අද කතාවේදී කලින්ම පෙන්වනවා මරණය සිදු වෙන්නේ කොහොමද කියලා. මරණය සිදු වෙන්නේ මෙන්න මෙහෙමයි. ආධාර එකතු කිරීමේ උත්සවයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි, ඒ උත්සවයට උත්සවාකාරයෙන් ආරාධිත අමුත්තන් පැමිණෙනවා. මේ විදියට අමුත්තන් පැමිණි කාර් එකක් උඩට තරුණියක් බැල්කනියේ ඉඳන් වැටෙනවා. ඊට පස්සේ තමයි ම…

අද කතාවේදී කලින්ම පෙන්වනවා මරණය සිදු වෙන්නේ කොහොමද කියලා. මරණය සිදු වෙන්නේ මෙන්න මෙහෙමයි. ආධාර එකතු කිරීමේ උත්සවයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි, ඒ උත්සවයට උත්සවාකාරයෙන් ආරාධිත අමුත්තන් පැමිණෙනවා. මේ විදියට අමුත්තන් පැමිණි කාර් එකක් උඩට තරුණියක් බැල්කනියේ ඉඳන් වැටෙනවා. ඊට පස්සේ තමයි මේක විසඳන්න CBI එක මෙතැනට එන්නේ.
CBI එක මෙතැනට ආවත් ජේන් මෙතැනට එන්නේ නෑ. ඔයාලට මතක ඇති විදියට 16 වෙනි කතාංගයේදී ලොරලායි සහ ජේන් දෙන්නා එකතු වෙලා ජේසන් ලෙනන් කියලා රෙඩ් ජෝන් දන්න කියන කෙනෙක්ව අල්ලා ගත්තා. ඒත් ලොරලායි රෙඩ් ජෝන් කවුද කියලා ජේන්ට කිව්වේ නෑ. ඒ වගේම තමයි රෙඩ් ජෝන් කවුද කියලා දැනගන්න හිටපු ජේසන් ලෙනන්ට ලොරලායි වෙඩි තිබ්බා. මේක නිසා දැන් ජේසන් ලෙනන් හෝම්ලෑන්ඩ් ආරක්ශක අංශය යටතේ තමයි ඉන්නේ. ඒ වගේම ජේසන් ලෙනන් කෝමා එකෙන් එලියට ගන්නකං ජේන් එයාගේ ලඟට වෙලා රැකගෙන ඉන්නවා. මේක නිසා ලිස්බන් තරමක් ජේන් එක්ක ඔරොප්පු වෙලා තමයි ඉන්නේ. කොහොමහරි ජේන් මිනීමැරුම සිදුවුනු තැනට එනවා. ඒ වගේම තමයි ලොස් ඇන්ජලීස් වල වයිට් හැට් හැකින් වැඩ ඉගෙන ගන්න ගියපු වෑන් පෙල්ට් මේ කතාවේදී ආපහු CBI එකට එනවා. (එයා පොඩ්ඩක් මහත් වෙලා. කොහොමහරි කතාව හදපු කාලේ වෙන්න ඇති කසාද බඳින්න ඇත්තේ. 😉 ) කොහොමහරි ජේන් ජේසන් ලෙනන් ගැන ඇහැ ගහගෙන ඉන්න ගමන්ම මේ කේස් එක ගැනත් විමර්ශණය කරනවා. අන්තිමේදී මිනීමරුවා අල්ලගන්න යන්නේ ලරෝශ්වත් ඇදගෙන.
අපි බලමු ජේන් මේ කතාවේදී මොන වගේ දෙයක් කරාවිද කියලා මිනීමරුවා අල්ල ගන්න. ඒ වගේම මිනීමරුවා කවුරු වෙන්න පුළුවන් ද? ඒක ගැන දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ඇරයුම් කරන ගමන්ම මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,721 downloadsDownload The.Mentalist5x18.baiscopelk.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
dila
Sach
සබට තුති සහෝ !!!
Kasun Widusha
thanks bro................
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kalana
thanks bro
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sarath
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වෑන් පෙල්ට් ආපහු එනවද? පට්ට. :-D
ජය වේවා. !R.D
Thanks Bro......
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…Gossip12
සබ් එකට බොහොම ස්තුතියි..
LakshanD
ස්තූතියි මචං. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx bn