ආයූබෝවන් හැමෝටම….!!! මේ අරගෙන එන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලන The Protector දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස. මම ලිපිය ලිව්වට සබ් එක නම් මම නෙමෙයි ඔන්න. සබ් එක කලේ නුවන්ත දුලාන් අයියා. ලිපියක් ලියල දෙන්න කිව්ව හින්දා තමයි මම මේ ලිපිය ලියන්නේ. පලවෙනි කතා සමය මම උපසිරැසි ගැන්වුවට මට මේ වතාවේ ඒක කරන්න වෙන්න…

ආයූබෝවන් හැමෝටම….!!!
මේ අරගෙන එන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලන The Protector දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස. මම ලිපිය ලිව්වට සබ් එක නම් මම නෙමෙයි ඔන්න. සබ් එක කලේ නුවන්ත දුලාන් අයියා. ලිපියක් ලියල දෙන්න කිව්ව හින්දා තමයි මම මේ ලිපිය ලියන්නේ. පලවෙනි කතා සමය මම උපසිරැසි ගැන්වුවට මට මේ වතාවේ ඒක කරන්න වෙන්නේ නෑ විභාගය ලග ලග එන නිසා. ඒ වුනාට ගානට වැඩේ කරලා දෙන්න කට්ටිය සෙට් කරලා තමයි මම වැඩෙන් අයින් වුනේ. ඉතින් ඒ කණ්ඩායම වැඩේ සුපිරියට ලස්සනට කරලා ඔයාලට ගෙනත් දෙයි. ඒ අයට පොඩි සපෝර්ට් එකක් දෙන්න කියලත් මතක් කරන ගමන් හැරෙමු කතාව පැත්තට.
පසුගිය කොටසින්…
පලමු කතා සමය අවසන් වෙන්නේ ඉමෝර්ටල්වරු 7දෙනාම නිදහස් වුන තැනෙන්. හකන්ගේ මුරණ්ඩු කම සහ කලබලය නිසා වැඩේ දෙල් වුනා. එක ඉමෝර්ටල් කෙනෙක් මදිවට දැන් හත්දෙනෙයි. තව ටිකෙන් ලයිලා මැරෙනවා, මැරෙනවා නෙමෙයි මැරුනා ඒත් ඉමෝර්ටල්වරයගේ ලේ වලට පිං සිද්ද වෙන්න ආයෙත් පන ආවා. ඉතින් දෙවැනි කතා මාලාවෙ පලවෙනි කොටස පටන් ගන්නේ අතීතයේ සිදුවුන කතාවකින්. ඒකේ පෙන්නනවා කලින් ඉදපු ආරක්ෂකයෙක් ඉමෝර්ටල්වරියක් එක්ක ආදරයෙන් බැදිලා වෙච්ච දෙයක් ඒතනදි ආරක්ෂකයාව ඒ ඉමෝර්ටල්වරිය මැරුවට. ආරක්ෂකයාගේ පුතා පැනගන්නවා. මේ සිද්දියේ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. නිකන් ඕවා දාන්නේ නෑ නේ. ඉස්සරහට බලමුකෝ නේද? ඊට පස්සේ සීනෙප් සිහි නැතුව රෝහලේ ඉන්නවා දකින්න ඇතිනේ. හකන් හුගක් කලබල වෙලා ඉන්නේ මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව. ඒත් එක්කම නිව්ස් වලින් කියනවා හගියා සොෆියා ගෑස් පිපුරුම අනතුරක් කියලා. ඒක එක විදිහකින් එවෙලෙට විතරක් අස්වැසිල්ලක් වුනා හකන්ට. ඊට ප්ස්සේ ලයිල අහනවා “මම මැරිලා ඉන්න ඕන කෙනෙක් ඒත් කොහොමද ජීවතුන් අතර ඉන්නේ කියලා?” ඒකට හේතුව හකන් ලයිලට පහදලා දෙනවා, ෆෙයිසල්ගේ ලේ එහෙම නැත්තම් ඉමෝර්ටල්වරයෙක්ගේ ලේ නිසා එයාට ආයේ පන ආවා කියලා. ඒත් ලයිලා බයෙන් ඉන්නේ ඒ ලේ නිසා මුකුත් වෙයිද කියලා.
පස්සේ දකින්න ඇති ෆෙයිසල් සහ එයාගේ නෝනා ආයේ එකතු වෙලා කතා බහක් කරගෙන ඉන්නවා. ඒ දෙන්නා කොහොමත් අනිත් ඉමෝර්ටල්වරු 5 දෙනාට කැමති නෑ. ඒ වගේම හකන්ට මොකද කරන්නේ කියන එක ෆෙයිසල් භාරගත්තා. මේ පේන විදිහට ඉස්තාන්බූල්වල එකිනෙකාට තරග වදින්න කන්ඩායම් තුනක් තියෙනවා. හකන් ප්‍රමුඛ පක්ෂපාතීන්, ඉමෝර්ටල්වරු පස් දෙනා, ෆෙයිසල් සහ එයාගේ නෝනා. ඉතින් මේ කණ්ඩායම් තුන අතර සටන තමා මම හිතන විදිහට ඉදිරියට සිද්ද වෙන්නේ, කියන්න බෑ මොනව වෙයිද කියලා ඒ අතරේ මේක කණ්ඩායාම් දෙකක් වෙන්නත් ඉඩ තියෙනවා. බලමුකෝ ඉස්සරහට. තව කිව්වොත් හකන්ගේ බල කමිසය දැන් තියෙන්නේ ෆෙයිසල් ගාව, ඒක හකන්ට එක අවාසියක් මොකද ඒක නැතුව හකන්ට ඉමෝර්ටල්වරුන්ට එරෙහිව හැප්පෙන එක අමාරු වැඩක් නිසා. පසුවදා ෆෙයිසල් මාධ්‍ය හමුවක් කැදවලා හගියා සොෆියා ගෑස් පිපුරුම අනතුරක් නෙමෙයි හකන් දෙමීර්ගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් කියලා ජනතාවට කියනවා. ඒකෙන් වෙන්නේ පොලිසිය හකන්ගේ පස්සේ පන්නන්න ගත්ත එක, ඒත් ඒ පන්නන කොට යම් කට්ටියක් ඔහුගේ ඔළුවට ගහලා සිහිනැති කරනවා.ඒ කවුද කිව්වොත් ඉතින් පක්ෂපාති අයම තමා. එයාල හකන්ව පක්ෂපාතීන්ගේ මූලාස්ථානයට අරගෙන යනවා.
ඊට පස්සේ දකින්න ඇතිනේ නිදහස් වුන ඉමෝර්ටල්වරු දෙන්නෙක් ජාතික කෞතුකාගාරෙන් යම් දේවල් ටිකක් හොරකම් කරගෙන යනවා. ඒ මොනාද කියලා අපිට ඉස්සරහට දැකගන්න පුළුවන් වෙයි. හැබයි මේ ගොල්ලා හුගක් ලොකු ගේමක තමයි එන්නේ කියලා නම් ඔවුන්ගේ හැසිරීමෙන් පේනවා. ඒත් එක්කම ලයිලා බය වුන දේ වෙන්න ගන්නවා. ෆෙයිසල්ගේ කටහඩ එයාට ඇහෙන්න ගන්නවා. ලයිලට මොකක් නමුත් වෙන්න පටන් ගන්නවා, ඒ ඉමෝර්ටල් ලේ නිසා කියලා ඔයාලට තේරෙනව ඇතිනේ. හකන්ව පක්ෂපාති අය මූලස්ථානෙට අරගෙන ගියාම එයාට අස්‍රා කියන පක්ෂපාතීන්ගෙ ජේ්‍යෂ්ට කෙනා හම්බුවෙනවා. ඔවුන් හකන් එක්ක එකට වැඩ කරන්න ලෑස්ති බව තමයි පේන්න තියෙන්නේ, හැබයි නීති නම් වැඩියි.
ඊට පස්සේ සීනෙප් රෝහලෙන් ෂේප් එකෙ පැනලා තාත්තගේ ෆාමසියට යනවා. එතනදි අස්‍රාගේ දෙන්නෙක් එයාව අල්ලගන්න හැදුවත් සීනෙප් උන් දෙන්නට තඩි බාලා පැනගන්නවා. ඊට පස්සේ එයා යන්නේ ගෙදරට. එතනදි සීනෙප්ගේ තියෙන තරහ දකින්න ඇතිනේ. මොකද තාත්තගේ අහිමි වීම නිසා. ඒ නිසා එයාට තාත්තා එක්ක ඉන්න පොටෝ එකකුත් කුඩු කරගන්නවා.
අස්‍රා ඇතුළු පක්ෂපාතීන් තදින්ම හිතන්නේ සීනෙප් එයාගේ මෙහෙයුම පාවා දුන්නා කියලා, හකන් ඒ මතය බිදින්න උත්සහ කලත් ඒකෙන් ඵලක් වෙන්නේ නෑ. අස්‍රා හකන්ව මූලස්තානෙ තියලා අනිත් අය එක්ක සීනෙප් හොයන්න යන්න තමයි සූදානම් වුනේ. නමුත් හකන් ඒකට විරුද්ධ වුන නිසා හකන්ට ඒක හොදින් කෙලවර වුනේ නෑ. සීනෙප් එයාගේ තාත්තව මරපු ගෑනු කෙනා හොයාගෙන ගිහිල්ලා මරන්න හදනකොට ඒකි කියනවා මාව මරන්න එපා. මම තොරතුරු දෙන්නම් කියලා ඉමෝරටල්වරු ගැන. ඉතින් ඒ ගෑනු කෙනා තොරතුරු කියනවා. “ලොකු යුද්ධයක් එනවා. අතීතයේ වෙච්ච ලොකු යුද්ධයක් එනවා” කියලා තමයි ඒ ගෑනු කෙනා කිව්වේ. ඒත් සීනෙප් පොරොන්දුවුන විදිහට ඇයව නොමරා බේරුවේ නෑ. තාත්තගේ පලිය ගන්න මරලම දැම්මා.
ලෙයිලව ෆෙයිසල් සහ එයාගේ නෝනට හම්බුවෙනවා. හම්බුවෙනවා නෙමෙයි මුණ ගස්සගන්නව. ෆෙයිසල් කියන විදිහට ලෙයිලගේ ඇගේ දුවන්නේ ෆෙයිසල්ගේ ලේ ඒ නිසා ලෙයිලව අයිති ෆෙයිසල්ට. ඒ කියන්නේ ඉමෝර්ටල්වරයෙක්ගේ ලේ. ඒ නිසා ෆෙයිසල්ට පූළුවන් මනසින් ලෙයිලව පාලනය කරන්න. ඒකල ලෙයිලට පෙන්නුව විදිහ දැක්කනේ. එයා ලවාම එයාට කූරකින් ඇණගත්තා. ඉතින් දැන් පේන විදිහට ඒකත් එක අතකින් හකන්ට ලොකු අවාසියක්. ලෙයිලට මොකක් වෙයිද? ඇයව මරන්න පුළුවනුත් ආරක්ෂකයගේ කිණිස්සෙන් විතරයි.
සීනෙප් පස්සේ පක්ෂපාතීන්ගේ මූලස්තානෙට් ගිහිල්ලා හකන්ව බේරගන්න හදනවා. ඒත් එතනදි සීනෙප් සහ පක්ෂපාති අය අතර පොඩි සටනක් ගියත් අන්තිමේ හකන් සහ සීනෙප්ගේ කරුණු පැහැදිලි කිරීම් මත පක්ෂපාතී එක අරමුණකට ගන්නවා. සීනෙප් හකන් සහ පක්ෂපාති අය හැමෝම දැන් එක කණ්ඩායමක්. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.
අද කොටසින්…
අද කොටස ගැන කිසිම දෙයක් මම කියන්න යන්නේ නෑ. මොකද ස්පොයිල් කරන්න ඕන නෑ නේ. පොඩි දෙයක් කියන්නම් අද කොටසින් බලාගන්න පුළුවන් ඉමෝර්ටල්වරුන්ගේ අරමුණ මොකද්ද කියලා.
මතකනේ මම කිව්වා.. මේක සුරංගනා කතාවක් නෙමෙයි.!!!
එහෙනම් මම ගිහින් එන්නම්. නැවත වරක් මේ දෙවැනි කතා මාලවට උපසිරැසි කරන්න එකතු වුන බේනුක මලයා, නුවන්ත අයියා, මලිත් අයියා, නවීන් අයියා, යුරාන් අයියා සහ චානක අයියව මතක් කරනවා අහපු ගමන් වැඩේ කරන්න සෙට් වුන එක ගැන. ඊළග කොටස මලිත් අයියා අරගෙන ඒවි එහෙනම්. කට්ටියට එහෙනම් කොමෙන්ට් එකක් දාලා එහෙනම් සංග්‍රහ කරන්න අමතක කරන්න එපා. ජය වේවා…!!!
……Never doubt your POWER…
….Your POWER is your Destiny……
ලිපිය:- කවිශල් රසින්ත (කවී)
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,655 downloadsDownload The-Protector-S02E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
24 comments
luon95
chamee1234
Thank you.......supiri kathawa
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Kanchana
Thanx saho
dushanniro
uriyadi 2 sub one
malithmadhushan45
ස්තුතියි සහෝ උපසිරසට
Mr.pamz
Thanks bro
Stranger
thanks
rangika Kariyawasam
තද බෝම තුති සහෝ.ලෙසටම තැන්කු ... ජයවේවා
Luckyuu
ela bro
dx12
thanks bro
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ ..ජය !!!
suranuwan
thanks bro..
jerrydissanayake98
Bohoma ස්තූති sahoo..
පුලුවන් නම් sabrina s02 sub දෙන්නකෝPrakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට .ජයවේවා ...!
dulakshitha
thanx bro
Eranda Malith 2.0
ස්තූතියි සහෝ
RavindraRishantha
Thanx malli
Kanchaka
Thanks bro
Buddi
Thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you..
MAALnath
Thanks ..................good luck ........................
sanjeewakbg
thanks bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Protector [S02 : E02] Sinhala Subtitles | ඉමෝර්ටල්වරුන්ගේ අභිප්‍රාය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-Protector-Season-2.jpg)




Thank you!!!!