Watch Trailer

The Promised Neverland | S1 : EP05 & EP06 (2019) Sinhala Subtitles | රහස් කාමරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 5යි 6යි කොටස් අරන් ආවා. දන්නෙ නෑ කට්ටියගෙ හිතට ඇල්ලුවද කියලා. කමක් නෑ. පටන් ගත්ත එක ඉවර කරන්න එපැයි. ඒත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දන්න නිසා මට විශ්වාසෙන් කියන්න පුළුවන් සීසන් 1න් මැනලා මේකෙ වටිනාකම මනින්න බෑ කියලා. ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න අපහසු අය හිටියනම් ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එ…

ඔන්න  5යි 6යි කොටස් අරන් ආවා. දන්නෙ නෑ කට්ටියගෙ හිතට ඇල්ලුවද කියලා. කමක් නෑ. පටන් ගත්ත එක ඉවර කරන්න එපැයි. ඒත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දන්න නිසා මට විශ්වාසෙන් කියන්න පුළුවන් සීසන් 1න් මැනලා මේකෙ වටිනාකම මනින්න බෑ කියලා. ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න අපහසු අය හිටියනම් ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දාලා තියෙනවා 🙃. ඉතින් කලින් කොටස් දෙකෙන් බලන්න ඇතිනෙ නෝමාන් උගුලක් අටවනවා කව්ද ඔත්තුකාරයා කියලා දැනගන්න. මොකද එයාලට සාධාරණ සැකයක් තියෙන නිසා. ඩොනුයි ගිල්ඩටයි සම්පූර්ණ ඇත්ත නොකිව්වත් එමායි අනිත් දෙන්නයි එකතු වෙලා හැමෝමත් එක්ක පැනලා යන්න හදන්නෙ කියලා එයාලට කියනවනෙ. ඇත්ත කිව්වා වගේ නෙවෙයි ඒ දෙන්නා අතරද දන්නෙ නෑනෙ ඔත්තු කාරයා ඉන්නෙ. ඉතින් අන්න ඒ නිසයි නෝමාන් මේ උගුල් අටවන්නෙ. ඩොන්ට කියන්නෙ එයාලා හදපු ලණු තියෙන්නෙ නෝමාන්ගෙ ඇඳ යට කියලා. එතකොට ගිල්ඩට කියන්නෙ ඒක තියෙන්නෙ නාන කාමරේ වහලෙ කියලා. ඔය අතරෙ රෑ ගිල්ඩා ගිහින් සිස්ටර් එක්ක කරන කතා බහට එමා ඇහුම්කන් දෙනවනෙ. එතනදි තහවුරු වෙනවා ගිල්ඩා කියන්නෙ පාවලා දෙන කෙනෙක් නෙවෙයි කියලා. ඔය අතරෙ මමාට දොර යටින් කොල කෑල්ලක් කව්ද දානවා ලණු තියෙන්නෙ නෝමාන්ගෙ ඇඳ යට කියලා. ඉතින් නෝමාන්ගෙ ඇඳ යට ලණු තියෙනවා කියලා එයාලා කිව්වෙ ඩොන්ට. පස්සෙ නෝමානුයි රේයි ලණු තියෙනවද කියලා පරික්ෂා කරලා බලනකොට ගිල්ඩට ලණු තියෙනවා කියලා කියපු තැන ලණු ඒ විදියටම තියෙනවා. ඒත් නෝමාන්ගෙ ඇඳ යට ගිහින් බලනකොට ලණු ටික නෑ. ඉතින් රේයි කියනවා “එහෙනම් දැන් තහවුරුයි ඒ ඩොන් කියලා” කියලා. ඒත් නෝමාන් කෙලින්ම රේයිගෙ පැත්ත හැරිලා කියන්නෙ “එහෙනම් ඔයයි ඔත්තුකාරයා” කියලා. ඒ මොකක්ද වුනේ? රේයි ඔත්තු කාරයෙක් වෙන්න පුළුවන්ද? රේයි කියන්නෙ එමාගෙයි නෝමාන්ගෙයි හොඳම යාළුවා. නිකන්ම යාළුවෙක් නෙවෙයි. පොඩි කාලෙ ඉඳලම එකට ඉන්න යාළුවා. එහෙම කෙනෙක් එයාලට ද්‍රෝහි වෙලා මේ වගේ බරපතල වෙලාවක ඔත්තුකාරයෙක් වෙයිද? ඒ ගැන බලන්න අද ගෙනාපු කොටස් දෙක බලන්න වෙනවා. 😉

එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් (7 සහා 8) මුණ ගැහෙමු. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

1,901 downloadsDownload The-Promised-Neverland-S1-E5-E6-2019.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

1,901 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ

  3. Charith Eranga Munasinghe

    සුපිරි කතාව...
    බොහොම ස්තුතියි ඉක්මනට සබ් දෙනවට.....

  4. Krishan NiShalya

    Thank You ..

    ❤️
    Good luck..

  5. Hasidhuanjana

    THANK YOU VERY MUCH

  6. Tsandesh

    Thanks akki sinhala subtitles denawata anime walata. Digitama anime series walata denna. Ep 1&2 wala lipiya kiyewwahama nobala Inna bariwuna. Anith epi walatath ikamanata denna
    Fantasy\horror\thriller wale mix ekak meka.
    Animation pisso aniwaren balanna ,miss karaganna epa
    ____________________________________________________
    Request ;
    Alice academy aka gakuen alice(2004-2005)26 eps
    --------------------------------------------------------------------------------------
    Plzzz me series eka iwara wunahama mekatath subtitles sinhalen Denna

  7. Stranger

    Thank you for subtitles

  8. samalkanthi

    බොහොම ස්තූතියි උපසිරසියට. දිගටම කරන්න

  9. Chanu mikhail

    බොහොම ස්තුතියි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udara Damith Dissanayaka

    ela

  12. KP7

    Sub Ekata Thanks Sis.. Digatama Me Wage Japan Anime Series Walata Sub Denna.. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.