මම පොඩි කාලෙ මගේ අම්ම, මට එක කතාවක් කියනව… ගොඩක් අසනීපෙන් ඉන්න ගැහැනු දරුවෙක් ගැන. එයාගෙ කාමරේට එලියෙන් එක කොල හැලිච්ච ගහක් තිබුනලු. එයා එයාගෙ තාත්තට කිව්වලු ගහේ අවසාන කොලේ වැටෙනකොට, එයා මැරෙයි කියල. ඉතින් එක දවසක් එයාගෙ තාත්ත අවසාන කොලේ ගහට තියල ඇලෙව්වලු. ඒක කවදාවත් වැටෙන්නෙ නැති වෙන්න. හැමදාම එයා…

මම පොඩි කාලෙ මගේ අම්ම,
මට එක කතාවක් කියනව…
ගොඩක් අසනීපෙන් ඉන්න ගැහැනු දරුවෙක් ගැන.
එයාගෙ කාමරේට එලියෙන් එක කොල හැලිච්ච ගහක් තිබුනලු.
එයා එයාගෙ තාත්තට කිව්වලු ගහේ අවසාන කොලේ වැටෙනකොට,
එයා මැරෙයි කියල.
ඉතින් එක දවසක් එයාගෙ තාත්ත
අවසාන කොලේ ගහට තියල ඇලෙව්වලු.
ඒක කවදාවත් වැටෙන්නෙ නැති වෙන්න.
හැමදාම එයා ගහ දිහා බලනකොට,
අර තනිවෙලා තියන කොලේ දකිනව.
ඒ තනි කොලේ නිසා,
එයා ජීවත් වෙන එක ගැන විස්වාසයක් ඇති කරගන්නව.
සමස්ත IMDb අගය 8.7ක් වශයෙන් සටහන් වෙලා තියන Delhi Crime හයවන කතාංගයයි ඔයාල මේ සිංහල උපසිරැසි සමඟ නරඹන්න ලෑස්ති වෙන්නෙ. ඉන්දියාවම කම්පා කරමින් තරුණියක් කුරිරු රාක්ෂයන් අතින් විනාශයට පත් වෙනව. මේ නිසා රටක්ම හැඩූ කඳුලින්. තම දියනියට සිදු වූ දේ හිතාගත නොහැකිව පසුතැවිල්ලෙන් කල් ගත කරන මා පිය දෙපලක්. ඔයාල පසුගිය කොටසෙන් දකින්න ඇති ආලෝක් කුමාර් සහ සෝනු හොයන වැඩේ දිගටම කරගෙන යනව. ආලෝක් කුමාර් හොයාගෙන යන කණ්ඩයාමට සිද්ද වෙනව. නක්සල් ප්‍රදේශයකට ඇතුල් වෙන්න. ඒත් කිසිම ප්‍රගතියක් නැහැ. ආලෝක් කුමාර් ආගිය අතක් නැහැ. ඒ වගේම කොමසාරිස්තුමාව සම්මේලනයකට ගෙන්නල ප්‍රධාන ඇමති දෝෂාරෝපණ එල්ල කරනව. පෞද්ගලික තරහක් පිරිමහ ගන්න එහෙම කරනවයි කියල තමයි කියන්නෙ. සෝනුව හොයන වැඩෙත් සාර්ථක නැහැ. කෙනෙක්ව අල්ල ගන්නව. ඒත් එයා හරි පුද්ගලය නෙවෙයි කියල පොලිසියෙ අයට තේරෙනව.
අදත් ආලෝක් සහ සෝනු හොයන වැඩේ දිගටම කරගෙන යනව. එතනදි ආලෝක් හොයන වැඩේ කරගෙන යන විමර්ශන කණ්ඩායමට සම්පූර්ණ නක්සල් ජනතාව වෙසෙන පලාතකට යන්න වෙනව. කලින් වතාවෙ පලාතෙ හමුදාවෙ සහය හරි තිබුන. මේ සැරේ එහෙමවත් නැහැ. සෝනු හොයන කණ්ඩායමටත් ඒ වැඩේ දිගටම කරගෙන යන්න නියෝග ලැබෙනව. ඒ වගේම සිර බාරයෙ ඉන්න සිර කාරයො දෙන්නෙක් සියදිවි හානි කරගන්න උත්සහ කරනව. ඉතින් එයාලට මොකද වෙන්නෙ සහ කතාංගය අවසන් වෙන්නෙ කොහොමද? නැරඹීම ඔබට බාරයි. මීලඟ කතාංගයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,666 downloadsDownload delhi-crime-e06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
17 comments
Prabodha Madhusankha Hettiarachchi
Zuko
Thanks bro!!
rehani
thanks dr..
Chokzi
Thanks
Nirosh C
ස්තුතියි චානක සහෝ.ජයවේවා!
Su
Thanks saho sub ekata..:)
DILPAHAN1996
thnx bro
Suranjan
Thanks machan.....jayawewa.....!
Bandaramudiyansi
තැන්ක්ස්
Stranger
thanks
kodagoda
tnx bro subata
sahancharuka
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Lahiru Lakshan
thanks bro....
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌
Advertisement




Godak sthuthi sahooo ...