අද සබ් අරගෙන එන්නේ HULU Streaming Service එක විසින් නිකුත් කරපු, වැඩිය ජනප්‍රිය වුණේ නැති TV series එකකට. මේ තමයි Under the Banner of Heaven කියන කතා මාලාව. එපිසෝඩ් 7කින් සමන්විත මේ කතාමාලාව IMDb දර්ශකයේ 7.5ක් හා Rotten Tomatoes දර්ශකයේ 86%ක් වැනි ඉහළ අගයක් අරගෙන තියෙන නිසා වැඩිය ජනප්‍රිය නොවුණු එක…

අද සබ් අරගෙන එන්නේ HULU Streaming Service එක විසින් නිකුත් කරපු, වැඩිය ජනප්‍රිය වුණේ නැති TV series එකකට. මේ තමයි Under the Banner of Heaven කියන කතා මාලාව. එපිසෝඩ් 7කින් සමන්විත මේ කතාමාලාව IMDb දර්ශකයේ 7.5ක් හා Rotten Tomatoes දර්ශකයේ 86%ක් වැනි ඉහළ අගයක් අරගෙන තියෙන නිසා වැඩිය ජනප්‍රිය නොවුණු එක පුදුමයි. True Crime වර්ගයේ කතාවක් විදියට වර්ග කරලා තියෙන මේ කතාව අභිරහසක් හා සම්බන්ධ වූ මොර්මොන් ආගම පිළිබඳ විවේචනයක් කියලා හඳුන්වන්න පුළුවන්. කතාවේ වැඩි වශයෙන්ම කතා කෙරෙන්නේ වර්තමානය සහ මේ ආගම අතර තියෙන නොගැළපීම සහ ආගම ගැන අන්තවාදී වීමෙන් තමන්ට වගේම සමාජයටත් වෙන අයහපත. මේ වගේ කතාවලට ආස චරිතයක් විදියට සැලකෙන, අපි හැමෝම දන්න Andrew Garfield තමයි ප්‍රධාන චරිතය හෙවත් ‘Jeb Pyre’ (ජෙබ් පයිරි)ට පණ පොවන්නේ. මීට අමතරව Sam Worthington, Daisy Edgar-Jones, Wyatt Russel, Denise Gough යන අයත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියන්න කලින් අපි මේකට සම්බන්ධ වෙන ආගම ගැන ටිකක් දැනගමු. LDS (Latter-Day Saints) ආගම වඩාත් හොඳින් දන්නේ ‘මොර්මොන්’ කියන නමින්. ෂර්ලොක් හෝම්ස් රසිකයින්ට නම් ඉතින් මේක ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් නෑ. මොකද A Study in Scarlet සිංහල පරිවර්තනයේ (‘ලෝහිත පරීක්ෂණය’ – චන්දන මෙන්ඩිස්) උපග්‍රන්ථය කියන කොටසේ තියෙනවා ‘මෝමොන් ආගම සහ එහි ලබ්ධිකයෝ’ කියලා සටහනක්. ඒකේ විස්තර වෙන්නේ මේ ආගම ගැනයි. ඉතින්, සරලවම කියනවා නම්, ජෝසෆ් ස්මිත් කියලා තරුණයෙක් 1830දී ආරම්භ කරපු ආගමක් තමයි මේක. ස්මිත්ට අනුව නම්, පොඩි කාලෙ ඉඳලම එයාට අනිත් අයට නොපෙනෙන දේවල් පෙනිලා තියෙනවා. ඉතින් දවසක් මෙයාට දේවදූතයෙක් ඇවිල්ලා කියල තියෙනවා කන්දක හංගලා තියෙන ධර්ම පුස්තකයක් ගැන. ඒකේ තිබිලා තියෙනවා කියන්නේ ජේසුස් වහන්සේගේ සත්‍යම ධර්මය. ඉතින් ජෝසෆ් ස්මිත් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මෝමොන් බයිබලය සකස් කළා. එයා අනුගාමිකයොත් සමග තැනින් තැනට සංක්‍රමණය වුණා, මොකද එයාලගේ ආගමික සිරිත් විරිත් සහ විශ්වාස අන්‍යාගමිකයින් පිළිකුල් කරපු නිසා. අන්තිමට මෙයාලා යූටාවට ඇවිල්ලා සෝල්ට් ලේස් නගරය ගොඩනැගුවා. ඉතින්, කතාව බලන්න පටන්ගන්නකොට ඔය ටික දැනගෙන හිටියාම ඇති.
කතාව ගැන කියනවා නම්, මේකට පාදක වෙලා තියෙන්නේ Under the Banner of Heaven කියලා John Krakauer විසින් රචනා කරපු පොතකින්. මේ පොත පාදක වෙලා තියෙන්නේ 1984 වර්ෂයේ ඇමරිකාවේ ඇත්තටම සිද්ධ වුණු සිදුවීම්වලිනුයි. මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා කිව්වාම ඒක විශ්වාස කරන්නත් අමාරුයි.

කොහොම නමුත්, කතාව ගෙතිලා තියෙන්නේ “ලැෆර්ටි” කියලා පවුලක් වටේයි. මෙයාලා මෝමොන් ආගම බොහොම තදින් විශ්වාස කරන අය. ඉතින් එක දවසක මෙයාලගේ පවුලේ බාලයාගේ බිරිඳ වන බ්‍රෙන්ඩා ලැෆර්ටි සහ එයාගේ ළමයා වන මාස 15ක් වයසැති එරිකා ලැෆර්ටිවත් අමානුෂික ලෙස මරා දාලා තියෙනවා. මේ ද්විත්ව ඝාතනය විසඳන්න භාර වෙන්නේ LDS ආගමේ හොඳ අනුගාමිකයෙක් වන “ජෙබ් පයිරි” (කතාවේ ප්‍රධාන චරිතය) සහ එයාගේ යාළුවෙක් වන LDS ආගම තඹ දොයිත්තුවකට මායිම් නොකරන පරීක්ෂක බිල් ටාබා ටයි. ඉතින් කතාවේ ඉතුරු ටිකේ වෙන්නේ මොනවද කියලා බලලම දැනගන්න.
කතාව වඩාත් හොඳින් තේරුම් ගන්න මෙන්න ලැෆර්ටි පවුලේ සාමාජිකයින්ගේ සටහනක්:

Credit: Wikipedia
එහෙනම්, මුල් එපිසෝඩ් 2 බලන්නකෝ. තුන් වෙනි එපිසෝඩ් එකෙන් ඊළඟට හමුවෙමු. සුබ දවසක්. පීස් ✌️.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
1,693 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01-E01-E02.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Andrew Garfield
- #Billy Howle
- #Chloe Pirrie
- #Daisy Edgar-Jones
- #Denise Gough
- #Editor's Pick
- #Offbeat
- #Sam Worthington
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #Under the Banner of Heaven s01 Sinhala sub
- #Under the Banner of Heaven s01 Sinhala subtitles
- #Under the Banner of Heaven s01E01 Sinhala subtitles
- #Under the Banner of Heaven season 1 Sinhala sub
- #Under the Banner of Heaven season 1 Sinhala subtitles
- #Under the Banner of Heaven Sinhala sub
- #Under the Banner of Heaven Sinhala subtitles
- #Wyatt Russell
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
9 comments
Anonymous
විමා
මේක ඇත්ත කතාවක්. Crime, Drama, Mystery, Thriller වර්ගීකරණයට අයිති වෙන්නේ. :)
ආගම කියන එක මම හිතන්නේ නැහැ අපිට ජීවත්වෙලා ඉන්නකම් මගහරින්න පුළුවන් වෙයි කියල. හරියට නිකම් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකක් වගේ. කොයි තරම් මගහරින්න හැදුවත්, කොහෙන් හරි අපිට බලපානවා.
Anuththara
Thank you for the subtitle
Mahesh
Carnival row eke sub dennddaa bro
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි සීරිස් එකකට උපසිරැසි ගෙනාවාට. දිගටම මේ වගේ ඒව දෙමු. ජයවේවා!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi..Jaya wewa
Advertisement
![Under the Banner of Heaven [ E01 & E02] Sinhala Subtitles | ස්වර්ගයේ හෙවණැල්ල යට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/under-the-banner-of-heaven-B.jpg)


ආගම් සීන් තියන ඒවා නම් සෙට් වෙන්නෑ
එනිවේ සබට තැන්ක්ස්
Hulu එකෙන් දීපු thriller ටයිප් සුපිරි සීරීස් එකක් දෙමු