Watch Trailer

The Mentalist [S01 : E08] | පවුල් අවුල්… [සිංහල උපසිරසි සමඟ]

අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට…

Mentalist 1

අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට හේතුව තමයි මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක්, මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකුට එරෙහිව උසාවියේ සාක්ශි දීමට සිටීම. මේ පරීක්ශක දෙපලගෙන් කෙනෙකුගේ පුතෙක් තමයි මේ මිනීමැරුම ගැන හොයාගන්නේ. එතැන මියගිහින් තියෙන්නේ තරුණ ගැහැණු කෙනෙකු සහ මත්කුඩු වෙලෙන්දෙකුට එරෙහිව සාක්ශි දෙන්න හිටපු සාක්ශි කරුවෙක්.

මෙතැන විමර්ශණයට හැමෝම පැමිණිලා පරීක්ශණ කරන අතරතුර, ජේන් විසින් සියල්ලක්ම විමර්ශණය කරනවා. ඉන්පසුව ඔහු මියගිය තැනැත්තියගේ අතේ තිබුණු යතුරෙන් ඇයගේ කාර්එක හොයාගෙන, කාර්එක ඇතුලින් පුංචි දරුවෙක්ව එලියට ගන්නවා. සියල්ලෝම විශ්වාස කරන්නේ, තරුණිය සමග හිටපු පිරිමි කෙනා මරන්න පැමිණිලා අතරතුරදී වැරදීමකින් තරුණියට වෙඩි තබලා කියලා. නමුත් ජේන් විසින් විශ්වාස කරන්නේ තරුණිය මරන්න පැමිණි වෙලාවක වැරදීමකින් පිරිමි කෙනාට වෙඩි තබලා කියලා. මේක නිසා ජේන් සහ ලිස්බන් යන දෙදෙනාට විමර්ශණය කරන්නේ පැතිකඩ දෙකක් ගැන. ජේන් පරීක්ශා කරන්නේ තරුණියගේ පාර්ශවය ගැන, එහෙත් මියගිය පුද්ගලයාට තමයි වැඩිපුර තරහාකාරයෝ ඉන්නේ. ඒක නිසා ලිස්බන් සහ කණ්ඩායම ඒ පාර්ශවය පිලිබඳව තමයි විමර්ශණය කරන්නේ. කොහොම නමුත් සියල්ලන්ටම අන්තිමට පිලිගන්න වෙනවා, තරුණියගේ පැත්තෙන් තමයි මේ මිනීමැරුමට මූලික සම්බන්ධය තියෙන්නේ කියලා. කොහොමහරි ඒකට හේතු වෙන්නේ පවුලක් තුල අනවබෝධය නිසා ඇතිවුණූ පවුල් ආරවුලක්. ඉතුරු අඩු ලුහුඬු විස්තර හොයාගන්න කතාව බලන්නම වෙනවා. ඒත් අන්තිමට කොහොමහරි මිනීමරුවාව අල්ලනවා. කතාව බලලා පලමුවෙන්ම අනුමාන කරන්න උත්සාහා කරන්න මිනීමරුවා කවුද කියලා.

මිනිස්සු මරාගන්නේ ප්‍රශ්ණ නිසා. ඒත් ප්‍රශ්ණ ඇතිකරගන්නේ මිනිස්සුම තමයි. ඒත් ප්‍රශ්ණ විසඳන්න මරාගන්නවාට වඩා හොඳ ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඒත් ඔක්කෝටම කලින් පුළුවන් විදියට ඉවසනවා නම්, මේවගේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ නෑ. ඒක නිසා ඔයාලත් මීලඟ කතාව එනකං, ඉවසීමෙන් ඉන්න.

එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,637 downloadsDownload The.Mentalist.S01E08.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,637 downloadsDownload Subtitles113 KB

30 comments

  1. Rasidu

    මරු මරු,ඉක්මනට දෙන ඒක නියමයි,Thankx

  2. udpedro

    Ha Ha kolla adath ekkamtama sub ekak aran avit .godak thanks

  3. kalindu

    thank bro ohoma denawanam digatama kiyala wadak na anikath hetama demu

  4. Shine

    iwasanna ba ban,,ikmanta dila danawa ithuru tikath ;) hehehehe thxx saho sub walata

  5. SHAN ( CITILIFE )

    THANK'S MACHO.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sajeevi

    thanks

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    තාම බෑවෙ නම් නෑ මේ කතා මාලාව
    අනිවා බානවා පස්සේ
    ජය

  9. sh

    supiri kathawa machan thanx sub walata

  10. I.W.M.S Ilangakoon

    ELAKIRI KATAWA MACHAN,,, THANKZ,

  11. Ashan

    thanx ... mama season 6 ma dwn kala ...dan balanena puluwan :p

  12. chana

    Thanks boss. niyamai ithuru tikath puluwan ikmanata denna hodeee... Ela ela

  13. චානක මධුරංග

    එළකිරි මචෝ. ඔන්න මං හෙට එනවා ඊළඟ එක අරගන්න. හැබැයි කතාව ගැන ලොකු විස්තරයක් නොදා ඉන්න පුළුවන් නම් නියමයි.

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      සොරි කොල්ලෝ. Season 3 ඉඳන් එහෙම නොකර ඉන්න බලන්නම්.
      දැනට ඔක්කෝම මම ලියලා ඉවරයි.

      මම හැමදාමත් බොහෝමයක් බලාපොරොත්තු වෙන්නේ
      ඔයා දෙනවා වගේ මගේ අඩුපාඩුවක් දැනගන්න පුළුවන් අදහස්.

      බොහෝම ස්තුතියි.

  14. prabhath

    thanks

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. චතුර බුද්ධික

    ඉක්මනට දියෝ....

  17. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ.

    දිගටම ගෙන්න.

    ජය වේවා.!

  18. yasiru

    thanks machan.........

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    Thanks for all replies......

    ආයු බෝ වේවා ___/|\__

  20. “චූටී මල්ලි”

    වැඩේ ලස්සනට ගලා
    යනවා මචෝ......
    සබට තුති
    ඔබට ජය............

  21. “චූටී මල්ලි”

    වැඩේ ලස්සනට ගලා
    යනවා ......
    සබට තුති
    ඔබට ජය............

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!

  25. tiron

    thankzzzzzzzzzzzzz

  26. LAKSHAN

    උපසිරැසියට තුති……

  27. LakshanD

    එල බං. ස්තූතියි

  28. nilanka_baiscop

    thanks

  29. Mano

    Godak ssthuthi.. jaya wewa!