Watch Trailer

Tokyo Ghoul: re Part 2 EP05 & 06 (17&18) (2018) Sinhala Subtitles | භයානක සැලසුම් [සිංහල උපසිරැසි සමඟ]

3 සහා 4 කොටස් වල සාරාංශය පැහැදිලි කලොත්, ඔයාලට මතක ඇති පළවෙනි කොටස් දෙකේදි කොක්ලියා සහා ටෝකියො තුඩුව යන තැන් දෙකේදි ගූලයො සහා සීසීජී අතර සටන් ඇති වුනා. ඒත් ඒ දෙකේදි පෙන්නුවෙ කොක්ලියා වල සිද්ධි දාමය මොකක්ද කියලා. එතකොට 3,4 කොටස් වලින් පෙන්නුවෙ ටෝකියෝ තුඩුවෙදි වෙන දේවල් ගැන. එතනදි වෙන වැදගත් දෙයක් තම…

3 සහා 4 කොටස් වල සාරාංශය පැහැදිලි කලොත්, ඔයාලට මතක ඇති පළවෙනි කොටස් දෙකේදි කොක්ලියා සහා ටෝකියො තුඩුව යන තැන් දෙකේදි ගූලයො සහා සීසීජී අතර සටන් ඇති වුනා. ඒත් ඒ දෙකේදි පෙන්නුවෙ කොක්ලියා වල සිද්ධි දාමය මොකක්ද කියලා. එතකොට 3,4 කොටස් වලින් පෙන්නුවෙ ටෝකියෝ තුඩුවෙදි වෙන දේවල් ගැන. එතනදි වෙන වැදගත් දෙයක් තමයි ආමොන් පේන්න එන එක. ආමොන් කියන්නෙ සීසන් 1 සහා 2 වල හිටපු පරික්ෂකවරයෙක් කියලා දන්නවනෙ. අකිරා මාදෝට ටකිසවා පහර දෙන්න එනකොට එයා මැද්දට පනිනවා. ඒ වගේම ටකිසවාව ක්වින්ක්ස් කණ්ඩායමේ නායකයා මරන්න යද්දි ඒ මැද්දට අකිරා පනිනවා. ඒකෙදි එයාට දරුණු තුවාලයක් වෙනවා. ඒ වෙලාවෙ ආමොන් ටකිසවාට කියනවා අකිරව අරගෙන එතනින් යන්න කියලා. ටකිසවා කියන්නෙ පන්තියෙ 2 වනි තැන ගත්තට අකිරා එක්ක ඊරිසියාවෙන් ඉන්නවා වගේ පෙන්නුවට අකිරට ගොඩක් කැමැත්තෙන් හිටපු කෙනෙක්. එයාව ආමොන් ළඟට යවන්න ගිහින් තමයි ටකිසවාට එයාගෙ මනුස්සභාවය නැති වුනෙත්. මෙතනදි ආමොන් කියන දෙයක් තමයි අකිරව සිසීජී එකට අයිති නෑ කියලා. ඒකට හේතුව 4 වෙනි කොටසෙදි එළි වෙනවා. ඒතෝ, වාෂු වංශය ගූලයන්ගෙ අනුගාමිකයො කියලා පොතක් ලියලා ලොකු පෙරළියක් කරනවා. ඒත් එයාට ඕනෙ වෙන්නෙ මේ රහස ඉස්මතු කරන්න. ඒ තමයි වාෂු වංශය අනුගාමිකයො නෙවෙයි එයාලා ගූලයො කියන එක. ඒ කියන්නෙ සීසීජී පවත්වාගෙන ගිහින් තියෙන්නෙත් ගූලයො කණ්ඩායමක් විසින්මයි. ඒ වගේම ස්වාභාවික එකැස් ගූලයො ගැන ලොකු හෙළිදරව්වක් සිද්ධ වෙනවා. ඒ කියන්නෙ එයාලට ලොකු ජීවිත කාලයකට උපතින්ම උරුම කම් ලැබිලා නෑ කියන එක. එකැස් රජතුමා කියන්නෙ ගොතපු කතාවක් වුනත් අරීමට හොඳට ඒ නම ගැළපෙනවා. එයා කොච්චර ශක්තිමත්, දක්ෂද කිව්වොත් හැමෝම එයාට “සීසීජී මාරයා” කියලත් නම දාලා තිබුනා. ඒත් මේ ස්වභාවික ගූලයන්ගෙ ඉක්මන් ජීවන චක්‍රයට අරීමත් මූණ දෙනවා. ඒත් ඒකෙ ගෞරවය කනෙකිට ගන්න අරීමා මැරෙන්න කලින් පොරොන්දු කරවගන්නවා. ඒ ලොකු පෙරළියක් කරන්න පුළුවන් වෙන්න. එහෙම පොරොන්දු කරවගෙන අරීමත්, වාෂු වංශය ගැන හෙළිකරපු අන්තේකු මැනේජර්ගෙ දුව, එකැස් බකමූණා කියලා නම් දරපු ශක්තිමත් ගූල් කාන්තාව, ඒතෝත් පහුගිය කොටසෙදි ජීවිතයෙන් සමුගන්නවා. කනෙකිට මග පෙන්නන්න අරීමා කෙනෙක්ව තියලා ගිහින් තියෙන්නෙ. ඉස්සරහට කනෙකි මිනිස් ගූල් ලෝකෙට කොහොම මූණ දෙයිද කියලා අද කොටසෙනුත් ඊළඟ කොටස් වලිනුත් බලාගන්න පුළුවන්. ෆුරුතත් අඩ මනුස්සයෙක් කියලා දැනගන්න ඇතිනෙ. එයා කොක්ලියා වල කලබල අස්සෙ පැනගත්ත පොරොපොරො (ආමොන්ගෙ හදාගත් පියතුමා) එක්ක වාෂු වංශයෙ/ සීසීජී ප්‍රධානියව මරලා දානවා. ෆුරුතයි මේ ක්ලවුන්ලා ගැනයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න. ලොකු විස්තරයක් පස්සෙ කොටස් වලින් දැනගන්න ලැබෙයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,495 downloadsDownload Tokyo-Ghoul-Re-Part-2-E17-E18.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

3,495 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Udara Damith Dissanayaka

    thanks ...hodatooma parakku una

  3. Amalka Himeshan

    Thanks navo sub ekata

  4. Chanu mikhail

    ස්තූතියි.....

  5. Gathsara Umesh

    බොහෝම ස්තූතිය අක්කේ ❤️
    අදනම් පරකු උනානේ....
    හෙට හමුවෙමු❤️

  6. Dasun Madawa Ranasinghe

    thanks alot

  7. sam fisherr

    මගේ ආාාාාාාාාාාාාාසම ඇනිමේ එකක් නිසා සබදෙනවට ස්තුති.mirai කියල ඇනිමේ මුවියක් තියනව සබ් දෙන්න බලන්න ස්තුති

  8. Janasanka

    බොහොම ස්තුතියි...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Stranger

    thanks

  11. Pavith Wijesooriya

    නියමයි අක්කේ.සබ් එකට ගොඩාක් ස්තූතියි!දිගටම ඇනිමේ වලට සබ් දෙන්න.