ඔන්න ඉතිං අදත් කතාවට බහින්නයි මගේ සූදානම. හදිසි අය කතාව නොකියවා කමෙන්ටුවක් නොදා යන්න. අපේ සදාචාර සම්පන්න ගුණගරුක පින්වතුන් ඉන්නවා නම් කතාවත් කියවලා යටින් කොමෙන්ටුවක් දාගෙන යන්න. හොඳේ….. 🙂 අද කතාව ආරම්භයේම මිනිහෙක් එනවා තවත් කෙනෙක්ව හමුවෙලා ගොඩනැගිල්ලක ඉඩ කොටසක් මිලදී ගන්න. කොන්ත්‍රාත්කාරයා වටපිටාව…

ඔන්න ඉතිං අදත් කතාවට බහින්නයි මගේ සූදානම. හදිසි අය කතාව නොකියවා කමෙන්ටුවක් නොදා යන්න. අපේ සදාචාර සම්පන්න ගුණගරුක පින්වතුන් ඉන්නවා නම් කතාවත් කියවලා යටින් කොමෙන්ටුවක් දාගෙන යන්න. හොඳේ….. 🙂
අද කතාව ආරම්භයේම මිනිහෙක් එනවා තවත් කෙනෙක්ව හමුවෙලා ගොඩනැගිල්ලක ඉඩ කොටසක් මිලදී ගන්න. කොන්ත්‍රාත්කාරයා වටපිටාව පෙන්වන අතරතුර ඒක මිලට ගන්න ආපු කෙනා එයාව මරලා දාලා වීදුරුවක සිදුරක් කපලා පහලින් වාහනේකින් බැහැලා යන මිනිස්සු 3 දෙනෙකුට ස්නයිපර් එකකින් වෙඩි තියලා මරලා දානවා. ඇත්තටම කිව්වොත් මෙයා කුලී මිනීමරුවෙක්. මේ අතරතුර අපේ ජේන් සහ ලිස්බන් ජෝඩුව චිකාගෝ ගොහිං ආතල් එකේ තමයි ඉන්නේ. ඒ අතරතුරේ ලිස්බන්ට කෝල් එකක් එනවා මේ කේස් එකට සහභාගී වෙන්න එන්න කියලා.
අද කතාවේදී ප්‍රධාන වශයෙන් මුලින්ම මැරෙනවා පෙන්වන්නේ මිනීමැරුම් නඩුවක ප්‍රධාන විත්තිකරුවෙකු වුනු “එඩ්වර්ඩ් හූ” කියන කෙනා. ඊට අමතරව ඔහුගේ ආරක්ශාවට ඔහුගේ දෙපසින් ගමන් කරපු FBI නියොජිතයෝ දෙන්නාවත් මරලා දානවා. ඇත්තටම කිව්වොත් මේ කේස් එක ලැබෙන්නේ ඇබට් ප්‍රමුඛ කන්ඩායමට නෙමෙයි. මේක භාර වෙලා තියෙන්නේ නියොජිත ස්පැක්මන්ට. ඔයාලට මතක ඇති 7 වෙනි සමය ආරම්භයේදීම මෙයාම තමයි ඇබට් ප්‍රධාන කණ්ඩායමට කේස් එකක් බාර දෙන්නේ. කොහොමහරි මේ මැරුණු එඩ්වර්ඩ් හූ කියන කෙනා සාක්ශි දෙන්න ඉඳලා තියෙන්නේ කෙල්වින් බිටේකර් කියන කෙනා කරපු මිනීමැරමක් වෙනුවෙන්. ඒත් මේ මැරුණු එඩ්වර්ඩ් හූ විතරක් නෙමෙයි මේ මිනීමැරුම ඇසින් දුටු එකම සාක්ශිකාරයා. ඇත්තටම කිව්වොත් තවත් ඉතිරි වෙලා ඉන්නේ එකම එක සාක්ශිකාරියක්. මැය තරුණ මවක්. මැයගේ නම තමයි ලිලී ස්ටොපාර්ට්. මේ තැනැත්තියට මිනීමැරුමට සාක්ශි දෙන්න ඕනේ වුනත්, මේ ගෑණු කෙනාගේ සැමියා නම් මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකට හේතුව තමයි මැයව මරන්නත් මිනීමරුවා පස්සෙන් එන නිසා. නමුත් මැයගේ සාක්ශිය නැතිව ස්පැක්මන්ගේ කණ්ඩායමට අල්ල ගන්න බැරි වුනු බිටේකර් පවුලම අල්ල ගන්න විදියක් නෑ. මේ පවුලේ හැමෝම අපරාධ වලට සහ ජාවාරම් වලට සම්බන්ධයි. ඒක නිසා FBI වලට ලිලී ස්ටොපාර්ට්ගේ සාක්ශි ගොඩක්ම අවශ්‍යයි. මේක නිසා පලමුවෙන්ම ස්පැක්මන් ජේන්ගේ උදව් ඉල්ලා සිටින්නේ ඇයව සාක්ශි දෙන්න කැමති කරවාගන්න කියලා. මේ වැඩෙන් පස්සේ ඇබට් ඇතුලු කණ්ඩායමට ඉතිරිවෙන ලොකුම අභියෝගය තමයි, මේ කූලී ඝාතකයා අල්ලා ගැනීම සහ ලිලී ස්ටොපාර්ට්ව කුලී ඝාතකයාගෙන් ආරක්ශා කිරීම. මේ මිනීමරුවාගේ නම තමයි ලයිඩන් කියන්නේ. මේ ලයිඩන්ගෙන් ලිලී ස්ටොපාර්ට්ව ආරක්ශා කරගෙන උසාවියට ගේන්න ජේන් විසින් පුංචිපහේ ක්‍රියාදාම සමන්විත ලොකු සැලැස්මක් හදනවා.
අපි බලමු ජේන් මේ මිනීමරුවාගෙන් ලිලී ස්ටොපාර්ට්ව බේරගෙන කොහොමද උසාවියට ආරක්ශිතව ගේන සැලැස්ම ගහන්නේ කියලා. ඒ වගේම FBI එකේ අය එකතු වෙලා කොහොමද මේ කුලී ඝාතකයාව අල්ල ගන්නේ? කතාව බලලාම මේවා දැනගමු නේද?
ආයු -බෝ -වේවා !!!
6895A2B35AFA926ACA1072D6CE0897663D7A7843 1107494B1C8A6D9E91C34D8BCDF61A65F7CFB538 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,920 downloadsDownload The-Mentalist-S07E08.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
හිට්මැන්
R.D
Sub ekata thanks........But kathawanam kiyawanda be.ethakota aul wage.
Dasun
thanks bro
Lahiru
Patta...
ලසා
elaz!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dharshana....
thanks....
janit
tnx saho sub ekata ..
දුලාජ් නලින්ක
බොහෝම ස්තූතියි...සහෝ සබට
Amila
Thank you wewa....
sajeevi
thanks
malaka
thanks
prabhath
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........sri
thanks machan................
Ashan
Patta niyamai super
Gossip12
නියමයි
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :D