Watch Trailer

The Mentalist [S01 : E13] | සිතුවමේ පලහිලව්ව… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 13වන උපසිරැසිය තමයි මම අද දෙන්න හදන්නේ. හැබැයි කවුරුත් බලන්න කලියෙන් දැනුවත් වෙලා ඉන්න. පලමු මිනිත්තුවයි තත්පර තිහ තුල (1: 30) +18 කෑල්ලක් යන විත්තිය. පොඩි උදවිය එක්ක බලනවා නම් පොඩ්ඩක් එයාලට මොකක්හරි වැඩක් කියලා එලියට යැව්වොත් හොඳයි ☺. අද කතාව තියෙන්නේත් මිනීමැරුමක් ගැනම තම…

Mentalist 2

The Mentalist කතා මාලාවේ 13වන උපසිරැසිය තමයි මම අද දෙන්න හදන්නේ. හැබැයි කවුරුත් බලන්න කලියෙන් දැනුවත් වෙලා ඉන්න. පලමු මිනිත්තුවයි තත්පර තිහ තුල (1: 30) +18 කෑල්ලක් යන විත්තිය. පොඩි උදවිය එක්ක බලනවා නම් පොඩ්ඩක් එයාලට මොකක්හරි වැඩක් කියලා එලියට යැව්වොත් හොඳයි ☺. අද කතාව තියෙන්නේත් මිනීමැරුමක් ගැනම තමයි. නමුත් ඒ පිටුපස පොඩි චිත්‍ර හොරකමකුත් තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි හැරී ලෑශ්ලි. ඔහුව ඝාතනය කරලා තියෙන්නේ ඔහු වැඩ කරන සමාගමේ ප්‍රධානියාගේ කාර්යාල කාමරය ඇතුලේ. කතාව බැළුවොත් මෘත ශරීරය හොයාගන්න හැටි බලාගන්න පුළුවන්. ඒක මට මෙතැන ලියන්න අමාරුයි. (ඒ වචනේ ටයිප් වෙන්නේ නැද්ද කියලා අහන්න එපා). කොහොමහරි මෘතශරීරය හොයාගත්තු කෙනාගෙන් ඒක හමුවුනු විදිය ගැන අහද්දී, එයා කියන්නේ අමුතුම කතාවක්. ඒත් ජේන් විසින් වැඩේ ගැන ඉව වැටිලා, එතැන ඉන්න ආරක්ශකයාගේ රෙදි ගැලවෙන්නම වෙච්ච සිදුවීම ගැන සවිස්තරාත්මකව හෙලිදරව් කරනවා. අන්න එතැන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.

CBI එකෙන් දැනගන්නවා මෝරෝ නමින් තිබෙන සිතුවමක් මිනීමැරුමත් සමගම හොරකම් කරලා තිබෙන බව. ඒක නිසා මෙය හොරකමක් වගේම මිනීමැරුමක් බවට පත්වෙනවා. ඒ කියන්නේ චිත්‍රය සොරගත්තු කෙනා හොයාගත්තා කියන්නේ, මිනීමරුවා අල්ලාගත්තා වගේ තමයි. ඒක නිසා චිත්‍රය හරියටම ප්‍රයිමරි කී එකක් (මූලික යතුරක්) වගේ දෙයක් බවට පත්වෙනවා. ඒක නිසා මෙයාලා දැන් විස්තර හොයන්නේ චිත්‍රය ගැන. මේ චිත්‍රය ගැන තොරතුරු හොයාගෙන යද්දී හොයාගන්න පුළුවන් වෙනවා, ඒ චිත්‍රය වගේම තවත් ආකෘතියන් කිහිපයක්ම නිර්මාණය කරලා තිබෙන බව. ඒ වගේම චිත්‍රයේ ආකෘතියන් හොයාගන්න විදිය ගැන චිත්‍රයේ ආකෘති හදපු කෙනා විසින්ම කියලා දෙනවා. චිත්‍රයේ නීත්‍යානුකූල අයිතිකාරයාගේ දුවගේ ස්වාමියා තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. ඒත් ඒ මනුස්සයාට දුක තමුන්ගේ දූවගේ මනුස්සයා නැතිවුනු එකට වඩා තමුන්ගේ චිත්‍රය නැතිවීම. මේ චිත්‍රය මිලියන $50ක් විතර වටිනවා. චිත්‍රයේ අයිතිකාරයාගේ නම තමයි ඒ.පී කේඩ් කියන්නේ. බිත්තියේ තිබුණු චිත්‍රය ව්‍යාජ එකක් කියලා තමයි මොහු පවසන්නේ. ඔහුගේ නියම පිටපත සේප්පුවක දාලා ආරක්ශා කරලා තිබෙන බව ඔහු විසින් කියනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු ඒක හැමෝටම පෙන්නනවා. ඒත් ජේන් විසින් චිත්‍රය පරීක්ශා කරලා බැළුවට පස්සේ දැනගන්නවා, ඒකත් ව්‍යාජ චිත්‍රයක්මයි කියලා. එවිට තමයි ඔහු දැනගන්නේ තමුන් ගාව මෙච්චර කාලයක් බිත්තියේ එල්ලලා තියෙන්නේ නියම චිත්‍රය බවත්, සේප්පුවේ තැන්පත් කරලා තියෙන්නේ ව්‍යාජ එකක් බවත්. පසුව ඇත්තම චිත්‍රය ශර්ලි ඔර්ලොව් කියලා බොහොම බලපුළුවන්කාර රුසියානුවෙකුට විකුණපු බවක් දැනගන්නනට ලැබෙනවා. ඒක නිසා ජේන් ලිස්බන්ටත් හොරා චෝ සහ රිස්ග්බි එක්ක එතැනට ගිහිල්ලා සිතුවම හොරකම් කරගෙන එනවා. ජේන් විසින් බොහොම සීරුවට තමයි ඒක කරන්නේ. අන්තිමට ඒ සිතුවමත් ව්‍යාජ එකක් බවට ඔප්පු වෙනවා. එතකොට ඇත්තම සිතුවම තියෙන්නේ කොහේද? මිනීමරුවා කවුද? මේක තමයි ගැටළුව.

ගැටළුවට විසඳුම් චිත්‍රපටයේ ඇතිනිසා මම ඒක කියන්න යන්නේ නෑ. ඒත් අන්තිමේදී හොඳ උපදේශයක් මේ කතාවෙන් අපිට දෙනවා. ඒක තමයි “මිලියන ගාණක් වටින මැණිකකට වඩා, තමුන්ගේ දරුවන්ට තමුන් වටිනාකමක් දියයුතු බව”. එහෙනං ලබන උපසිරැසියත් අරගෙන බොහොම බොහොම ඉක්මනින් මම දුවලා එන්නම් .

හැමෝටම ආයු -බෝ- වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,342 downloadsDownload The.Mentalist.S01E13.zip506 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,342 downloadsDownload Subtitles506 KB

20 comments

  1. Nimasha Wijewardana

    thak you very much sahoo

  2. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු තැන්ක්
    ජයම වේවා
    තාම බෑවේ නෑ
    වෙලාවක
    බාන්නම්
    ජය වේවා

  3. sajeevi

    thanks

  4. Eranda

    රෑ වෙනකන් ඉන්නේ නැතුව අද නිවාඩු දවසේ කලින්ම දුන්නට ස්තුතියි සහෝ :)

  5. Ravindu

    elama tama bro..thank u..anikwat mehema ikmantama onaa..

  6. චතුර බුද්ධික

    හම්මේ අද නම් කලින් දීලා.. තැන්කු වෙන්න ඕනි..

  7. ishara

    thanks shoo

  8. “චූටී මල්ලි”

    මේකෙ නම දකින කොට
    චන්දම මෙන්ඩිස් මහත්තයා
    ශර්ලොක්ගෙ කතාවලට දාපු නම් මතක් වෙනවා
    සබට තුති
    ඔබට ජය.........

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      අනිවා !!!
      ඒ ඔක්‍-කෝම පොත් තියෙව්වා.
      ඒ පුරුද්දටද කොහේදෝ මගේ හිතට මේ නම ආවානේ.
      මම දාපු නම් වලින් මම හරියන නමක් දැම්මේ මේකට විතරයිදෝ කොහේදෝ.
      මම නම් දැමිල්ලට එහෙම දුර්වලයි.

      ආයු- බෝ- වේවා !!! __/|\__

    2. “චූටී මල්ලි”

      ආහ් එහෙනම් ඒක තමයි
      ඒ පොත් ටික නම් මරු බන් නෙ
      මම නම් ආසම පොත් සෙට් එක
      මාත් ඔක්කොම කියවලා එකතු කරන් ඉන්නෙ
      මේ පාර බුක් ෆෙයා එක වෙනුවෙන්
      පොතක් දැම්මොත් හොදා
      එල එල .......

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Sach

    Thanks !

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  12. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  15. chathura prabashwara

    මචන් ටිකක් වෙලා ගිහින් sub අවුල් යනවනේ අැයි බන් එ්

  16. LakshanD

    ස්තූතියි සහෝ ️

  17. nilanka_baiscop

    thanks

  18. Mano

    Godak sthuthi.. Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.