ඔන්න එහෙනම් කතාමාලාවේ භාගයකටම ආවා.මේ තමයි 12වැනි කොටස.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි ෆයර්ෆ්ලයි. The Batman සීරිස් එක බලන අය නම් එයාව දන්නවා ඇතිනේ.හැබැයි ඒකේ කතාවට වඩා දෙයක් මේ කතාවේ තියෙනවා.ඒකේ කොතනකවත් කියන්නේ නෑනේ, එයා ෆයර්ෆ්ලයි වුණේ කොහොමද කියලා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාව ක…

ඔන්න එහෙනම් කතාමාලාවේ භාගයකටම ආවා.මේ තමයි 12වැනි කොටස.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි ෆයර්ෆ්ලයි. The Batman සීරිස් එක බලන අය නම් එයාව දන්නවා ඇතිනේ.හැබැයි ඒකේ කතාවට වඩා දෙයක් මේ කතාවේ තියෙනවා.ඒකේ කොතනකවත් කියන්නේ නෑනේ, එයා ෆයර්ෆ්ලයි වුණේ කොහොමද කියලා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාව කෙටියෙන් බලමු.

කැසිඩි කියන්නේ ලෝකයේ ඉන්න ලස්සන ගායිකාවක්.ඒත් ඉතින් ඒ ලස්සන හිතේ නම් නෑ.මෙයාට ලිනස් කියලා කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා.ලිනස් කියන්නේ කැසිඩිගේ ෂෝ එකේ අලංකාර කටයුතු කරන කෙනෙක්.ෂෝ එකට කලින් සිද්ධවෙන බහින් බස්වීමක් නිසා කැසිඩි එයාව අස්කරන්න තීරණය කරනවා.ෂෝ එකට ගිහිපු කැසිඩි ගිනිදැල් වලින් අලංකාර වුණ වේදිකාවක සිංදු කියනවා.ඒ ගිනිදැල් පාලනය කරන්නේ ලිනස්.එතනදී එයාට කැසිඩි එක්ක තිබ්බ තරහා නිසා ගිනිදැල් වැඩිකරනවා.ඒකෙන් වේදිකාව ගිනිගන්නවා.එතනදී කැඩිසිව බේරගන්නේ බැට්ගර්ල්.පස්සේ එතනින් පැනගන්න ලිනස් හැංගෙනවා.එයා හැංගිලා ඉඳලා හදනවා යකඩ ඇඳුමක්.ඒ තමයි ෆයර්ෆ්ලයිගේ ඇඳුම.පස්සේ මෙයා ප්‍රසංගයකට කඩා වැදිලා කැසිඩිව පැහැරගන්න යනවා.ඒත් බැට්මෑන් ආපු නිසා එයාගේ සැලැස්ම ව්‍යර්ථ වෙනවා.පස්සේ බැට්මෑන්ටත් එයා අටවනවා උගුලක්.එයා වැඩකරන තැනට බැට්මෑන්ව ගෙන්වගෙන උපායකින් ඒ බිල්ඩිම පුපුරවනවා.ඒ අතරේ මෙයා කැසිඩිව පැහැරගන්නවා.කතාව කිව්වා වැඩිද මන්දා.අපි බලමු බැට්මෑන් ඒකෙන් කොහොම බේරෙයිද? කැසිඩිව කොහොම බේරගනියිද කියලා?

හරි එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු.ඊළඟ කොටසේ ඔයාලට කිඹුලෙක් හම්බෙයි.වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

45 downloadsDownload The-New-Batman-Adventures-12.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

45 downloadsDownload Subtitles12 KB

7 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  2. Udara Damith B/K

    ස්තූතියි
    .......

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Chalana

    thnx bro...

  6. එල්.සී. දමැල්

    ස්තුතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P