සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට. ඔන්න කිව්ව විදිහටම බොහොම ඉක්මනට The Protector කතා මාලාවේ පළවෙනි කතා සමයේ අට වෙනි කතාංගයත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. වැඩි විස්තරයක් නැතුවම කතාවට බහිමු. මොකද හැමෝටම කුතුහලයක් ඇතිනේ කලින් කතාංගය ඉවර වුණ විදිහත් එක්ක. ආරක්ශකයා සහ සපිරිවරේ පුරාවස්තු මංකොල්ලය නම් අහවරයි.…

සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට. ඔන්න කිව්ව විදිහටම බොහොම ඉක්මනට The Protector කතා මාලාවේ පළවෙනි කතා සමයේ අට වෙනි කතාංගයත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. වැඩි විස්තරයක් නැතුවම කතාවට බහිමු. මොකද හැමෝටම කුතුහලයක් ඇතිනේ කලින් කතාංගය ඉවර වුණ විදිහත් එක්ක. ආරක්ශකයා සහ සපිරිවරේ පුරාවස්තු මංකොල්ලය නම් අහවරයි. ඕන කරන දෙයත් හොයාගත්තා. ඒත් ඩොක්ටර් කෙමල්? එයාටනම් එච්චර හොද කල දසාවක් නෙමේනේ උදා වුණේ. ඒ වගේම දැන් හකාන් එහෙමත් නැත්නම් අපේ ආරක්ශකයට ඉමෝටල්වරයා ව මරන්න ඕන වෙන දේවල් සෑහෙන දුරට සම්පූර්ණයි. ඒත් මරන්න කලින් ඒ කවුද කියලා හරියටම දැනගෙන ඉන්න එපැයි. ඒක කොහොමද කරන්නේ. අද කතාවෙන් ඒකට පොඩි ඉගියක් ලැබේවි.
හකාන් ලට දැන් තියන ලොකුම ප්‍රශ්නය තමා ඩොක්ටර්ව හිරෙන් නිදහස් කරගන්න එක. ඉතින් මේකට උදවු කරගන්න සෙයිලන් කියන පොඩි කෙලී, සිනෙප්ව අරගෙන යනවා ටිමූර් ළගට. තවත් පක්ශපාතීන් ගෙන් කෙනෙක්. මේ අතරේ තමන්ගේ ව්‍යාපාර රහස් එළියට අරගෙන තමන්ගේ වැරදි වැඩ එළි කරන්න යන යසිර් කියන පත්තර වාර්තාකාරයගේ වැඩ මිස්ටර් අර්ඩම් තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්වලා තහනම් කරනවා. තමන්ගේ ආරක්ශාව තර්ජනයට ලක් වෙලා කියලා හිතන මිස්ටර් අර්ඩම් තමන්ගේ පෞද්ගලික ආරක්ශාව සහ ආරක්ශක ප්‍රධානී තනතුර හකාර් ට පිරිනමනවා . මේකෙන් හොදටම අවුල් යන මසාර් හකාන්ව පැහැරගෙන යනවා. කතාව අවසානයේ හකාන් ලොකු බලාපොරොත්තු කඩ වීමකට මූණ දෙනවා , ඒ ගැන කිව්වොත් බලලා වැඩක් නෑ නොවැ. එහෙනම් දැනට එපමණයි.
හිරේ විලංගුවේ වැටිලා ඉන්න ඩොක්ටර්ව බේරගන්න හකාන් සහ පිරිවරට හැකි වෙයිද?
මිස්ටර් අර්ඩම් බොහොම උනන්දුවෙන් රකින්න දගලන තමන්ගේ රහස් මොනවද?
මසාර් සහ හකාර් අන්තිම සටන කොතනින් නිම වෙයිද?
සේරටමත් වඩා, තමන් දැඩිව විශ්වාස කළ දෙයක් හේතුවෙන් හකාර් නොහොත් ආරක්ශකයා ඉච්ඡාභංගත්වය ට පත් වෙන්නේ ඇයි?
මේ ප්‍රශ්න ඔක්කොටම විසදුම් අද කතාවෙන් ගෙනල්ලා තියනවා. එහෙනම් බාගෙන බලමු. මේ කතාංගයෙන් මම මේ කතා මාලාව සදහා සපයන උපසිරැසි අවසන් වෙනවා. එහෙනම් ආයෙමත් මේකට හවුල් කරගත්ත කවිශල් අයියා සබ් සදහා දායක්ත්වය දුන්න මලිත් අයියා වගේ කවිනු සහෝදරයා මතක් කරමින් සමුගන්නවා . අලුත් කතාවකින් ඉක්මනින්ම හමු වෙන තුරු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,868 downloadsDownload The-Protector-S01-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
32 comments
sachintha
Nthara86
වැඩේ නියමෙට කරලා තියෙනවා. බය නැතුව වැඩේ කරන්න දෙන්න පුළුවන් චරිතයක් තමා. එහෙනම් තවත් වැඩකින් සෙට් වෙමු. සබට තුති .... ජය වේවා....!!!
Nthara86
chamilaya123
thzz sahoo balagena hitiye ,ethutu tikath ikmanata danna.
dsdkavishka
Thenks for sub
MRT97
Tnks මචං. අනිත් 2ත් ඉක්මනට දියං. බාලා බලාගෙන ඉන්නෙ සබ් 1 නැතිව තේරෙන් නැති නිසා
Yasiru_kanchana
niyamai anith tikath ikmanta dandooooooooo....................
bimbi
පට්ට කතාවක් මුලින් බලනවද නැද්ද කියලා හිත හිතා හිටියත් බයිස්කෝප් නිසා ඇබ්බැහි උනා
ඉතුරු ටිකත් ඉක්මණට දෙමු
තුර්කි කතා කොහොමත් පට්ටා !dulakshitha
thanx mchan
meka iwara wechcha gaman me wage thawa patta kathawak genenKanchana
Thanx saho
suranuwan
thanks bro.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
අන්තිම කොටස් දෙකත් ඉක්මනටම ගේමු...Nilush Angana
Sub ekata thanx
shinejay
thanks saho..... digatama denna sub tika...
darshana100
thanks yalu
Kulanjana Maduranga
subata thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
herathchathu
ep 09 10 dennakoo plz ....
sudarshanagihan
supiriyakkkkkkk
gdthanuja
thanks saho........
Pahan Tharu
tnx bro :D
Maxx Dula
ty
priyan99
thanks bro sub ekata
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!vishwanathmadhushanka
Thanks bro
Hashith Milan Eranga
Thank for subtitles
Udara Damith Dissanayaka
buhaaaaaaaaaaaaaaaa
Eranda Malith 2.0
ස්තූතියි සහෝ
RavindraRishantha
Thanx malli
Buddi
Thanks.........
Kanchaka
Thanks bro
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය