මේ ගෙනාවෙ 7 සහා 8 කොටස් දෙක. මං එහෙනම් කලින් කොටස් දෙක මතක් කරන්නම්. නෝමාන් රේයි තමයි ඔත්තුකාරයා කියලා සිස්ටර් ක්‍රෝනෙ ආපු දවසෙ ඉඳන් තමයි සැක කරන්න පටන් අරන් තියෙන්නෙ. නෝමාන් හරිම භයානකයි ඔහොම හිටියට. මොලේ තරම තේරෙනවා ඇතිනෙ. 😉ඒත් අනික් පැත්තෙන් රේයි. එයා ගහලා තියෙන ගේම් සේරටම හපන්. ගොඩක් කල් ඉඳන් ම…

මේ ගෙනාවෙ 7 සහා 8 කොටස් දෙක. මං එහෙනම් කලින් කොටස් දෙක මතක් කරන්නම්. නෝමාන් රේයි තමයි ඔත්තුකාරයා කියලා සිස්ටර් ක්‍රෝනෙ ආපු දවසෙ ඉඳන් තමයි සැක කරන්න පටන් අරන් තියෙන්නෙ. නෝමාන් හරිම භයානකයි ඔහොම හිටියට. මොලේ තරම තේරෙනවා ඇතිනෙ. 😉ඒත් අනික් පැත්තෙන් රේයි. එයා ගහලා තියෙන ගේම් සේරටම හපන්. ගොඩක් කල් ඉඳන් මමාගෙ ඔත්තුකාරයෙක් විදියට එයා වැඩ කරලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි එමාටයි නෝමාන්ටයි ජීවිතේ බේරගන්න ක්‍රමයක් හදන්න. එයාට ඕන වෙන කවුරු නැතත් ඒ දෙන්නව ජීවත් කරවන්න. එමාටයි නෝමාන්ටයි එයා කොච්චර ආදරේද කියලා තේරෙනවනෙ. ඔය විදියට මමාවත් ෂේප් කරගෙන මෙයාලා පැනලා යන සැලැස්ම ඉස්සරහට කරගෙන යනවා. ඔය අතරෙ එයාලා රහස් කාමරයක් තියෙනවා කියලා හොයාගන්නවනෙ. ඩොන් කරන්නෙ මමාගෙ ඇත්ත නැත්ත හොයන්න ගිල්ඩා එක්ක රහස් කාමරේ හොයාගෙන යන එක. එතනදි එයා දකිනවා කෝනි වගේම ළමා නිවාසෙන් පිටවුන අනිත් ළමයින්ගෙත් සෙල්ලම් බඩු සේරම ඒක ඇතුලෙ හංගලා තියෙනවා. ඒ නිසා ඩොන්ට සාධාරණ සැකයක් එනවා. ඩොන් හිතන විදිය හරි කියලා එයා දැනගන්නෙ එමායි අනිත් අයගෙනුයි කතාව අහලා දැනගත්තට පස්සෙ. පස්සෙ පුංචි රණ්ඩුවකුත් ඇති වුනත් එයාලා එකට වැඩ කරන්න පටන් ගන්නවා කලින් වගේම. මේ පාර ඇත්ත දැනගෙනම. පිල් පොතක හොයාගත්ත මෝස් කෝඩ් වගයක් නිසා එයාලට පට්ටියෙන් එළියෙ ලෝකෙ ඉන්න කෙනෙක්ගෙ උදව් තියෙනවා කියලා දැනගන්නවා. “විලියම් මිනර්වා”. තාම එයා කව්ද කියලා හරියටම දන්නෙ නෑ. ඒත් ළමයින්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා. මෙයාලා ඒ ගැනත් වැඩි විස්තර හොයනවා. ඔන්න ඔය වෙලාවෙදි තමයි සිස්ටර් ක්‍රෝනෙ බාධා කරන්නෙ. සිස්ටර් ක්‍රෝනෙ එමාලා කතා කර කර හිටපු සේරම දේවල් අහගෙන ඉඳලා තියෙනවා. ළමයි සිස්ටර් ක්‍රෝනෙට කොහොමද මුහුණ දෙයිද?
එහෙනම් 9 සහා 10 කොටස් වලින් ආයෙත් මුණ ගැහෙමු.
මෝස් කෝඩ් ගැන – මෝස් කෝඩ් (Morse code) කියන්නෙ අක්ෂර නියෝජනය කරන දිග සහා කෙටි තීරු/ආලෝක/ශබ්ධ වලින් යුක්ත වන සංඛේත එකතුවකට. මේ මෝස් කෝඩ් විවිධ අවස්ථා වල පාවිච්චි වෙනවා. දුර තියෙන නැවක ඉඳන් කොහෙටහරි ආලෝක එළි පාවිච්චි කරලා පණිවිඩ දෙන්න එහෙම ගොඩක් මේ මෝස් සංඛේත පාවිච්චි කරලා තියෙනවා. දෙවනි ලෝක යුද්ධෙදි මේ මෝස් සංඥා ලොකු කාර්යභාරයක් ඉටු කරලා තියෙනවලු හමුදා ඒකක අතර පණිවිඩ හුවමාරු කරන්න.

(අන්තර්ජාතිකව පිළිගත් මෝස් පරිවර්ථන)
(මෝස් සංඥා ලබාදෙන උපකරණයක්)

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1,804 downloadsDownload The-Promised-Neverland-S1-E7-E8-2019.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
9 comments
geeganagamage
Tsandesh
Dennakan balagena hitiye. Palaweni dawaseme 480p mkv Complete series download Kara. Thank you akki sinhala sub walata
Plzzzzzzzzzzzzzz
Alice academy aka gakuen Alice
Anime series ekata make iwara wunahama sinhala sub Denna
janakakilanka
Aiye sub tika niyamai. Alithen awa Kirk love story move eke sinhala subtitles ekak dennako. Thank you
Stranger
Thank you for subtitles
G.T.A.Fernando
Thanx akki...oya wage episode 12,24 thiyaa complete anime series walatama sub denno...
Ishan Madusha
බොහොම ස්තූතියි
Chanu mikhail
නියමයි.. කතාවයි සබ් එකයි සුපිරි,
බොහොම ස්තූතියි...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
niyamayi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Promised Neverland | S1 : EP07 & EP08 (2019) Sinhala Subtitles | සුභ ගමන් සිස්ටර් ක්‍රෝනේ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/The-Promised-Neverland-2018-S1-2.jpg)




බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි