Watch Trailer

The Mentalist [S03 : E08] | තවත් පලිගැනීමක්… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist තුලින් ගැටළු සහගත අකරතැබ්බයකට විසඳුම් දෙන, කතාංගයකට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. මිනීමැරුමක් විසඳුවා කියන්නේ බොහෝදුරට වැරදිකාරයෙක් හිරේට යනවා, නැතිනම් ලංකාවේ වගේ පැනලා යන්න හදද්දී වෙඩි කාලා මැරෙනවා. (ලංකාවේ බොහෝදුරට වෙන්නේ, පැනලා යද්දී වෙඩි කාලා මැරෙන එක) මේ මොන විදියෙන් වුනත් කවුර…

Mentalist 3
The Mentalist තුලින් ගැටළු සහගත අකරතැබ්බයකට විසඳුම් දෙන, කතාංගයකට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. මිනීමැරුමක් විසඳුවා කියන්නේ බොහෝදුරට වැරදිකාරයෙක් හිරේට යනවා, නැතිනම් ලංකාවේ වගේ පැනලා යන්න හදද්දී වෙඩි කාලා මැරෙනවා. (ලංකාවේ බොහෝදුරට වෙන්නේ, පැනලා යද්දී වෙඩි කාලා මැරෙන එක) මේ මොන විදියෙන් වුනත් කවුරුහරි හිරවෙනවා. ඒකෙන් සාධාරණය ඉශ්ඨ කරන පොලිස්කාරයොන්ට තවත් තරහාකාරයෝ වැඩිවෙන එක තමයි වෙන්නේ. කොහොම වුනත් අවංකව පොලිස් රස්සාව කරන මනුස්සයෙක් කොච්චර සාධාරණ විදියට රස්සාව කරාද කියන එකේ මිනුම් දණ්ඩ තමයි තරහාකාරයෝ. අන්න ඒ වගේ කෙනෙක් තමයි The Mentalist කතාවේ ඉන්න පැට්‍රික් ජේන් කියන්නේ.

ජේන් විසින් විසඳපු මිනීමැරුම් සහ තවත් අපරාධ හේතුවෙන් ගොඩක් අය ජේන් එක්ක තරහින් තමයි ඉන්නේ. ඒ තරහාකාරයෝ බොහෝ වෙලාවට ජේන්ගෙන් පලිගන්න වෙලාවක් එනකං තමයි බලාගෙන ඉන්නේ. එවැනි සිදුවීමක් තමයි අදත් කතාවේදී මූලික වෙලා තියෙන්නේ. පලමු සමයේ 16 වෙනි කතාව මතක නම් ඔයාලා දන්නවා, මේ වගේම පලිගැනීමේ චේතනාවෙන් සිදුවුනු සිදුවීමක් ගැන. ඒත් අද කතාවේදී ජේන්ගෙන් පලිගැනීම සඳහා ඔහුව පැහැරගන්නවා. ඒත් ඔහු විසින් කොහොමහරි ඒක ගැන ලිස්බන්ට දැනුම් දෙන්න කටයුතු කරනවා. ඒත් CBI එකට ජේන් සිටින තැන පිලිබඳ හෝඩුවාවක් දැනගන්නවත් ලැබෙන්නේ නෑ. මේක නිසාවෙන් CBI සිටින හැම කෙනෙක්ම එකතුවෙලා කරන්නේ ජේන්ව හොයන එක තමයි. ඒත් මේ විමර්ශණයේදී පලමු සමයේ ආරම්භක කතාවේ හිටපු කෙනෙක්ගේ උදව්වෙන් පොඩි හෝඩුවාවක් දැනගන්නවා. එතැන් පටන් තමයි මෙයාලා විමර්ශණය සාර්ථකව කරන්නේ.

ඒත් අපි නොදන්න දේවල් තමයි, කවුද ජේන්ව පැහැරගත්තේ? මොකද ජේන්ව පැහැරගත්තේ? ජේන් කොහොම මේ උගුලෙන් බේරේවි ද? CBI වලින් ජේන්ව හොයාගනීවි ද? මේ ප්‍රශ්න වලට කතාව අනුසාරයෙන් පිලිතුරු සපයන්න කියලා, මම තවත් උපසිරැයක් එක්කම එන්නම් කියලා සමුගන්නවා.

ආයු- ‍බෝ- වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,116 downloadsDownload The_.Mentalist.S03E08.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,116 downloadsDownload Subtitles127 KB

15 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

  2. sajeevi

    thanks

    1. samin

      SMALLVILLE hari X FILE ekata sub denawanam niyamai

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Sach

    සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!!!

  5. Ashan

    ikmanata anith sub tikath danna
    jaya wewa

  6. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. prabhath

    thanks ela

  8. ලසා

    සහෝ මංචි ටිකිරි මාරී පැකට් එකක් අරං දෙන්නම්.ඉක්මනට ඉතිරි සබ් ටිකත් දියන් හොඳේ.

  9. වරුණ රංගජිත් (වරූ)

    පට්ට ආ...
    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  10. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  14. Mano

    Godak sthuthi.. Jaya wewa!