ඔන්න එහෙනම් මේ ඔයාලට ගේන්නේ 16 වැනි කොටස.මාතෘකාව දකිද්දිම ඔයාලට පේන්න ඇතිනේ කතාවේ කැට්වුමන් ඉන්නවා කියලා.ඒත් එයා මේකේ ප්‍රධාන හතුරා නෙමෙයි.මේකේ ප්‍රධාන හතුරා තමයි තෝමස් බ්ලේක්.එයා ලීගයක නායකයා.මේකේ කැට්වුමන් බැට්මෑන්ට හවුල්කාරයෙක් වගේ ඉන්නේ.ඒත් ඒකෙන් කියන්නේ නෑ මෙයා මේ කොටසේ හොඳ කෙනෙක් කියලා.මෙයා හ…

ඔන්න එහෙනම් මේ ඔයාලට ගේන්නේ 16 වැනි කොටස.මාතෘකාව දකිද්දිම ඔයාලට පේන්න ඇතිනේ කතාවේ කැට්වුමන් ඉන්නවා කියලා.ඒත් එයා මේකේ ප්‍රධාන හතුරා නෙමෙයි.මේකේ ප්‍රධාන හතුරා තමයි තෝමස් බ්ලේක්.එයා ලීගයක නායකයා.මේකේ කැට්වුමන් බැට්මෑන්ට හවුල්කාරයෙක් වගේ ඉන්නේ.ඒත් ඒකෙන් කියන්නේ නෑ මෙයා මේ කොටසේ හොඳ කෙනෙක් කියලා.මෙයා හින්දාම තමයි බැට්මෑන් මේ කරදරේට මුහුණ දෙන්නේ.මේ කොටසේදී අපිට බැට්ගර්ල්,රොබින්, නයිට්වින්ග් කාවවත් හම්බෙන්නේ නෑ.කතාව පොඩ්ඩක් බලමු.

මුලින්ම කැට්වුමන් මේ තෝමස් බ්ලේක්ගේ ලීගයෙන් ගෝල්ඩි කියන පූස් ප්‍රතිමාව හොරකම් කරනවා.ඒ නිසා මුළු ලීගයම මෙයා පස්සෙන් පන්නනවා.ඉතින් ඔහොම බේරි බේරි ආව කැට්වුමන් බැට්මෑන් ළඟට එනවා උදව් ඉල්ලගෙන.ඊට පස්සේ තමයි බැට්මෑන්ටත් මේකට සම්බන්ධ වෙන්න වෙන්නේ.මුළු ලීගයම ඉන්නේ කැට්වුමන්ව මරන්න බලාගෙන.ඒ නිසා බැට්මෑන් මෙයාට උදව් කරනවා.පස්සේ බැට්මෑන් කැට්වුමන්ගේ තැනට ගිහින් පූස් ප්‍රතිමාව ගැන හොයනවා.එතකොට එයාලා දැනගන්නවා මේක පූජනීය දෙයක් කියලා.එයාලා මේ ගැන විස්තර බලනකොට ලීගය ආපහු පහර දෙනවා.එතනින් බේරිලා යද්දී ලීගයේ අය කරපු පිපිරීමකින් බැට්මෑන් හා කැට්වුමන් දෙපසකට විසිවෙනවා.එතනදී කැට්වුමන්ව ලීගයේ අය අල්ලගන්නවා.බැට්මෑන් එයාලගේ පස්සෙන් යනවා කැට්වුමන්ව බේරගන්න හිතාගෙන….ඔය කතාව කිව්වා මදැයි.එහෙනම් අපි බලමු බැට්මෑන් කැට්වුමන්ව බේරගනියිද? බැටාට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද?කියලා.

එහෙනම් මම ගිහින් ඉක්මනින්ම ඊළඟ එපියත් අරන් එන්නම්.තව කොටස් 10කටත් අඩුවෙන් තමා තියෙන්නේ.ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!!!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

43 downloadsDownload The-New-Batman-Adventures-16.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

43 downloadsDownload Subtitles11 KB

9 comments

  1. එල්.සී. දමැල්

    50වන උපසිරසට උණුසුම් සුභපැතුම් ලහිරු...
    හැමදාම වගේ ස්තුතියි කියනවා ඔන්න අදත්...
    ඊළග කොටසින් හමු වෙමු...

  2. ඉෂාන් මදුෂ

    50 උපසිරැසියට සුබපැතුම් සහෝ.ස්තූතියි
    දිගටම ඇනිමේෂන් සීරිස් වලට උපසිරැසි කරන්න දිරිය ලැබේවා!

  3. Chalana

    50ta good luck bro...

  4. මාලින්ද

    බලන කතාවක් නම් නෙවෙයි. 50 වෙනුවෙන් සුබ පැතුම්.

  5. Udara Damith B/K

    50 උපසිරැසියට සුබපැතුම්
    බැටා
    /
    ඊළග කොටසින් හමු වෙමු
    //////7///

  6. Gathsara Umesh Kumara

    Mehem kadayimk samaranwa dkmyi...niymyi sahoo..super.....
    Iknjm 100 panmuu...
    Bohoom athuthiybiapaireaiyt

  7. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks LAHIRU saho.wish u'r great future.....

  8. chaminda

    අර 24 legacy කරන එකාට කියපංකෝ ඒක දාන්න කියලා සීරීස් එක ඉවරත් වෙලා ... සති 3ක් ⁣නෑ..

  9. රොයිලි

    උණුසුම් සුබපැතුම් ලහිරු සහෝ අර්ධ ශතකයට. 100 ටත් හැකි ඉක්මනින්ම යන්න ලැබෙවායි පතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P