Watch Trailer

The Originals [S04 : E13] with Sinhala Subtitles | සැමවිටම හා සදහටම’හී අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

හෝප්ගේ ඇගට ආවේශ වෙච්චි හොලොව් එයාව හුගක් දුරටම අල්ලගෙන තිබුණේ. නමුත් කිසිම කෙනෙක්ට දැනුනේ නෑ එයාට එහෙම දෙයක් වෙලයි කියලා. ඒත් වින්සන්ට් අර පොත පාවිච්චි කරලා හොලොව් නොහොත් ඉනාඩුගේ අම්මට ලගාවෙලා එයා කලින් හොලොව්ව විනාශ කරන්න පාවිච්චි කරපු මන්තරේ දැනෙගන ඒක පාවිච්චි කරලා එයාව විනාශ කරන්නයි වින්සන්ට්ගේ…

හෝප්ගේ ඇගට ආවේශ වෙච්චි හොලොව් එයාව හුගක් දුරටම අල්ලගෙන තිබුණේ. නමුත් කිසිම කෙනෙක්ට දැනුනේ නෑ එයාට එහෙම දෙයක් වෙලයි කියලා. ඒත් වින්සන්ට් අර පොත පාවිච්චි කරලා හොලොව් නොහොත් ඉනාඩුගේ අම්මට ලගාවෙලා එයා කලින් හොලොව්ව විනාශ කරන්න පාවිච්චි කරපු මන්තරේ දැනෙගන ඒක පාවිච්චි කරලා එයාව විනාශ කරන්නයි වින්සන්ට්ගේ සැලසුම වෙලා තිබුණේ. ඒත් ඒ වෙද්දී හොලොව්ගේ අනුගාමිකයෝ එතනට ඇවිත් වින්සන්ට්ට පහර දීලා පොත අරන් යනවා. එතකොට තමයි දැනගන්නේ හොලොව් තාමත් ඉන්නවා කියලා. මොකද හෙයිලි එදා විනාශ කලේ එයාගේ ශරීරය විතරයි. මතකනේ හෙයිලි හා ෆ්‍රේයා එදා එයා ඉන්න කාමරේට එද්දී ඒකි මොනාද මගුලක් බිබී හිට්යා. අන්න ඒකෙන් තමයි අර ශරීරය මාරු කරන වැඩේ සිද්දවුණේ. මේ අතරේ මාසෙල් කොහොමහරි කරලා සොෆීයාවත් ඇහැරවගත්තා. එතකොට එයත් කියනවා හොලොව් තාමත් ඉන්නවා කියලා. රෙබෙකයි, හෙයිලියි විතරක් ඉන්නකොට ක්ලවුස් පස්සේ මැසේජ් එකක් එවනවා හොලොව් තාමත් ඉන්නවා කියලා. ඒත් ඒ වෙද්දී හොලොව් රෙබේකාට පහර දීලා ඉවරයි. පස්සේ ෆ්‍රේයා එයාව සිහි නැති කරලා හෝප්ගේ ආත්මය පෙන්ඩන්ට් එකට යවන්න හදනවා. ඒත් කරන්න වුනෙත් නෑ මොකද ඒ වෙද්දී හොලොව් පිස්සුවෙන් වගේ හැමෝටම පහර දෙන්න අරන් ඉවරයි.

මේ අතරේ ක්ලවුස් හා එලයිජා ගියා හොලොව්ගේ අනුගාමිකයෝ මරලා අර පොත අරගන්න. එතකොට තමයි මේ දෙන්නට දැනගන්න ලැබෙන්නෙත් දැන් අලුත් හොලොව් තමයි මේ ලෝකේ ඉන්න බලගතුම මායාකාරියව අරක්ගෙන කියලා. මේ අතරේ අර පොතත් නැති එකේ වින්සන්ට්ට සිද්දවුණා මැරෙන්න. මැරිලා ඉනාඩුගේ අම්මා ලගට ගිහින් අර මන්තරේ අරගන්න. බාධක හුගක් මැද්දේ ගිහින් එයා එයාට ඕන කරන දේ අරගත්තා. පස්සේ ගියා හොලොව්ව කොටු කරගන්න. ඒ වෙද්දී ඉතින් එයා හැමෝටම පහර දිලා ඉවරයි. හොලොව්ගෙන් හෝප්ව ඈත් කරලා තියන්න ක්ලවුස් ගියා හෝප් තනිවෙලා ඉන්න ලෝකෙට. කෙටියෙන් කිව්වොත් ඉතින් සැලසුම් ඔක්කොම වගේ අසාර්ථක වීමක් තමයි කලින් කොටසේදී දකින්න ලැබුනේ. හැමෝටම හෝප්ව නැති උනා. හෝප් තමයි සදාතනික හොලොව් බවට පත්වුණේ. එයා එයාගේ අනුගාමිකයෝ මෙහෙයවන්නයි ලෑස්තිය. ඒත් මේ අතරේ වින්සන්ට් කිව්වා හෝප්ව හොලොව්ගෙන් බේරගන්න විදිහක් තියෙනවා හැබැයි මේක තමයි “සැමවිටම හා සදහටම” හී අවසානය වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් සුපුරුදු පරිදි අවසානය හොද එකක් වෙන්නේ නෑ කියන එකනේ.

අද අවසාන කොටසින් බලාගන්න පුළුවන් වේවි මොකක්ද ඒ වින්සන්ට්ගේ උපක්‍රමය කියලා. ඉගියක් දෙන්නම්. කලින් වතාවේ මතකනේ හොලොව්ව විනාශ කරලා කට්ටිය එයාගේ ඇටකටු ආරක්ෂා කරපු විදිහ. කොහොම නමුත් මං හිතපු විදිහටම මෙහ් කතාව කලින් වැම්පයර් ඩයරීස් එකට සම්බන්ධ කලා වගේම අවසානය සම්බන්ධ කරන්නෙත් මිස්ටික් ෆෝල්ස් වලට. කොහොමත් පොඩි රූමර් එකක් තිබුණා ඔරිජිනල්ස් වලට වැම්පයර් ඩයරිස්වල කැරොලයින් එකතු වෙනවා කියලා. ඒත් ඉතින් වුණේ නම් නෑ මේ සමයේ. ඒත් ඔරිජිනල්ස් වල අවසානය වෙච්චි විදිහට නම් ඊලග එකේදී නම් අනිවාර්යෙන්ම කැරොලයින් සම්බන්ධ වීමක් වෙයි. කෙටියෙන්ම කියනවනම් මං දැකපු දුක හිතෙනම අවාසනය තිබුන කතා සමය හැටියට මේ හතරවන කතාසමය හදුන්වන්න පුළුවන්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් ආපු වැඩේ විතරක් කරන් යන්න.

මං මේ ගැන සුපර්නැචුරල් අන්තිම කොටසිනුත් කිව්වා. ඒත් ඒක නොබලන යාලුවෝ ඇතියි කියලා හිතලයි කියන්නේ. පුරා කතාසමයන් දෙකක් පුරාවටම මං ඔරිජිනල්ස් කතාමාලාව අරගෙන ආවා. කොටින්ම මේ කතාමාලාවවත් ගේන්න නම් නෙවෙයි හිටියේ. ඒත් ඉතින් “හැම චාරිකාවම අවසානයක් තියෙනවා. මං හිතන්නේ මේක තමයි මගේ චාරිකාවේ අවාසනය.” ඒ කිව්වේ ආයේ මගේ උපසිරැසි කරන ජීවිතේ අන්තිම හරිය. ආයේ නම් උපසිරැසි කරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ ආස උනත්. චිත්‍රපට නම් කිහිපයක් ලැබෙන්න තියේ. ඒ ටිකෙන්ම මෙහෙමම ඉවරයක් වෙලා යාවි. දුකයි ඉතින් මොනවා කරන්නද. හුගක් අපහසුම කාලයක් තමයි මේ ලගා වෙලා තියෙන්නේ. සමහරු කියයි පුද්ගලික කතන්දර අදාලම නෑ. එහෙම ඒවා නම්වෙ පහුගිය ටිකේ අපේ කට්ටියට අහන්න ලැබුණා. ඒ ගැන කතා නොකර ඉන්නම්න්න. කාරී නැහැ සුපර්නැචුරල් නම් මේ වෙද්දී සුපිරි චරිතයකට දීලා තියෙන්නේ. මේකත් එයාටම හො වෙනින් හොද කෙනෙක්ට දෙන්නම්. එහෙනම් ඉතින් අසා සිටි සියළු දෙනාට ස්තුතියි මං ගියා.

එහෙනම් ඔන්න පවුලේ කතාවක අවාසනය මේ විදිහට සනිටුහන් කරනවා. ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!

ගැලපෙන පිටපත්

The.Originals.S04E13.HDTV.x264-KILLERS
The.Originals.S04E13.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E13.XviD-AFG
The.Originals.S04E13.480p.x264-mSD
The.Originals.S04E13.720p.HEVC.x265-MeGusta
The Originals S04E13 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

7,170 downloadsDownload The.Originals.S04E13.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,170 downloadsDownload Subtitles27 KB

42 comments

  1. Roshan

    Ane bro ethakota vampire daires ekata sub dennedda sahoo

  2. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    සහෝ උපසිරැසිකරණයේන්නම් ඈත් වෙන්න එපා. TV series කරන්න අපහසු උනත් ෆිල්ම් එකකට හරි සබක් දලා අපිට දෙන්න.. site එකේ ඉන්න හොදම සබ් දෙන කෙනෙක් තමයි උබ. ඒක නිසා ගමන නවත්වන්න එපා මචං!!! සහෝ වෙනුවට තව සබ් දෙන කට්ටිය ආවත් උබේ අඩුපාඩුව පුරවන්න බෑ මචං..කොහොම උනත් මෙච්චර කාලයක් අපි වෙනුවෙන් උන මහන්සියට බොහොම පින් සහෝ..! ජිවිතේ හැම වැඩකටයුතුක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  3. Chamod98

    Ela.. thanks bro..

  4. era

    thankx for sub

  5. Sajeevi

    Digatama sub dunnata thanks.
    man hithanne meka thama hodama season eka.

  6. Ashan Eranga

    ඔබට බොහෝම ස්තුතියි සහෝදරයා
    හොඳට සිංහල උපසිරැසි තිබුනා
    නියම වැඩක්

    Thanks For All Subs

  7. Ashan Eranga

    ඔයා දිගටම උපසිරැසි දෙනවනම් අපි කැමති.
    මන් හිතනවා මේක ඔයාගෙ අන්තිම උපසිරැසි නෙවෙයි කියලා.ඔයාගේ ජිවිතේ හැම වැඩකටයුතුක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.

  8. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  9. Gathsara Umesh Kumara

    Ynn epa ayyeee..
    Plz.....
    Ynn epaaa...
    Ikmnin thwth upasiresykin hmuwemmoo.....
    Ikmninm

  10. Minura Banaka

    ඔරිජිනල්ස් කියන්නෙ මගෙ ආසම කතාව.ඉතින් එක උපසිරස කරන එකා කියන්නත් මගෙ ආසම පොර,...මෙච්චර කල් මෙකෙ සබ් දුන්නට බොහොම ස්තුති මචන්.... ඉස්සරහටත් දිගටම මෙක කරගන යන්න කියලා ඉල්ලන ගමන්,, බොහොම ස්තුති කොල්ලො.... උබගෙ අනාගතෙට සුබ පතනවා..

    Minura Banaka

  11. RMC

    ස්තුතියි සහෝ උපසිරැසියට………

  12. charli

    Mechchara kalayak loku kepavimak karala sub dunnata thanks.

  13. Gayan

    Fttai Bro....Tnx

  14. shehan

    ahenam ubath apivadala giyaa... pin ban ubata api wenuven mechchara katta kavata
    sathutin hitapan

  15. Dinusha

    Tnz mcn apita sub dila krapu sewawata issrha karana wada wltath all the best.plwn nan mcn kata hri vampire diaries s02 idan sub 1denna kyla danuwath krnwda.

  16. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!

  17. nuwan

    බොහොම ස්තුතියි බ්‍රෝ ..

  18. ලහිරු ප්‍රසාද්

    උබට බොහොම ස්තූතියි චාමරයො.
    මං නම් කියන්නෙ නවත්තනවනම් 300 ගහලම නවත්තහන් කියලා.
    ඒක ඉතින් උබේ වැඩක්. එහෙනම් උපසිරැසි සෙට් එකටම ස්තූතියි.

    ජයෙන් ජයම වේවා!!

  19. ටෘ තමන්නා

    මෙච්චර කල් කාලය වෙන් කරලා සබ් හැදුවට ටැම්ස් බොක්ක/\
    [×_×]
    පවුලේ කතාවෙ නිමාව සො සෑඩ්

  20. Ravindu Rukshan

    thx..saho

  21. tharindu gunarathna

    THANKS

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Mahesh

    sub ekata thanx machan

  24. Randi

    Thanks Machan
    Jaya wewa

  25. johnnysand

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Dylan Salvatore

    Sub ekata thnx saho.Puluwannam vampire diaries ekata sub denna kenek hoyala denna.vampire diaries ekata sinhala sub nathi eka godak loku aduwak.mokada thiyena tv series walin supirima ekak thama eka.kohoma wunath originals ekata sub eka genapu ekata godak thnx macahn.obata Jaya!!

  28. Shehan sathmika

    Patta saho
    Blood drive tv series ekata sub dennako..

  29. Shehan sathmika

    Macho Blood drive tv series ekata sub dennako.....

  30. මධුකප්‍රිය පෙරේරා

    මේ කතාමාලාවත් සම්පූර්ණයෙන්ම උපසිරසි ගන්නුවට
    උබට බොහොමත්ම ස්තුතියි සාමරයෝ.. පුලුවන්නම්
    ඊලග එකත් කරන්න බලපන්..

  31. Sachith Perera

    niyamai bro mn digatama meka baluwa. ada final eka nisa comment ekak dannama one hituna. sub eka fattata karala tiyenawa. thanks bro. thawat sub ekakin set wemu

  32. Miyuru Dilanka

    Thanks bro Sub ekata

  33. sandaruwansilva

    Season 5 awa..... Sub aka puluwannam danna broo... Ela thnkz

  34. T-Originals

    sub eka oneeeeeeeee season 5 awooooooooooooo

  35. nmnk nawarathna

    Thanz bro sub wlata. Digatm krgen ynna. I wish

  36. nmnk nawarathna

    Nimai bro

  37. Dasun9603

    Season 5 sub deepuwa dan pennanne naththe mkd bro?

  38. AMM

    ela

  39. Milinda Sadaruwan

    Thank you bro

  40. sithira lasal kalunayaka

    thank you

  41. Mathew sheron

    Thank you

  42. Mathew sheron

    Thank you Bro....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.