ඔන්න එහෙනම් ගේනවා කියපු විශේෂ කොටස අරන් ආවා.මේ තමා The Batman new adventures කතාමාලාවේ 11වැනි කොටස.අද කතාවේ විශේෂ ප්‍රධාන හතුරෙක් නෑ.ඒ වුණාට අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,නයිට්වින්ග්,රොබින් තුන්දෙනාවම දැකගන්න පුළුවන්.අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් එහෙනම්. බැට්මෑන්,බැට්ගර්ල්,රොබින් තුන්දෙනා…

ඔන්න එහෙනම් ගේනවා කියපු විශේෂ කොටස අරන් ආවා.මේ තමා The Batman new adventures කතාමාලාවේ 11වැනි කොටස.අද කතාවේ විශේෂ ප්‍රධාන හතුරෙක් නෑ.ඒ වුණාට අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,නයිට්වින්ග්,රොබින් තුන්දෙනාවම දැකගන්න පුළුවන්.අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් එහෙනම්.

බැට්මෑන්,බැට්ගර්ල්,රොබින් තුන්දෙනා යනවා ස්කෙයාක්‍රෝව අල්ලගන්න.එතන සටනේදී ස්කෙයාක්‍රෝ පැනලා දුවන්න හදනවා.එයාගේ පස්සෙන් යන්නේ බැට්ගර්ල්.බැට්ගර්ල් එයාගේ පස්සෙන් බිල්ඩිමක් උඩටම යනවා.එතනදී ස්කෙයාක්‍රෝ බැට්ගර්ල්ව බිමට තල්ලු කරනවා.බැට්ගර්ල් උඩ ඉඳලා වැටෙන්නේ පොලිස් කාර් එකක් උඩට.පස්සේ ඒකේ ගිය ගෝර්ඩන් එළියට ඇවිත් බලනවා එයාව.එතනදී බැට්ගර්ල් නැත්නම් බාබ්රා තාත්තේ කියලා ගෝර්ඩන්ට කතාකරනවා.ගෝර්ඩන්ට මේක හිතාගන්නවත් බැරිවෙනවා.ඒත් ඒ විශ්මය ඉක්මනින්ම දුකක් බවට පෙරළෙනවා,බැට්ගර්ල් නැත්නම් එයාගේ දුව බාබ්රාගේ මරණයත් එක්ක.එතනට එනවා බැට්මෑන්.ඒත් බැට්මෑන්ට මේ ගැන කිසිම දෙයක් කියන්න ලැබෙන්නෑ.හාර්වි එයාට තුවක්කුව දික්කරනවා.ඒ නිසා බැටාට එතනින් පැනගන්න වෙනවා.එතනින් පැනලා ගිහින් බංගලාවට යනවා.ඒත් ඒ දුක නම් අමතක කරන්න බැරිවෙනවා.එයා කියන විදිහට ඒ දුක හරියට එයාගේ දෙමව්පියන් මැරුණු දවසේ දුක වගේමයි.එතනින්ම තේරෙනවා එයා කොච්චර දුක්වුණාද කියලා.ඒ අතරේ ඒ දුකම   ගෝර්ඩන්ටත් හිමිවෙලා තිබ්බා.එයා බැට්මෑන්ගේ කුරුස යුද්ධෙට උදව්කරපු එක ගැන කළකිරුණා.ඒ වගේම බැට්මෑන් එක්ක නයි වෛරයකුත් ඇතිවුණා.

පස්සේ බාබ්රාගේ පරිඝණකය පරීක්ෂා කරලා බලපු මෙයාට එයා දැනගන්න ඕනිම දේ ලැබුණා.එතන ඉඳන් තමයි කරදර පටන්ගත්තේ.මේ මොකක්ද මේ වුණේ? මේක ඇත්තක්ද? මායාවක්ද? එහෙනම් ඔයාලම බලන්නකෝ.

කතාව ගැන තව ටිකක් කිව්වොත් මේ කතාවේ මුල සිට අගටම කුතුහලය පිරිලා තියෙනවා.ඒ නිසා හැමෝම මේ කොටස නරඹන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේම ඊළඟ කොටසින් හමුවෙමු.වෙනදා කියනවා වගේම ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

48 downloadsDownload The-New-Batman-Adventures-11.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

48 downloadsDownload Subtitles12 KB

5 comments

  1. එල්.සී. දමැල්

    ස්තුතියි

  2. Udara Damith B/K

    ඊළඟ කොටසින් හමුවෙමු
    ඔබට ජය
    ස්තුතියි

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P