කොහොම ද කට්ටිය හැමෝටම! ඔන්න අද Rings of Power දෙවෙනි කතාමාලාවේ ඊයෙ රිලීස් කරපු පස්වෙනි කතාංගයත් එක්ක තමයි මං ඔයාලව හම්බවෙන්නේ. ඉක්මන් අය ඉක්මනින් ම download කරගන්නකෝ.. කලින් episode එක recap කරමු episode එක පටන්ගනිද්දි ම පෙන්නන්නේ ලින්ඩන් වල වරායක් කියන්න පුළුවන් ලස්සන දර්ශනයක්. උදෙන් ම ගලාද්‍රියෙල…

කලින් episode එක recap කරමු
episode එක පටන්ගනිද්දි ම පෙන්නන්නේ ලින්ඩන් වල වරායක් කියන්න පුළුවන් ලස්සන දර්ශනයක්. උදෙන් ම ගලාද්‍රියෙල්, එල්රොන්ඩ් ඇතුළු අය එරෙගියොන් වලට පිටත්වෙනවා. මෙතන එල්රොන්ඩ් කමාන්ඩර් නිසා කට්ටියට වෙන්නේ සුළුපටු අකරතැබ්බයක් නම් නෙවෙයි. එකක් කියල ද, දෙකක් ම. ඒ ඉතින් මිනිහා මුද්දෙන් අනතුරු අඟවන දේ සතේකටවත් ගණන්ගන්නැති හින්දා තමයි. එල්රොන්ඩ් කියන දේත් වරදක් නැති වෙන්න පුළුවන්, ඒත් ගලාද්‍රියෙල් කරන්නේ මේ වෙලාවෙ දි කරන්න ඕන දේයි. අනික ඒ මුදු වලට සෞරොන් ගෙ බලපෑමකුත් නැහැනේ, වැඩේ තියෙන්නෙ එල්රොන්ඩ් ට බයක් තියෙනවා එයා මුද්දෙ බලයෙන් අන්ධ වෙයි කියලා, ඒකට හිත ශක්තිමත් කරගන්න කියල එයාගෙ ගුරුතුමා කිර්ඩන් දුන්න උපදෙස කට්ටියට මතකත් ඇති. කොහොම උනත් ගලාද්‍රියෙල්ට සෞරොන් ගෙ මුද්ද ගැනත් ආසාවක් තිබිල ඒක නැතිකරගත්ත හැටි Lord Of The Rings මුල්ම ෆිල්ම් එකේ දි බලාගන්න පුළුවන්. කොහොම උනත් එරෙගියොන් වලට යන පාලම විනාශ කරලා පේන විදිහට අදාර්ගේ ප්ලෑනේ හැටියටම මෙයාලත් යනවා, සොහොන් පිල්ලි කරන ඇටෑක් එකෙන් එක ජීවිත හානියක් වෙලා අනිත් අය නූලෙන් ගැලවුණත් අදාර් ගෙ මෙහෙයවීමෙන් ඕර්ක් ල මෙයාලව හොයාගෙන එනවා. ගලාද්‍රියෙල් මෙතන දි මුද්ද එල්රොන්ඩ්ට භාර දීලා එල්ව්ස් පිරිස බේරල තනියෙන් සටන් කරත් ආදර්ගෙ සුන්දර හමුවීමක් අන්තිමට පෙන්නනවා. (•̀ᴗ-)✧ කොහොම වුනත් මෙතන දි එල්රොන්ඩ් අනිත් අයට ගලාද්‍රියෙල් ගියේ ඒ අය බේරන්න නෙවෙයි මුද්ද බේරන්න කියල කිව්ව එක නම් පොඩ්ඩක් අවුල් වගේ නේද? මුද්ද බේරන එකත් එක හේතුවක් වෙන්න පුළුවන්, ඒත් අර කිව්ව කතාව නං සම්පුර්ණයෙන් ම වැරදියි කියලයි මට හිතෙන්නේ. ඒකෙන් එල්රොන්ඩ් ගෙ තරහව හිතාගන්න පුළුවන්, කට්ටියත් කන්ෆියුස් උනා ඒ කතාවට.
මේ episode එක තුන් පැත්තකින් තමයි ගලාගෙන යන්නේ, අපි මේ ගැන ටිකක් ගිය ලිපියෙනුත් කතාකරා නේ, ඒ නිසා මේකටත් ඒකෙන් ටිකක් copy paste කරගන්නං හොඳේ, 😉 ඊළඟට අතුරුදන් වෙච්ච තේඕ හොයාගෙන ඇරන්ඩීර්, අනික් මිනිස්සුත් එක්ක ඇරන්ඩීර්, ඉසිල්ඩූර් සහ එස්ට්‍රිඩ් කියන අතරමඟ දි හම්බවුනු කෙල්ලත් පිටත්වෙනවා. හැබැයි මේ එස්ට්‍රිඩ් සෞරොන් ගේ බෙල්ලේ අදාර් ගෙ සලකුණ කොටාගෙන තියන බව දැනගන්න ඇරන්ඩීර් මෙයාට මාංචු දාල තමයි ගෙනියන්නේ. එතනදි ඇරන්ඩීර් එස්ට්‍රිඩ් දමල ගහන මැටි භාජනේට ගහන පාර නං පහර, ඒත් මේ කෙල්ල හේතුවකට සලකුණ කොටාගත්තත් හොඳ ගතිගුණ තියනවා වගෙයි. ඒත් එහෙමම කියන්නත් බැහැනේ, කවුද දන්නේ? ඉසිල්දූර් නං කෙල්ල මොන යකාට වැඩකරත් අතාරින එකක් නෑ මේ තුන් කට්ටුවට හම්බවෙන්නේ අපි දන්න ටිකක් හුරුපුරුදු කට්ටියක්. අපි LOTR වලින් දැක්ක ගස් එඬේරන් දෙන්නෙක් තමයි හැමබවෙන්නේ (ලස්සන) ගෑනු එඬේරෙකුත් බලාගන්න පුළුවන්.(✧◡✧) මේ scene එකේ දි ඇරන්ඩීර් සහ මෙයාල අතර වෙන සංවාදය ටිකක් emotional. අපි පරිසරයට වෙන්න ඕනෙ දායකත්වය ආයෙමත් මතක් කරනවා. මෙයාල තේඕ එක්ක හිරකරන් හිටිය කට්ටිය එළියට දෙනවා. බලාගෙන යද්දි අර හොර රැලේ නායකයා තමයි එස්ට්‍රිඩ් ගෙ ගිවිසගත්තයි කියන කෙනා. තේඔත් ඇරන්ඩීර් එක්ක තිබ්බ කෝන්තරේට ගුඩ්බායි කියනවා.
ඊළඟට title එකෙන් කියවෙන කෙනා ගැන බලමු. title එක තිබුනෙ ‘Eldest’ ඒ වැඩිමහල් කියන එකනේ. එතකොට මේ ‘gandalf’ ට දැන් හැමබවෙනවා මේ ‘වැඩිමහල්’ කෙනාව Tolkien ගේ පොත්වල චරිතයක් වෙන මෙයාගෙ නම තමයි ‘ටොම් බොම්බඩිල්’. මෙයාටත් ගැන්ඩල්ෆ් ට වගේ මායාව පුළුවන්. හැබැයි විශේෂත්වය වෙන්නේ මෙයා පෘථිවිය හරියකට හැදෙන්නත් කලින් ඉඳන් ම ජීවත් වුණයි කියන එක. ඉතින් ගැන්ඩල්ෆ් අනපේක්ෂිතව මෙහාට වැටුනත්, ආපු වැඩේ වෙන මායාව ඉගෙන ගන්න එක කරන්න පුළුවන් වෙනවා. ඒත් මේ හාදයා නං එච්චර ලේසියෙන් මැජික් පුරුදු කරවන් නැහැ වගෙයි. ඒවගේම මෙයා ගැන්ඩල්ෆ්ට තමන්ගෙ අත්වල ලියවිලා තියන වගකීමක් ගැන කියනවා. ඒ මේ අඳුරු මායාකාරයා සහ සෞරොන් නවත්තන එක. එතකොට මේ අඳුරු මායාකාරයා කවුරු වෙන්න පුළුවන් ද? LOTR වල දි සෞරොන් සරුමාන් ව එක්කහු කරගෙන කරපු හදිය දැක්කනේ, එතකොට ඒ මෙයාද? මම ඉන්ටර්නෙට් එකේ හොයල බැලුවත් ඒ ගැන හරිහැටි විස්තරයක් තිබුනෙ නෑ guys. එතකොට නෝරි සහ පොපී දෙන්නා සුළඟේ පාවී ඈතට ගිහින් වැටෙන්නේ මේ අයගෙ ජාතියෙම ගමකට, හැබැයි මේ අයට කියන්නේ ස්ටූර්ස් ල කියලා. මේ අයගේ නායිකාව පොපීට කියන කතාවකින් පෙන්නන්නේ මේ දෙගොල්ලොම ෆ්රෝඩෝ ලා හිටපු ‘ශයර්’ හොයාගන්න පොඩිහරි බලාපොරොත්තුවක් තියෙයි කියලා. සමහරවිට මේ අය ශයර් හොයාගන්න මුතුන් මිත්තෝ වෙන්න බැරි නෑ. හරි දැන් අපි මේ episode එක ගැන බලමු. spoiler වෙන්න අකමැති අය කියවන්න එපා.
අද episode එක
අද කට්ටියට බලාගන්න පුළුවන් සෞරොන් ගෙ කපටිකමේ තරම, කැලබ්‍රිම්බෝර් ට මේ ‘ඇනටාර්’ හාදයා ගැන යන්තන් තේරිගෙන ආවත් සෞරොන් එයාගෙම ගැටේ හිරකරනවා. දැන් රජුට බොරු කියලා වැඩේ පටන්ගත්තෙත් තමන්ගෙම උවමනාවෙන් නිසා අනුන්ට දොස් කියන්නත් බැහැ. ඒ නිසා උදහසට බයෙන් තමන් අකමැත්තෙන් හිටිය මිනිසුන්ට මුදු හදන වැඩෙත් පටන්ගන්නයි හදන්නේ. ඒ අස්සෙන් සෞරොන් අනික් පිරිසත් කැලබ්‍රිම්බෝර් ට විරුද්ධ කරවන්නයි හදන්නේ. දැන් පරමාණු බෝම්බෙ හදපු ඕපන්හයිමර් වගේ තත්ත්වයක් තමයි කැලබ්‍රිම්බෝර් ට උදාවෙලා තියෙන්නේ. බෝම්බත් එකක් කියල ද?ඩූරින් රජුත් මුද්ද දාගෙන ආපහු රාජධානියට ඉර එළිය ගේනවා. ඒ එක්කම මේකෙන් ලැබෙන බලයත් නිසා රජුට තවත් වස්තු හාරන්න ආසාවක් ඇතිවෙනවා. තමන් ම ලියපු නීති වෙනස් කරන්න හදනවා. මෙතන දි ඩූරින් රජු කියන දෙයක් ගලාද්‍රියෙල් කියන දේකට සමානයි . ඒ තමයි තමන්ට ඇහෙන දැනෙන දේ තමන්ට මේ මුද්දෙන් පේනවා කියන එක. ඒත් දෙන්නා අදහස් කරන දේ සහමුලින් ම වෙනස් ඩූරින් රජු කියන්නේ කඳුවල තියන වස්තු ගැන අසාවෙන්, එතකොට ගලාද්‍රියෙල් කියන්නේ සෞරොන් පතුරන නපුර ගැන. දීසාට අහම්බෙන් මේ නපුර පේනවා. එයාගෙන් ඩූරින් කුමාරයා දැනගෙන කැලබ්‍රිම්බෝර් ට අනතුරු අඟවනවා. ඒ එක්කම අනෙක් පර්වත රජවරුන්ටත් මුදු දෙන්න ආරාධනා කරනවා. ඒත් ඒ නිකන් නම් නොවෙන පාටයි.
එතකොට නුමෙනෝර් වල පැරසෝන් බලයට පත් වෙලා. මිරියෙල් රැජින රඳවාගෙන ඉන්නවා. රැජිනගෙ පාලන කාලයෙ දි පලන්තීර් එකෙන් දිගටම රාජධානිය විනාශ වෙන හැටි පෙන්නුවත් එරන්ඩීර් ඒක ඇල්ලුව වෙලාවෙ දි පෙන්නන්නේ රාජධානිය එක්සේසත් වෙන හැටිලු. රැජින මේක එරන්ඩීර්ට කිව්වත් කනකට ගන්නෙ එයා නෙවෙයි. මේ අතරෙ රැජිනට පක්ෂපාති වෙලා හිටිය අයට කෙනෙහිලිකම් වැඩි වෙනවා. විශේෂයෙන් ම පැරසෝන් ගෙ පුතා, එයත් එක්ක වැලන්ඩීල් අතර වෙන ගැටුමකින් වංචාවකින් වැලන්ඩීල් ට මරු පහරක් එල්ල වෙනවා. ඒකෙන් මැරෙන්නම යනවා වගේ පෙන්න්නුවත් අවසානයක් පෙන්නන්නෙ නෑ, නොමැරෙන්නත් හේතුවක් ලාවට පෙන්නන්නවා. මං කියනවට වඩා ඔයාලම බලන්නකෝ.
ඊළඟට ගිය එපිසෝඩ් එකෙන් ම මේකටත් සම්බන්ධ වෙලා එල්රොන්ඩ් ඔර්ක් හමුදාව ගැන පණිවිඩේ දුන්නත්, ගිල්-ගලාද් රජු කියන්නේ අපේ හමුදාව අදාර් සහ සෞරොන් එක්ක සටන් කරන්න මදි කියලයි. ඇරත් රජතුමා අර ලිවුම විශ්වාස කරනවනේ. ගලාද්‍රියෙල් හිරකරන් අරගෙන එනවා. අදාර් කියන්නේ එයා අරගෙන ආවෙ මිත්‍ර පාර්ශ්වයකට කියලයි. මේ හැම episode එකක් අවසානෙකට ම වෙනස් විදිහේ කතාවේ soundtracks දැකගන්න සමාවෙන්න, අහගන්න පුළුවන්. ‘:) හරි එහෙනම්, sub එක බාගන්නකෝ, අදට මම ගිහින් එන්නම් . හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
8,617 downloadsDownload The-Lord-of-the-Rings-The-Rings-of-Power-S02E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Amila Heshan
Subtitles
- #2022
- #Amila Heshan
- #Benjamin Walker
- #Charles Edwards
- #Charlie Vickers
- #Cynthia Addai-Robinson
- #Daniel Weyman
- #Editor's Pick
- #Ema Horvath
- #Ismael Cruz Cordova
- #Lenny Henry
- #Lloyd Owen
- #Markella Kavenagh
- #Maxim Baldry
- #MaxxA
- #Morfydd Clark
- #Nazanin Boniadi
- #Offbeat
- #Owain Arthur
- #Peter Mullan
- #Robert Aramayo
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sophia Nomvete
- #subtitle
- #Trystan Gravelle
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
11 comments
Tharindu
Amila Heshan
එසේම වේවා bro ♡
Ravindu Avishka
Rings of power season 2 ake epi download karaganna site ekak link ekak danna kenek innwanam denna....thank you
Amila Heshan
baiscopedownloads.link site එකෙන් download කරගන්න සහෝ
Prasad
Thanks bro godd job
Prasad
Thanks bro good job
Sahan Gayantha
thanks a lot Amila saho sub ekata
SACHINTHA
THANKS FOR SUB
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Lord of the Rings: The Rings of Power [S02 : E05] Sinhala Subtitles | අවුලෙන් අවුලට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/The-Lord-of-the-Rings-The-Rings-of-Power-1.0.jpg)



Thank You.. jaya wewa