baiscope.lk එකත් එක්ක හැමදාම බැඳිලා ඉන්න සහෘද රසික රසිකාවන් හැම දෙනාටම ආයුබෝ වේවා..!!! බයිස්කෝප් එකත් එක්ක 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා පටන් ගත්ත මගේ සිංහල උපසිරැසි නිර්මාණ එකතුවේ 50වැනි උපසිරැසියත් එක්ක අද එකතු වෙන නිසා වෙන දවසකට වඩා අද දවස මට විශේෂයි. 2017.10.27 වෙනිදා Battle for the Planet of the A…

baiscope.lk එකත් එක්ක හැමදාම බැඳිලා ඉන්න සහෘද රසික රසිකාවන් හැම දෙනාටම ආයුබෝ වේවා..!!!

බයිස්කෝප් එකත් එක්ක 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා පටන් ගත්ත මගේ සිංහල උපසිරැසි නිර්මාණ එකතුවේ 50වැනි උපසිරැසියත් එක්ක අද එකතු වෙන නිසා වෙන දවසකට වඩා අද දවස මට විශේෂයි. 2017.10.27 වෙනිදා Battle for the Planet of the Apes (1973) චිත්‍රපටියෙන් තමයි මම උපසිරැසි නිර්මාණය ආරම්භ කළේ. කවදාවත් උපසිරැසි නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. මම ඒ වෙද්දි ලංකාවෙ හිටියෙ නැති වුණත් බයිස්කෝප් එකෙන් උපසිරැසි බාගෙන චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටියා. එහේදි මම පාවිච්චි කරපු ඉන්ටනෙට් සම්බන්ධතාවය Unlimited එකක්. රුපියල් 7000ක ටත් වඩා අඩු මුදලකට ඒ 1GBps සම්බන්ධතාවය ලැබුණා. (ලංකාවට නම් ඒ වගේ ගාණකට අන්ලිමිටඩ් සම්බන්ධතාවයක් හීනයක්) ඉතින් චිත්‍රපටි බාගෙන ඒවට හරියන්න උපසිරැසිත් බාගෙන සමහර දවස්වලට චිත්‍රපටි 3,4ක් බලපු වෙලාවලුත් තිබුණා.

ඒ අතරෙ තමයි මට හිතුනෙ නිකම් ඉන්න ගමන් උපසිරැසියක් කළොත් හොඳයි කියලා. ඒ වෙද්දි මම .srt උපසිරැසි හදන හැටි දැනගෙන හිටියත් , ලයින්ස් 1000ක්, 2000ක් තියෙන උපසිරැසියක් කරන්න තරම් හිත හදාගන්න පුළුවන් වෙයි කියල හිතුණෙ නෑ. ඒ වෙද්දි බයිස්කෝප් එකේ චිත්‍රපටි කීපයක නම් දාලා ඒවට උපසිරැසි හදන්න ඉඩ දෙන්න පුළුවන් කියලා දැන්වීමක් දාලා තිබුණා. කෝකටත් කියලා 2017.10.26 වෙනිදා දවල් 1.30ට විතර මම සිසිල ප්‍රසාද් සහෝදරයට ඊ මේල් එකක් දැම්මා Battle for the Planet of the Apes චිත්‍රපටියට උපසිරැසි කරන්න මට පුළුවන් කියලා. පැය තුන හතරකින් උත්තරේ ආවා “ඒ චිත්‍රපටිය ඔයාට වෙන් කළා. කරලා එවන්න. ඉක්මනට එවන තරමට ඇගයීම් ක්‍රමයකුත් තියෙනවා.” කියලා. කොහොමහරි ඊට පස්සෙ දවසෙම රෑ වෙද්දි මට උපසිරැසිය දෙන්න පුළුවන් වුණා. ඒකට තරු 5කුත් හම්බවුණා. උපසිරැසි හදන එකත් කොච්චර අමාරු වැඩක්ද කියලා මම මේකෙන් දැන ගත්තා.ඒත් කුඩු ගැහුවා වගේ උපසිරැසිකරණයට ඇබ්බැහි වුණා කියලා මට තේරැණේ ඊට පස්සෙ ඉවක් බවක් නැතුව එක දිගටම මේ චිත්‍රපටි 09ටත් උපසිරැසි කරගෙන ගියාට පස්සෙ තමයි. කොච්චර ඉක්මනට උපසිරැසි හැදුවද කියනව නම්, මේ 10න් 09කටම තරු 5ක ඇගයීම් ලැබුණා.

2017.11.05 – Snake Eyes (1998)
2017.11.12 – Die Hard (1988)
2017.11.15 – DoomsDay (2008)
2017.11.16 – Michael Jackson’s Halloween (2017)
2017.11.23 – Beach Rats (2017)
2017.11.24 – Get the Girl (2017)
2017.11.30 – Logan Lucky (2017)
2017.12.05 – Rough Nights (2017)
2018.01.02 – The Elephant Man (1980)

මගේ 10 වෙනි උපසිරැසිය කරලා අවුරුදු 1 1/2කට පස්සෙ 2019.08.21 තමයි මම මගේ 11 වෙනි උපසිරැසිය කළේ. 12වෙනි එක 2019.08.23 කරලා මම ආපහු නැවතුනා. ඊට පස්සෙ ආපහු 2020 මැයි මාසෙ විතර තමයි මම කොටි වලිගයක් අල්ල ගත්තෙ. ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ යද්දි දැකපු The Outpost කතා මාලාව තමයි ඒ. ඒකෙ කතා මාලා 02ම දීලා විවේකයකින් ඉඳිද්දි තමයි 2020 ඔක්තෝම්බර් 08 වෙනිදා චාමර සම්පත් සහෝදරයා ඊ මේල් එකක් එව්වෙ, The Outpost එකේ 3 වෙනි සීසන් එකත් හෙට එනව කියලා. ඒක විකාශනයට සමගාමීව කරන්න පුළුවන් ද කියලා අහලත් තිබුණා. උපසිරැසි කරද්දි මගේ අතින් සිද්ධ වුණු වැරදි ටිකක් හදාගන්න උපදෙස් ටිකකුත් චාමර සහෝදරය දුන්නා. ඔන්න ඒකට ඔයාට තෑන්ක් යූ හොඳේ. ඉතින් මේ 3වෙනි සීසන් එක විකාශනයට සමගාමීව කරගෙන යන්න මම භාර ගත්තත් ඒක ටිකක් අමාරැ වැඩක් කියලා දැන් මම තේරුම් අරගෙන ඉන්නෙ. පෞද්ගලික වැඩක් හරි රැකියාවෙ අත්‍යාවශ්‍යම වැඩක් හරි තිබුණත් ඒ ඔක්කොම අතෑරලා උපසිරැසිය කරන්න වෙනවා. කොහොම හරි ඒකෙ තියෙන්නෙත් තවත් කොටස් 02ක් විතරයි. උපසිරැසි 50 කඩඉමට එන්න කවදාවත් හිතාගෙන හිටියෙ නැති මට ඒ කඩඉමට එන්න වුණේ මේ කතා මාලාව භාරගත්ත නිසා. මොකද ඒක අතාරින්නත් පුළුවන්කමක් නැහැනෙ.

2018 අවුරුද්දෙ අන්තිමට බයිස්කෝප් එකේ සුහද හමුවක් තියෙනවා කියන ආරංචියත් ඒ දවස්වල ඇඩ්මින් සහෝදරයෙක් දන්වලා තිබුණා. ඒ වෙද්දි ලංකාවට එන්න හිතාගෙන හිටපු මම එදාට අඳින්න බයිස්කෝප් එකේ ටී ෂර්ට් එකකුත් ගෙදරට ගෙන්න ගත්තා. ඒත් මගේ අවාසනාවකට මට ඒ කාලෙ දි ලංකාවට එන්න බැරි වුණා. බයිස්කෝප් සෙට් එක අඳුනගන්න තිබුණු අවස්ථාව මට නැති වුණා. 2019 අවසාන කාලෙදි ආපහු ලංකාවට ආවත් මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා ආපහු සුහද හමුවක් සංවිධානය වුණේ නැති නිසා තාමත් මට බයිස්කෝප් සෙට් එක මුණ ගැහෙන්න/දැක ගන්න බැරි වුණා. ඒකට ඉදිරියෙදි හරි අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා. මට උදව් කරපු ඇඩ්මින් මඩුල්ලෙ හැමෝටම ගොඩක් ස්තූතියි.

ඒ වගේම මම ස්තූති කරන්න ඕන බයිස්කෝප් වෙබ් අඩවිය ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවියක් කරලා, අපිත් එක්ක දිගටම ඉන්න, උපසිරැසියක් බාගෙන කමෙන්ට් එකකුත් දාගෙනම ගිහින් උපසිරැසිකරුවන්ව දිරි ගන්වන සහෘද ඔයාලටත්. උපසිරැසියකට යටින් දාන කමෙන්ට් විතරයි අපට තියෙන එකම සතුට. ඒ නිසා තමයි දහස් ගාණක් උපසිරැසිකරුවො අද බයිස්කෝප් එක්ක එකතු වෙලා ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් උපසිරැසි ලබා දෙන්නෙ. ඉතිං අපිත් එක්ක ඉන්න අපේ රසික රසිකාවන් සියලු දෙනාටත් හදවතින්ම ආචාර කරනවා.

එහෙනම් හැමෝටම බොහොම ස්තූතියි…….!!!!

මේ චිත්‍රපටිය 200 ඔක්තෝම්බර් 16 වෙනිදා තමයි මුලින්ම තිරගත වුණේ. මේක Evan Morganගෙ අධ්‍යක්‍ෂණයක්. විනාඩි 100ක ධාවන කාලයක් තියෙනවා. ළමා රහස්පරීක්‍ෂකයා (ඒබ් ඇපල්බොම්)ගෙ චරිතය කරන්නෙ Adam Jared Brody. කැරොලයින් තමයි Sophie Nélisse. IMDM එකේ 6.8ක් වගේම Rotten tomatoes එකේ 79%ක ප්‍රතිශතයක් මේ වෙද්දි අරගෙන තියෙනවා.

ඒබ් ඇපල්බොම් කියන්නෙ පොඩි කාගෙ ඉඳලා එක එක විදිහෙ රහස් පරීක්‍ෂක වැඩ කරපු පොඩි එකෙක්. පොඩි කාලෙ එයාගෙ රහස් පරීක්‍ෂක කාර්යාලෙ ලේකම් විදිහට හිටියෙ නගරාධිපති ගලිවර්ගෙ දුව ග්‍රේසි ගලිවර්. මේ ග්‍රේසි එකපාරටම අතුරුදහන් වෙනවා. ග්‍රේසි ගැන කොච්චර හෙව්වත් ඒබ්ට හොයාගන්න බැරිවෙනවා. ඒබ්ට විතරක් නෙවෙයි පොලීසියටත් ග්‍රේසිව හොයාගන්න බැරි වෙනවා. ග්‍රේසිගෙ අතුරුදහන්වීම දරාගන්න බැරුව ග්‍රේසිගෙ තාත්තා නගරාධිපතිත් සිය දිවි නසාගන්නවා. ග්‍රෙසිව හොයාගන්න බැරි වුණු නිසාමද මන්දා, ටික කලක් යද්දි කවුරුවත් ඒබ්ව ගණන් ගන්නෙ නැති ගාණට එනවා. එයාට විසඳන්න කේස් එන්නෙ නෑ. එයා ඒක ගැන ගොඩක් කණස්සල්ලෙන් තමයි ඉන්නෙ. දැන් එයාට අවුරුදු 31ක් වෙනවා. කාලෙකට පස්සෙ එයාට තවත් අභිරහසක් විසඳන්න භාර දෙනවා.

කැරොලයින් කියන ගෑණු ළමයගෙ පෙම්වතා කවුරුහරි ඝාතනය කරනවා. පොලීසියටත් මේ ගැන හොයාගන්න බැරි වෙලා. මේක විසඳන්න ඒබ්ට භාර දෙන්නෙ මේ කැරොලයින් තමයි. මේක භාර ගනිද්දිම ඒබ් කැරොලයින්ට එක දෙයක් කියනවා. “ කාරණය කොච්චර සරල වගේ පෙනුණත්, හොයා ගන්න දේ හැම වෙලාවෙම අපිව කම්පනය කරනවා. ” ඒක කොච්චර දුරට ඇත්තක්ද කියලා හිතාගන්න මේක බැලුවම පුළුවන්. කැරොලයින් ඒබ් එක්ක එයාගෙ පෙම්වතා ආපු ගියපු තැන්වලට ගිහින් මේක විසඳගන්න ගොඩක් උදව් වෙනවා. සැක කරන්න පුළුවන් කීප දෙනෙක්ම ඒබ් අඳුන ගන්නවා. ඒත්……….. මම කතාවෙ ගොඩක් කිව්වද මන්දා. තවත් කියන්න යන්නෙ නෑ. එහෙම වුණොත් වැඩක් නෑ.

මගේ 50වෙනි උපසිරැසිය විදිහට මේ වගේ චිත්‍රපටියක් කරන්න කියලා මට ආරාධනා කළේ චාමර සම්පත් සහෝදරයා තමයි. ඉතින් මගේ කඩඉම් උපසිරැසිය විදිහට මේක කරන්න භාර දුන්නු චාමර සහෝදරයට ස්තූතියි.

The Outpost 03වෙනි කතා මාලාවෙ අන්තිම කොටස් 02ත් ඉස්සරහට කරන්න තියෙනවා. ඒ දෙකත් විකාශනය වුණු ගමන්ම දෙන්නම්. 50 වෙනි කඩඉම එනකල් ගොඩක් කාලයක් බලාගෙන හිටියා. මම මීට දවස් කීපයකට කළින් උපසිරැසි දුන්නා වගේ තව කෙටි චිත්‍රපටි කීපයකට උප සිරැසි දෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සෙ නම් ටික දවසක් ව්වේකයක් ගන්න හිතාගෙන ඉන්නවා.

ලෝකෙටම වසංගතයක් වෙලා තියෙන COVID-19 රෝගයෙන් බේරිලා, සිංහල උපසිරැසියක් එක්ක චිත්‍රපටියක් දෙකක් බලලා, සන්තෝසෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ගිහින් එන්නම්… ජයවේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,938 downloadsDownload The-Kid-Detective-2020-Blu-Ray.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

6,938 downloadsDownload Subtitles83 KB

41 comments

  1. එල්.සී. දමැල්

    50වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම් රංජීව සහෝ!
    දිගටම වැඩකටයුතු සාර්ථකව කරගන්නත් ඊළඟ කඩයිම වෙත ඉක්මනින්ම ළඟා වෙන්නත් කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :D
    ජය :)

  2. Anonymous

    උපසිරසියට ජය

  3. මයුර සුරාජ්

    50වන උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ.
    තවත් කඩඉම් ගණනාවක්ම පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  4. Anonymous

    Congrats for 50th sub bro
    Keep it up...

  5. ab

    jayawewa

  6. මධුකප්‍රිය පෙරේරා

    පළමු කඩයිමට හෘදයාංගම සුබ පැතුම්!
    ඉක්මණට මේ වගේ තව තවත් කඩඉම් වැඩි වැඩියෙන් පහු කරන්න ලැබේවා කියා පතනවා. උපසිරසියට බොහොමත්ම ස්තුතියි. ඔබට ජයෙන් ජය.

  7. Anonymous

    ela ela bro

  8. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. tharidu16

    congratzzzz

  10. Shaggy

    Thank you very much

  11. jagath55

    Thanks

  12. නලින් පෙරේරා

    50යේ කඩඉමට සුභ පැතුම රංජිව සහෝ! ඔය ගම්මටම 100ටත් ලං කරමු!

    ජය වේවා!

  13. podda

    thanks jaya wewa!!!!
    suba pathum kada imata

  14. damith

    thanks bro. jaya wewa....!!!

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට......... සුබ පැතුම් 50වෙනි සබ් එකට ඉක්මනින්මම 100වෙනි සබ් එකත් ගහන්න ඉඩකඩ වෙලාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් ජීවිතේ ඉලක්ක සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  16. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  17. රොයිලි

    උණුසුම් සුබ පැතුම් 50 වෙනි කඩ ඉමට. මෙතනින් නොනැවති හැකි ඉක්මනින් 100 ට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  18. Anonymous

    Thanks

  19. Anonymous

    This is a really good movie. Thank you so much for sub.

  20. indika75

    50වන උපසිරැසියට සුබපැතුම් !!!!

  21. Amila Mudalige

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්

  22. lakshan

    50 sub thanks machan ...........................

  23. Nilush Angana

    Sub ekata thanx

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  25. Nilupul Wijayawardhana

    Thank you!

  26. හසන්ත වික්‍රමරත්ත

    50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් සහෝදරයා!
    ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල පතනවා! ජය!

  27. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... 50වෙනි සබ් එකට සුබ පැතුම් ... ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා.. දිගටම සබ් දෙන්න ....

  28. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසි කඩඉම වෙනුවෙන් සුබපැතුම් සහෝ...
    මේ සොඳුරු කොටි වලිගේ අල්ලගත්තා වගේම දිගටම අල්ලගෙන ඉන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    පෞද්ගලික ජීවිතේ වැඩකටයුතු සාර්ථකර කරගන්න ගමන් තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  29. ලහිරු චානක

    සුබ පැතුම් සහෝ..!!! තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා...!!! ජය වේවා...!!!

  30. lakshan

    suprb broo.............................

  31. එම්.එම්.අයි.ප්‍රසාද්

    50 වෙනි කඩ ඉම ජය ගැනීම වෙනුවෙන් සුභ පැතුම්. 100 වැන්නත් ඉක්මනින් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා

  32. Pramukmili

    congratulation & thank you saho....

  33. mindika

    Thanks !!!!!!

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  35. සංජන චමෝද්

    50 වෙනි උපසිරැසියට

    සුභ පැතුම් අයියෙ.

    දිගටම උපසිරැසි

    කරන්නට ශක්තිය

    ලැබේවා කියල

    ප්‍රාර්ථනා කරනවා.🤗

  36. MAALNATH

    Thanks ...........good luck ............

  37. Ashan

    50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් සහෝ.අපි වෙනුවෙන් ඉන්නවට ගොඩාක් ස්තූතියි ආදරෙයි
    ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල පතනවා! ජය!

  38. UDARA DAMITH

    elaaaaaaaaaaaaaa

  39. Anonymous

    niyamai saho.thawa demu.jaya

  40. Nishan S Ariyarathna

    thanks

  41. Ashen Weerasinghe

    ස්තූතියි පුලුවන් නම් fighter in the wind , true story එකට හොද සබ් එකක් හදල දෙන්ඩ