The Mentalist කතා මාලාවේ 11 වන කතාවට උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. හැමදාම රෙඩ් ජෝන් ගැන කිව්වාට කවදාවත් එයාගේ ගැන කතාවක් බලන්න ලැබුනේ නෑ, අපි කාටවත්ම. මුල්ම කතාංගය බැළුවත්, ඒක රෙඩ් ජෝන් වගේ අනුකරණය කරපු තැනැත්තෙකුගේ කතාවක්. ඒත් අද කතාවේ රෙඩ් ජෝන් ගෑවිලා ඉන්නවා. ඉතිං මම කියන්නම් අද කතාවේ ඇබිත්ත…

The Mentalist කතා මාලාවේ 11 වන කතාවට උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. හැමදාම රෙඩ් ජෝන් ගැන කිව්වාට කවදාවත් එයාගේ ගැන කතාවක් බලන්න ලැබුනේ නෑ, අපි කාටවත්ම. මුල්ම කතාංගය බැළුවත්, ඒක රෙඩ් ජෝන් වගේ අනුකරණය කරපු තැනැත්තෙකුගේ කතාවක්. ඒත් අද කතාවේ රෙඩ් ජෝන් ගෑවිලා ඉන්නවා. ඉතිං මම කියන්නම් අද කතාවේ ඇබිත්තං සාරාශිය අදහසක්.
මේ කතාවේදී ජේන් සිර කඳවුරක සිටින ජෙරඩ් රෙන්ෆ්‍රෙව් කියලා අපරාධ කාරයෙකු හමුවෙන්න යනවා. ඔහු විසින් ජේන්ට රෙඩ් ජෝන් ගැන තොරතුරු කියන්න පොරොන්දු වෙනවා. හැබැයි එයාව හිරෙන් එලියට ගත්තොත් විතරයි. නමුත් ඔහු මිනීමැරුමක් කරලා හිරේ ගිය පුද්ගලයෙක්. ඒක නිසා ජේන්ට ඒක කරන්න පුළුවන් කමක් නැති බව කියා සිටිනවා. ඒත් ඔහු විසින් තරයේ කියා සිටින්නේ, ඔහු ඒ මිනීමැරුමක් සිදු නොකල බවයි. ඒක නිසාවෙන් රෙඩ් ජෝන් ගැන තොරතුරු ලබාගන්න, ජේන් විසින් ඔහු අසුවුණු මිනීමැරුම පිලිබඳව නැවතත් විමර්ශණය කරනවා. විසඳපු ප්‍රශ්ණයක් ඉහල නියෝගයක් නැතිව නැවතත් විමර්ශණයට භාජනය කරන්න CBI එකට බෑ. නමුත් ජේන් විසින් තනියම ඔහුගේ ගෙදරට ඇතුල් වෙලා විකාරයක් නටපු නිසා, ඒක මිනෙලිට දැනගන්න ලැබෙනවා. ඒක නිසා ඔහු විසින් ජේන්ට තරවටු කරනවා. එහෙම තරවටු කරලා ඉවරවෙලා ජේන්ට කියනවා, ඒක්කෝ ඒ ප්‍රශ්ණයෙන් පැත්තකට වෙලා ඉන්න, ඒක ගැන විමර්ශණය කරන්න ඕනේ නම් CBI කාර්යාංශයේ රැඳිලා ඉන්න එපා කියලා. ඒක නිසාම ජේන් CBI එකෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. ජේන්ගේ ඉවත්වීම නිසා ලිස්බන් ඇතුළු කණ්ඩායමේ සියළුමදෙනා ලොකු කැලඹීමකට පත්වෙනවා. නමුත් ඔවුන්ට වුනත් කරන්න දෙයක් නෑ. එයාලට මිනෙලි විසින් ඍජු නියෝගයක් පනවලා තියෙන්නේ, ඒකට මැදිහත් වෙන්න එපා කියලා. ඒත් ඒ නියෝග නොසලකාහැරලා හැමෝම එකට ජේන් වෙනුවෙන් කණ්ඩායමක් විදියට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මේ හේතුවෙන් මිනෙලි එයාලව රස්සාවෙන් ඉවත් කරන්න සැරසෙනවා. නමුත් මිනෙලි ජේන්ට උදව් කිරීම ප්‍රතික්ශේප කරන්නේ රජයේ රෙගුලාසි අනූකූලව වුනත්, ජේන්ට උදව් කරන්න තියෙන අකමැත්තක් නිසාවෙන් නෙමෙයි. මේ හේතුවෙන් මිනෙලි විසින් උප්පරවැට්ටියක් යොදලා නැවතත් ජේන්ට උදව් කරන්න එයාලට අවස්ථාවක් උදා කරලා දෙනවා. මේ අවසරයෙන් මෙයාලා ඇත්තම මිනීමරුවා හොයාගන්න කටයුතු කරනවා. මේ අතරේ හොඳ හොඳ සිදුවීම් සිදුවෙනවා. රෙඩ් ජෝන්ව අනතර්ජාලයෙන් සම්බන්ධ කරගන්නත් හැකිවෙනවා. නමුත් ඔවුන්ට ඔහුගෙන් වැඩි යමක් දැනගන්න ලැබෙන්නේ නෑ.
ජේන් විසින් ඇත්තම මිනීමරුවා හොයාගෙන ජෙරඩ් රෙන්ෆ්‍රෙව් නිදහස් කරගනීද? රෙඩ් ජෝන් ගැන තොරතුරු මෙයාලට දැනගන්නට ලැබෙයිද? ඒක හොයාගන්න එක ඔයාලගේ වැඩක්. මගේ වැඩේ පහලින් බාගන්න දීලා තියෙන්නේ. දැන් ඉතුරුහරිය ඔයාලට බාරයි. කතාව බලලා අඩු ලුහුඬු තැන් පුරවගන්න, මම මීලඟ කතාවට උපසිරැසි අරගෙන එනකං.
සියළුම දෙනාට ආයු – බෝ- වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,450 downloadsDownload The.Mentalist.S01E11.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
ruwan....
Chamara Kasun
පට්ට සහෝ... ඔයා දවසට එක ගානේ ගානට දෙනවා, සුපිරි.... මේ උපසිරැසිය දෙනකන් තමා බලන් හිටියේ, උපසිරැසියත් ලස්සනට දෙනවා, බලන්ඩත් ආසයි... ජය වේවා සහෝ!!!!!!!
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
elzzzz
jaya“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය......Ravindu
elama tamay..anik tikat ikmanta danna hodey..thank uuuuuuuuuuuu
prabhath
thanks
yasiru
thanks saho....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
චන්දිම අමරසිංහ
ඔන්න බැවා සුභපැතුම්.
තිලංක
පට්ට සහෝ....... අනිකත් ඉක්මනටම දෙන්න
චානක මධුරංග
එළකිරි මචං. හැමදාම ඕන.
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks saho
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
sami
Thanks saho ....!!!
LAKSHAN
උපසිරැසියට තුති……
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elakiri saho