හෙයිලි අතුරුදහන් වෙලා කියලා ආරංචිය හෝප් තමන්ගේ තාත්තාට කිව්වම එයා දවස් කිහිපයක් ඇතුලත නිව් ඔර්ලින්ස් වලට ඇවිත් තිබුනා. ඇවිත් මේ ගැන මුලින්ම කියලා එයා උදව් ඉල්ලුවේ මාසෙල්ගෙන්. මමනම් මාසෙල්ගෙන් බලාපොරොත්තු නොවුනවත් විදිහේ පිළිගැනීමක් තමයි කල්වුස්ට ලැබුණේ. ක්ලවුස් මාසෙල් ඉන්න දිහාවට එද්දී එයා හිටියෙ ප…

හෙයිලි අතුරුදහන් වෙලා කියලා ආරංචිය හෝප් තමන්ගේ තාත්තාට කිව්වම එයා දවස් කිහිපයක් ඇතුලත නිව් ඔර්ලින්ස් වලට ඇවිත් තිබුනා. ඇවිත් මේ ගැන මුලින්ම කියලා එයා උදව් ඉල්ලුවේ මාසෙල්ගෙන්. මමනම් මාසෙල්ගෙන් බලාපොරොත්තු නොවුනවත් විදිහේ පිළිගැනීමක් තමයි කල්වුස්ට ලැබුණේ. ක්ලවුස් මාසෙල් ඉන්න දිහාවට එද්දී එයා හිටියෙ පොපීගේ මරණයට ගෞරව දැක්වීමක් විදිහට එයා වැඩ කරමු බාර් එකේ සව්දිය පිරීමක් කරන ගමන්. ඒක ඇතුලෙදි මාසෙල්ට කරුණු දෙකක් පෙන්නුම් කලා. එකක් තමයි හෙන්රිට දඩුවම් ලැබෙන්න ඕන කියන මතයේ සෑහෙන වැම්පයර්ලා ගණනාවක්ම හිටියා. අනික තමයි මාසෙල් තවදුරටත් වැම්පයර් කෙනෙක් නෙවෙයි නිසා එයාව වැම්පයර්ලව අත්හරී රජතුමා හැටියට පිළිගන්න බැහැ කියන ආරංචිය දැනගන්න ලැබුණා. මේ අතරේ හෝප්ගේ ගෙදරට මිස්ටික් ෆෝල්ස් වල ඉදලා අමුත්තෙක් ඇවිත් තිබුනා රෝමන් කියලා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි හෝප් ඉගෙනගත්ත තැන හිටිය කොල්ලා. එයාට හෙන්රිගේ මරණේ ගැන එතකොට හෝප් ගැන වගේම සෑහෙන දේවල් ගැන තිබුණේ ලොකු සැකයක්. පස්සේ හෝප් එකින් එක විස්තර කරලා එයාට හැමදේම වගේ කිව්වා.
ක්ලවුස් හෝප්ගේ ලගට යන්න යන්න වෙන්නේ තව තවත් තත්වේ අන්ත අතට හැරෙන නිසා ක්ලවුස් තීරණය කරලා තිබුණේ තමන් හොප්ව මුණගැහෙන්නේ නැහැ කියලා. නමුත් හෙයිලිගේ අලුත් කොල්ලව මුණගැහෙන්න ගිහින් එයාටත් වැඩක් දෙන්න යද්දී තමයි හෝප් ඇවිත් බලෙන්ම වගේ ක්ලවුස් එක්ක කතා කරන්නේ. හැබැයි එතනදී වුනෙත් හොලොව්ව ආයෙ ආයෙමත් ඇවිස්සෙන්න ගත්ත එකයි. කොහොම කොහොමින් හරි ක්ලවුස්, මාසෙල් වගේම ජෝෂ්ට දැනගන්න ලැබෙනවා හෙයිලිව පහර දීලා පැහැරගෙන ගිහින් තියෙන්නේ හෙන්රි එක්ක එයාගේ ගැතියා වෙච්ච හෙයිලිගෙම එකම දුව හෝප් කියලා. හෝප් එහෙම කරලා තියෙන්නේ අන්තිමටම එයාගේ ඇගෙන් හොලොව්ව අයින් කලාට පස්සේ ඇවිත් මුණගැහෙන්න බැරි නිසා කාලයක් හෝප් වගේම ක්ලවුස් අතර ෆෝන් එකෙන් කතාබහ කරනවා වගේම ලියුම් පවා හුවමාරු කරගෙන සම්බන්ධකම් පවත්වාගෙන ගිහින් තියෙනවා දුවයි තාත්තයි. ඒත් ඒ තරම මදි නිසා වතාවක් හෝප් ගිහින් තිබුනා ක්ලවුස්ව මුණගැහෙන්න. හැබැවටම නෙවෙයි ඔය මායාකරුවන්ට ඇත්තටම නැතුව ගිහින් මුණගැහෙන්න තියෙන විදිහට. ඒත් එයා යන වෙලාවේදී ඉදලා තියෙන්නේ එලයිජා වෙනුවෙන් කට්ටියව මරලා දාන ලිස්ට් එකේ අයව මරණ ගමන්. මේක දැක්ක වෙලාවේදී ක්ලවුස් හෝප්ව එළවලා තියෙනවා. එදා ඉදන් ක්ලවුස් හෝප් එක්ක කතා කරන එක නවත්තලා තියෙනවා. ඉහින් මේ නිසා ක්ලවුස්ව බලන්න ඕන නිසයි හෝප් මේ විදිහේ දග වැඩක් කරලා තියෙන්නේ. එයා හෙයිලිව හංගලා තිබුණේ දේවස්ථානයක මුවා කරලා මිනිපෙට්ටියක නිදි කරවලයි. ඒත් ක්ලවුස් වගේම ෆ්‍රේයා එතන යද්දී හෙයිලි ඒක ඇතුලේ හිටියෙ නැහැ වගේම ලොකු සටනක් වෙලා තිබුණු සලකුණු තිබුනා. ඒ කවුරු වෙන්න ඇතිද? ඒ විතරක් නෙවෙයි හෙන්රිට දඩුවම් දෙන්න කියලා හිතාගෙන මාසෙල් එයාව අරන් ගිහින් ගඩොල් තියලා බැන්දට පස්සේ අපිට මුහුණුවර පෙන්නන්නේ නැතුව කෙනෙක් ඇවිල්ලා හෙන්රිව එතනින් අරන් ගිහින් එයාගේ හදවතත් ගලවලා එලියට අරන් මයිකල්සන්ලගේ අංගනයේ එල්ලලා තිබුනා. එහෙම කලේ කවුරු වෙන්න ඇතිද? හෙයිලිට පහර දුන්නේ කවුද කියලා දන්න නිසා සමහරවිට හෙයිලි මේ වැඩේ කලා වෙන්න ඇතිද? එහෙම නැත්තම් හෝප්ව හොයාගෙන මිස්ටික් ෆෝල්ස් ඉදන් නිව් ඔර්ලින්ස් ආව රෝමන් කියන වැම්පයර් වෙන්න ඇතිද? හැබැයි තනි වැම්පයර් කෙනෙක්ට නම් එච්චර දෙයක් කරන්න අමාරුයි නේද?!
අද කොටස තුලින් බලාගන්න පුලුවන් වේවි එදා මාසෙල් එලයිජාගේ මතකයන් අමතක කරලා දාලා යැව්වට පස්සේ එලයිජා එයාගේ ජිවිතේ ගත කරන්නෙ කොහොමද කියලා. නෑ නෑ බාර් එකේ පියානෝ ගහන සිද්දියට පෙර එයාගේ ජිවිතේ ගෙවන්න වුණේ කොහොමද කියලා. ඒවගේම ක්ලවුස්ට ඕනා ආයෙ ඇවිත් එලයිජාව නිව් ඔර්ලින්ස් වලට අරන් යන්න. එලයිජා කැමති වේවිද? බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV/WEB පිටපත් සඳහා වලංගු වේ.
5,776 downloadsDownload The-Originals-S05E03.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
danumadu
dsdkavishka
Thenks mcn fatta
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයgayan215
bohoma sthuthi saho...
avishka_hewage
thanks bro
Stranger
thank you
shan AC
thnx broo,,,,,
Nilush Angana
Sub ekata thanx
dil_shan
එල බං සබ ඉක්මනට දෙන එක නම්. දිගටම මේ වගේ දියන්. එලම වචන්. තෑන්ක්ස්
kusal sameera
thankz macho...
Thilan Durage
Ela ela...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
DhanuEx
HDTV sub eke podi awlak thiyenawa bro. Time case ekak. 11.21 idala 17.05 wenakan. poddak balanna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
srkpoorna
machanla mata page not found kiyala enawane
johnnysand
තෑන්ක්ස් මචං..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Thanks For Sub....
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Shadow125
tnx.. :)
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz bro..