අද The Mentlist කතා මාලාවේ දෙවනි සමයේ 17 වෙනි කතාංගය පාදක වෙන්නේ සාමාන්‍ය තත්වයේ මිනීමැරීමක් මත. ඒත් මිනී මැරීම කියන වචනේ පාවිච්චි කරන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා, හරිම පුදුම වැඩක් එතැන සිදුවෙන නිසා. ඒකෙන් කට්ටියම හොඳටම තක්බීරි වෙලා යනවා. මම කියන්නේ නෑ ඒ මොකක්ද කියලා. කොහොම හරි මිනිය පරීක්ශා කරපු ජේන…

අද The Mentlist කතා මාලාවේ දෙවනි සමයේ 17 වෙනි කතාංගය පාදක වෙන්නේ සාමාන්‍ය තත්වයේ මිනීමැරීමක් මත. ඒත් මිනී මැරීම කියන වචනේ පාවිච්චි කරන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා, හරිම පුදුම වැඩක් එතැන සිදුවෙන නිසා. ඒකෙන් කට්ටියම හොඳටම තක්බීරි වෙලා යනවා. මම කියන්නේ නෑ ඒ මොකක්ද කියලා. කොහොම හරි මිනිය පරීක්ශා කරපු ජේන් විසින් හොයාගන්නවා රතුපාට පෙට්ටියක්. ඒ පෙට්ටිය ඇතුලේ තිබුණු දේ නිසා, මිනීමැරීම සිදුවෙලා තියෙන්නේ කියලා තමයි ජේන්ගේ අදහස.
මේ කතාවේදී පැරණී වර්ජිල් ලොක්කා වෙනුවට, අළුතින් හයිටවර් කියලා ලොක්කෙක් එනවා කියලා දැනගන්න ලැබෙනවා. ලිස්බන් මේක ගැන පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. ජේන්ට මේක දැනිලා හොඳටම මේක අල්ලගෙන හෙට්ටු කරනවා. ඒ අතරේ රිස්ග්බිගේ පැරණි යාළුවෙකුත් හමුවෙනවා. එයාගේ නම තමයි බැන්ඩීනෝ. මෙයා තමයි මිනීමැරීම සිදුවුනු ස්ථානයේ ආරක්ශක පද්ධතිය සවිකරලා තියෙන්නේ. ඒ එක්කම එකපාරටම අළුත් ලොක්කා වන හයිටවර් නෝනාත් එතැනට සම්ප්‍රාප්ත වෙනවා. ලිස්බන්ට වගේම තමයි මට වුනත් එයාව එච්චර දිරවන්නේ නෑ, (ඒත් මම මොනවා කියලා කරන්නද?) එයා කියන විදියට, ජේන් කරන මොන ජිල්බරියකට වුනත්, බෙල්ල තදවෙන්නේ ලිස්බන්ගේ. මේක නිසා ලිස්බන් නොසතුටෙන් තමයි ඉන්නේ. හයිටවර් විසින් ජේන්ට පවා ලිස්බන්ට තියෙන රෙගුලාසිය ගැන කියනවා. එහෙම තමයි අළුත් ලොක්ක වැඩ පටන් ගන්නේ. ඒ අතරේ එන්ගලන්තේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙනුත් කෙනෙක් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. එයා කවුරුවත් නෙමෙයි, මැරුණු කෙනාගේ තාත්තා. මේ කොල්ලා එන්ගලන්තේ කෞතුකාගාරෙන් ක්ලියෝපැට්රාගේ මුද්ද උස්සලා, ඒකත් අරගෙන තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. දැන් මීනීමරුවා අල්ලන උප්පරවැට්ටියට හීන් නූලෙන් ගැටයක් දමලා, ජේන් මිනීමරුවාව අල්ලනවා. ඒ වගේම තමයි කතාව අවසානේ හයිටවර්ට රිස්ග්බිගේ සහ වෑන් පෙල්ට්ගේ පලහිලව්ව ගැන ඉව වැටෙනවා. ඒ කියන්නේ කන කොකා ඇඬුවාම තමයි. මොකද කිව්වොත් ඇය හද්දම ඉස්කුරුප්පු ඇණයක් නිසා.
කතාවෙන් කතාව මම දැන් 40ට ආවා. කරන තරමක් මේකෙන්ම තමයි. මෙතෙක් කාලයක් බලලා හිනාවුනාට, තේරුමක් ඇතිව කතාව බලන්න දායක වුනාට, මට සතුටුයි. ඒ සතුටත් එක්කම තවත් ඉදරියට රැඳිලාම ඉන්නවා. මේක විතරක්ම නෙමෙයිනේ ජීවිතේ, එදිනෙදා කටයුතු අතරින් ලැබෙන නිවාඩුවෙන් ඇතිපදං උපසිරැසි සතුටින් දෙන්න මම සූජානම්.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,099 downloadsDownload The.Mentalist.S02E17.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
Samith
Amila
thank you wewa.......
Ravi
patta pata pata.. :)
digatama demu sahoo mama season 3 banna damma.. :)Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
jamson
Thanks mate
prabhath
thanks
Sach
Thanks !
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ සුභපැතුම්..
දිගටම කරගෙනයමු...
ජයවේවා..!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබර තුති
ඔබට ජය.........Akalanka
ela ela.........
lakshan
සබ් එකට බොහොම ස්තුතියි සහො
LakshanD
ස්තූතියි සහෝ ❤️
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyami machoo.. keep it up!