියනවා. සබ අරගත්තා ස්තූතියි ජයවේවා
yumal
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Isuru
Thanx machn
මිලින්ද පෙරේරා
කොල්ලා වැඩේ නම් එලකිරි ආ...හ් තැනක්ස් සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S04 : E07] with Sinhala Subtitles | වැලෙක් පසුපස [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_1.jpg)



bohoma sthuthi sahoooo jaya