Watch Trailer

The Mentalist [S07 : E11] with Sinhala Subtitles| අභිරහසක ඇරඹුම.. [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවත් දුන්නා. අද පොඩ්ඩක් පරක්කු වෙලා තමයි මේක දාන්න වුනේ. (වර්ල්ඩ් කප් එක පටන් ගත්තානේ. 🙂 ) කොහොම වුනත් ඔන්න අඩුවක් පාඩුවක් නොකර මේක දෙනවා. දැන් ඉතිං හෝයියා කියලා සමගාමී විකාශය තමයි කරගෙන යන්න තියෙන්නේ. 11 වෙනිදා දුන්නු එක අද තමයි දෙන්නේ. බලන්න තියෙන ඔක්කෝම ටීවි සීරියස් එන්නේ සෙනසුරාදා ව…

The-Mentalist-4

ගිය සතියේ කතාවත් දුන්නා. අද පොඩ්ඩක් පරක්කු වෙලා තමයි මේක දාන්න වුනේ. (වර්ල්ඩ් කප් එක පටන් ගත්තානේ. 🙂 ) කොහොම වුනත් ඔන්න අඩුවක් පාඩුවක් නොකර මේක දෙනවා. දැන් ඉතිං හෝයියා කියලා සමගාමී විකාශය තමයි කරගෙන යන්න තියෙන්නේ. 11 වෙනිදා දුන්නු එක අද තමයි දෙන්නේ. බලන්න තියෙන ඔක්කෝම ටීවි සීරියස් එන්නේ සෙනසුරාදා විතර වෙනකොට. ඒක නිසා ඒවා ඔක්කෝම එකපාර බාගන්න කියලා පැකේජ් එකක් ඇක්ටිව් කරලා තමයි බාන්නේ. ගොඩක් අයට වගේ මට රියල් ටයිම් ඉන්ටර්නෙට් ඇත්තේ නෑ. ඒක නිසා “ගැත්තාට අනුකම්පා වෙන්න” කියලා හිතාගෙන සමා වෙන්න ඕනේ…!

කට්ටියට පසුගිය කතාව මතක ඇති නෙව. ඒකේදී අළුතින් ආපු වේගා එකපාරටම වෙඩි වැදිලා මැරුණා. කාටත් දුකයි තමයි. (ඒත් මම නම් හිත හදාගත්තේ ඩිරෙක්ටර් එක්ක ගියපු මොකක්හරි අවුලක් නිසා වෙන්න ඇති කියලා. 🙂  ) කොහොමහරි ජේන්ට මේක නිසා ලොකු කම්පනයක් ඇතිවෙනවා. ජේන් කැමති නෑ ලිස්බන් මේ විදියට FBI වල වැඩ කරනවට. මොකද කිව්වොත් ලිස්බන්ටත් මේ විදියේ ඉරණමක් අත් වුනෝතින් තමුන්ට ඒ වගේ සිදුවීමක් ආපහු දරා ගන්න බැරි වේවි කියලා. ඒක නිසා හිත හදාගන්න කියලා ජේන් FBI වලින් ඈතට යනවා.

අද කතාව තියෙන්නේ එතැන් පටන්. අද කතාවේදී පෙන්වන්නේ ජෝඩුවක් කාර් එකක් ඇතුලට වෙලා කතාබහ කර කර ඉන්නවා. මේ අතරේ කවුරුදෝ ඇවිල්ලා මෙයාලා දෙන්නට වෙඩි තියනවා. නමුත් එයාලා වෙඩි පහරින් බේරිලා කාර් එක පණගන්වාගෙන ටිකක් දුර යන්න සමත් වෙනවා. ඒත් මෙයාලට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ. මෙයාලාගේ කාර් එක කන්ද පල්ලමකින් පහලට වැටෙනවා. එතැනට ආපු මේ මිනිහා දෙන්නටම වෙඩි තියලා මරලා දානවා. මේක බාර වෙන්නේ FBI වලට. දැන් ඇබට්ගේ කණ්ඩායමේ කට්ටිය අඩුයි. වේගා නැතිවුනා. ජේන් කොහේදෝ හොයාගන්නවත් බැරි පැත්තකට ගිහිල්ලා. ඒ වගේම ඇබට් වොශින්ටන් යන්න ලෑස්ති වෙනවා. මිනීමැරුම වුනු තැනට එද්දී කොල්ලා කාර් එක ඇතුලේ මැරිලා ඉන්නවා. නමුත් ගැහැණු ළමයා මරලා කාර් එකෙන් එලියට ඇදලා දාලා. වෛද්‍ය පරික්ශණ අනුව දෙන්නාගේනම ඇඟිලි වල නියපොත්ත ගානේ අඩුයි. මිනීමැරුම සිදු කරපු කෙනා විසින් මේක සිදුකලා කියලා තමයි හිතන්නේ. මේ අතරේ ග්‍රේබියල් කියලා කෙනෙක් FBI වලට එනවා මේ මිනීමැරුම් දැක්කා කියලා. මේ සිද්ධියේදී ඇත්තටම කිව්වොත් මෙයා ඒක ඇස් දෙකෙන්ම දැකලා නෑ. මෙයා ඒක දැකලා තියෙන්නේ දර්ශණයක් විදියට. ඒ කියන්නේ මෙයා මනෝවේදියෙක් කියලා තමයි කියන්නේ. කොහොමත් ලූලා නැති එකේ කණයෙක් හරි ඉන්නවා නෙව. ඒත් කවුරුවත් මෙයාව විශ්වාස කරන්නේ නෑ. නමුත් මෙයා කියන හැම දෙයක්ම ඇත්ත. ග්‍රේබියල් කියන දේවල් FBI වලින් දන්න දේවල් වුනත් ඒවා FBI එක විතරක්ම දන්න දේවල් විතරයි. කොහොමහරි මෙයාලට ජේන්ගේ උදව් අත්‍යාවශ්‍යම වෙනවා. ඒකට මෙයාලා ජේන්වත් එක්කගෙන එනවා. ජේන් කොහොමත් මේ මනෝවේදියෝ එක්ක තරහයිනේ. ජේන් කියන විදියට නම් මනෝවේදය කියන්නේ අමුම අමු බොරුකාරයෝ. එහෙම කරන උන් වංචාකාරයෝ විතරමයි කියලා තමයි ජේන්ගේ විශ්වාසය. ඉතිං ජේන් මෙයාගේ ඉස්සරහට ගිහිල්ලා මේ ගැන කියනවා. කොහොම වුනත් මේ කොල්ලත් ජේන් එක්ක තකට තක. මෙයා ජේන්ටත් අනාවැකියක් කියනවා. ඒ වගේම තවත් ඉදිරියට මේ ග්‍රේබියල් කියන කොල්ලා තවත් අනාවැකි පල කරනවා. මේක නිසා ජේන් කියනවා ග්‍රේබියල් මිනීමරුවා වෙන්නත් පුළුවන් කියලා.

ජේන් කියපු දේවල් කවදාවත් බොරු වුනේ නෑ නේ. අපි බලමු මේ ග්‍රේබියල් කියන කොල්ලා ඇත්තටම මනෝවේදියෙක්ද, නැතිනම් ජේන් කියපු විදියට වංචාකාරයෙක්ද? එහෙමත් නැතිනම් මිනීමරුවාද කියලා. ඒ වගේම තමයි මේ කොල්ලා ජේන්ට කියපු අනාවැකිය ඇත්ත වෙයිද? බොරු වෙයි ද? ජේන්ට මේ මිනීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද? බැරි වෙයි ද?ලිපිය කියෙව්වාම මම මේ කතාවේ බලන්න දෙයක් ඉතුරු කරලා නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒත් කිසිසේත්ම මම කතාවට හානියක් කරලා නෑ. අද කතාවේ කුතුහලය වෙනදා කතා වලටත් වඩා වැඩියි. ඒ කුතුහලේට මම කිසිම හානියක් කරලා නෑ කියලා හිතනවා. එහෙනං උපසිරැසියත් එක්ක කතාව රසවිඳින්න කියලා කාටත් ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා. ලබන සතියේ හමුවෙමු…. 

ආයු -බෝ -වේවා !!!

 

The Mentalist (2008) on IMDb

 

 

227 MB කොපිය මෙතනින් බාගන්න

077C7A3463158098E14F8E32DE5C4248FD951F83

348 MB කොපිය මෙතනින් බාගන්න

95F16087F7DF7D9084CC1A5D0F6369BDB7C7D002 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,126 downloadsDownload The-Mentalist-S07E11.baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,126 downloadsDownload Subtitles54 KB

24 comments

  1. Gayan

    onna ada mamai palaweniya.thanx saho sub ekata.

  2. sajeevi

    thanks a lot

  3. Dharshana....

    thanks....

  4. Isuru

    torrent link weda karanne nane saho..error kiyala watenawa

  5. R.D

    හෙට episode 12i 13i දෙකම ට්වී එකේ යනවා.මට හිතෙන්නේ 13 න් ඉවර වෙයි වගේ.....
    එහෙනම් ඒ 2ත් ඉක්මනටම සබ් දෙනකල් බලන් ඉන්නවා....
    බොහෝම ස්තුතියි................

  6. gayan

    thanks machan

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. C#

    thanx saho. puluwan nam ELEMENTARY ekatat sub deela iwara karannako. Dan eka nawathilada koheda!

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කතාව 13න් ඉවර වෙයිද?
    ජය වේවා. !

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. shalitha

    Thanks bro, mechchara kalayak eka digatama sub dunnata. welawakata pudumai kohomada hamadama sub denne kiyala. ube kapawimata comment ekakwath damme naththam wadak naha, thanks thansk thanks macho :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. දුලාජ් නලින්ක

    සබට ස්තූතියි...ඊලඟට තව ටිවි සීරියස් එකකට පුලුවන් නම් සබ් දෙන්න..බොහෝම ස්තූතියි...සහෝ

  15. che

    ayyeeeeee.....ep12-13 sub dehankooo ikmntaa :'(

  16. soorapappa

    ස්තුතියි සබට ඊලග එකත් ඉක්මනට දෙන්න

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. danushka

    Thanx Bro

  19. prabhath

    thanks

  20. nuvan sanjeeva

    man balapu hondamama tv siries eka tamae meka. eka ehema venna hetuvat oyamae. godaaaaak stuthi hadavatenama saho.tavat honda rahas parikshaka tv siries ekak denna puluvannam.

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  22. Gossip12

    Thanx

  23. DilshanWix

    Supiri bro.Keep up the good work.thank you.kiyanna wachana na elama

  24. Mano

    Godak sthuthi..Jaya wewa!