ඔන්න The Mentalist පලමු සමයේ තවත් කතාංගයකින් මම උපසිරැසි රැගෙන ආවා. අද කතාවත් සමග අඳුරු මායාවන් එහෙම එකතු වෙලා තියෙන්නේ. ඒත් මේක විද්‍යා ප්‍රබන්ධයක්වත්, බය හිතෙන කතාවක් වත් නෙමෙයි. ඒත් අද මියගිය කෝඩි එල්කින්ස් නම් තරුණයා මියගිහිල්ලා තියෙන්නේ අඳුරු මායාවන් නිසා. එහෙම පේන්න හේතුව තමයි, මියගිය ශරීරය ව…

ඔන්න The Mentalist පලමු සමයේ තවත් කතාංගයකින් මම උපසිරැසි රැගෙන ආවා. අද කතාවත් සමග අඳුරු මායාවන් එහෙම එකතු වෙලා තියෙන්නේ. ඒත් මේක විද්‍යා ප්‍රබන්ධයක්වත්, බය හිතෙන කතාවක් වත් නෙමෙයි. ඒත් අද මියගිය කෝඩි එල්කින්ස් නම් තරුණයා මියගිහිල්ලා තියෙන්නේ අඳුරු මායාවන් නිසා. එහෙම පේන්න හේතුව තමයි, මියගිය ශරීරය වටේට අඳුරු මායාවන් කරපු බවට සලකුණු තියෙන නිසා. ඒත් ඇත්තටම ව්‍යසකයා මියගිහිල්ලා තියෙන්නේ, හිසට යකඩයකින් සිදුකල පහරදීමක් නිසාවෙන්. ඒක නිසා මේක අඳුරු මායාවන් කෙසේ වෙතත්, මනුස්සයෙකු විසින් කරපු මිනීමැරුමක් නිසා CBI එකට මේක විසඳන්න බාරවෙනවා.
පලමුවෙන්ම CBI එකට විමර්ශණය බාරවෙන්නේ අතුරුදහන් වුනු කෙනෙකු සොයන විදියට. නමුත් ජේන්ට විශ්වාසයි ළමයා මැරිලා කියලා. ඒක නිසාම පොඩි වැඩකෑල්ලක් දාලා පොඩි ළමයි පිරිසකගෙන් එයා කෝඩි එල්කින්ස් ඉන්න තැන දැනගන්නවා. එතැන ඉඳන් තමයි ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම මිනීමැරුම ගැන විමර්ශණය කරන්න පටන්ගන්නේ. මෙතැනදී ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සිටිනවා. පලමු කෙනා වෙන්නේ ව්‍යසකයාගේ පාපන්දු ගුරුවරයා. දෙවනි කෙනා තමයි අඳුරු මායාකර්මයන් කරන යක්දෙස්සී (මායාකාරී). කවුරුත් දන්නවා මායාකර්ම විකාරයක් විතරයි කියලා, ඒත් චෝ කොච්චර චන්ඩියෙක් වුනත් මායාකර්ම වලට බයයි. ජේන් ඒක විහිළුවකට අරගෙන තමයි ඉන්නේ. ඒත් චෝ ඉන්නේ ලොකු බයකින්. ජේන් විසින් යක්දෙස්සියට කියලා චෝට බන්දනයක් කරවනවා. ඒකෙන් චෝ ජේන් එක්ක හිතේ පොඩි තරහකින් ඉන්නේ. විමර්ශණය පුරාවටම හරිම සිත්තැවුලකින් තමයි ඉන්නේ. ඒ වුනාට පස්සේ ජේන් විසින් පොඩි උපායක් යොදලා චෝගේ බය නැතිකරනවා. ඒ වගේම තමයි ජේන් විසින් බොරු විකාරයක් වුනත්, මැජික් වලින් පොඩි වැඩක් ගන්නවා මිනීමරුවා අල්ලන්න. ඒ ක්‍රමේට ජේන් විසින් කොහොමහරි මැජික්බලෙන් මිනීමරුවාගේ හොර බොරු ඔක්කෝම අල්ලගන්නවා. ඒක කරන විදිය සහ මිනීමරුවා තමයි වැදගත් වෙන්නේ. කොහොම නමුත් අපරාධකාරයා ජේන් විසින් අල්ලගන්න සැකයක් නෑ නේ.
මැජික් කොච්චර බොරු වුනත් අන්තිමේදී ඒකෙන් මිනීමරුවා අල්ලනහැටි ඔයාලාම බලන්නකෝ. මේ ලෝකේ කොච්චර වැඩකට නෑ කියලා දේවල් තිබුණත්, ඒවායෙන් ප්‍රයෝජනයක් නැතිවෙන්නේ ඒවා නිවැරදිව ප්‍රයෝජනයට ගන්න ආකාරය දන්නැති නම් විතරයි. කොටින්ම කිව්වොත් මේ කතාවෙන් කුකුල් බෙටිත් බෙහෙතට ගත්තා වගේ වැඩක් තමයි කරන්නේ. කොහොමහරි මම ඊලඟ උපසිරැසියත් අරගෙන එනවාම තමයි.
එහෙනං හැමෝටම ආයු -බෝ වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,427 downloadsDownload The.Mentalist.S01E12.zip180 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
චතුර බුද්ධික
චතුර බුද්ධික
අඩේ මම එක!!! :P
චන්දිම අමරසිංහ
ඔන්න බැවා සුභපැතුමි.....
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!prabhath
thanks
sajeevi
thanks
udpedro
hey mchng ,,,,,,sub ekata thanks hodeh ,,,Thawayh sub ekakin hamba wemu....
Shine
ela ela ...thanksss
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suresh
thanx mcn sub akata...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........Sach
Thanks !
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
LAKSHAN
බොහොම ස්තූතියි
LakshanD
ස්තූතියි සහෝ ️
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල මචන් එනකම් හිටියේ..