Watch Trailer

The Protector [S02 : E01] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප්වාසී රසික ප්‍රජාවට, ඔන්න එහෙනම් 2019 ජනවාරි පළවෙනිදා බයිස්කෝප් අපි ඔබට පුද කරපු තවත් එක සුපිරි කතාමාලාවක දෙවන කතාසමය අරගෙන තමා අද ආවේ. The Protector දෙවෙනි කතාසමය. 3500කට අධික රසිකයන් පිරිසක් පළවෙනි කතාසමයේදි අපිත් එක්ක එකතු වුණා. The Protector පළමු කතාසමය NETFLIX සමා…

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප්වාසී රසික ප්‍රජාවට, ඔන්න එහෙනම් 2019 ජනවාරි පළවෙනිදා බයිස්කෝප් අපි ඔබට පුද කරපු තවත් එක සුපිරි කතාමාලාවක දෙවන කතාසමය අරගෙන තමා අද ආවේ. The Protector දෙවෙනි කතාසමය. 3500කට අධික රසිකයන් පිරිසක් පළවෙනි කතාසමයේදි අපිත් එක්ක එකතු වුණා. The Protector පළමු කතාසමය NETFLIX සමාගම විසින් නිකුත් කරන්නේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 14 වෙනිදා. ඒ වෙද්දි 16000 කට අධික ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් IMDb මීටරය 7.8ට කරකවන්න මේ කතාමාලාවට හැකියාව ලැබෙනවා. පළවෙනි කතාසමය නොබලපු හෝ අත ඇරුණ හැම කෙනෙක්ම වෙනුවෙන් කතාව මුල ඉදන්ම මතක් කරලා ඉන්නම්.

ඉස්තාන්බූල් නගරය බොහොම ජනාකීර්ණයි.
සංචාරක ආකර්ශනය අතින් ඉහළයි.
හැංගුණ දේවල් ඒ වගේම බොහොමයි.
කාත් කවුරුවත් නොදන්නා විදිහට ඉස්තාන්බුල් නගරයේ ද්වි පාර්ශවික ගැටුමක් ඇති වෙනවා.
මේකේ සම්භවය මෑතක සිදුවුණ එකක් නෙමේ. මීට අවුරුදු ගාණකට කලින් ඉදන්ම මේ ගැටුම පවතිනවා.
ඒ පක්ෂපාතීන් පිරිවරා ගත් ආරක්ශකයාත් ඉමෝටල්වරුත් අතර පවතින ද්වන්ධ යුද්ධය.

තේරෙන්නේ නෑ වගේද? මම මෙහෙම කියන්නම්. මනුෂ්‍යත්වය සහමුළින්ම අතුගාලා දාන්න මාන බලන ඉමෝටල්වරු එහෙමත් නැත්තම් අමරණීයයන් හත් දෙනෙක් ඉන්නවා. එයාලා උපත ලබන්නේ අවුරුදු දහස් ගාණකට කලින්. ඒ කාලයේ ඉදන්ම මනුෂ්‍ය ප්‍රජාවට ජීවත් වෙන්න නම් අලුත් බලාපොරොත්තුවක් එහෙමත් නැත්තම් අලුත් සටන් උපාංගයක් අවශ්‍යම වෙනවා. ඉතින් වසර දහස් ගාණකට කලින් ඓතිහාසික ඉස්තාන්බුල් නගරයේ හිත් පිත් ඇති යක්ශයෙක්ගේ උපත සිද්ධ වෙනවා. ඒ ආරක්ෂකයා. ආරක්ෂකයන් පැවතගෙන එන්නේ එකම ලේ පරපුරකින්. ආරක්ෂකයාගේ වගකීම තාත්තාගෙන් තමන්ගේ පුතාට පැවරෙනවා. දහස් අවුරුද්දක් තිස්සේ මේ ආරක්ෂකයින් නිහඬවම මනුෂ්‍ය ප්‍රජාව සුරකින්න තමන්ගේ ජීවිත කැප කරනවා. කාලය ගෙවිලා ගෙවිලා වර්ථමානය උදා වෙනවා. ආරක්ෂකයාගේ පරම්පාරවේ අවසානම පුරුක, හකාන්. තමන්ගේ අරමුණක් නෑ කියලා හිතන ජීවිතේට අරමුණක් හොයන මනුස්සයෙක්. අරමුණක් නෑ කියලා හිතපු ජීවිතේම ලොකුම අරමුණක් තියන ජීවිතය වුණොත් එහෙම. ඔක්කොම කණපිට හැරෙයි නේද? ඔව්, හකාන්ටත් ඒ සිද්ධියට මූණ දෙන්න වෙනවා. එයා දැනගන්නවා එයාව හදාගන්න ගත්තු තාත්තා පක්ෂපාතී කෙනෙක් බවත්, තමන්ගේ ඇත්තම දෙමව්පියන්ව මැරුවේ අවසාන ඉමෝටල්වරයා බවත්. ඒත් ආරක්ෂකයාගේ දෙවනි තාත්තාටත් මේ සිද්ධීන් නිසාම මරණය වැළද ගන්න වෙනවා. ඊට පස්සේ හකාන් කෙමල් සහ සිනෙප්ගේ ආරක්ෂාව යටතේ හැම දෙයක්ම ඉගන ගන්නවා. ආරක්ෂකයාට ඉමෝටල්වරයෙක්ව මරන්න නම් ප්‍රධාන දේවල් තුනක් ඕන වෙනවා.

  1. ආරක්ෂක බල සහිත කමිසය
  2. අද්විතීය කිණිස්ස
  3. බල මුදුව

මේ දේවල් හොයාගැනීම තමයි ආරක්ෂකයාගේ මුල්ම කාර්‍යභාරය වෙන්නේ. ඉතින් අවසානම ඉමෝටල්වරයා මරන්න යන ගමන හකාන් බොහොම සාර්ථකව කළත් අවසානයේම ඔක්කොම වැඩ ගැස්සෙන හැටි අපිට දකින්න ලැබුණා. එක ඉමෝටල්වරයෙක් මරන්න ගිහින් හකාන් නිදාගෙන හිටපු අනිත් ඉමෝටල්වරු හැමදෙනාවම මරණයෙන් නැගිට්ටවනවා. දැන් එතන ඉදන්.

දැන් හකාන්ට ආරක්ශක බල තියන කමිසය නැතිවුණා. ඉමෝටල්වරු හත් දෙනාම නැගිටලා. ඒ හැම දෙනාම මනුෂ්‍ය වර්ගයා අතුගා දැමීමේ එයාලගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. සිනෙප් තවමත් හොස්පිට්ල් ඇදක සිහි නැතුව ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් විද දරාගෙන නැතිවුණු ආරක්ෂක කමිසය හොයාගෙන ඉමෝටල්වරු ඔක්කොමලාම විනාස කරලා මනුෂ්‍ය ප්‍රජාවයි ඉස්තාන්බූල් නගරයයි බේරගන්න හකාන්ට හැකියාව ලැබේවිද? කතාව බලලාම දැනගන්න.

ඉතින් NETFLIX සමාගම දෙවනි කතාසමය නිකුත් කරන්නේ 2019 අප්‍රේල් 26 වෙනිදා. පළවෙනි කතාසමයට උපසිරැසි නිර්මාණය කළේ කවිෂල් අයියා, මලිත් වීරමුණි අයියා, කවිනු වීරක්කොඩි සහෝදරයා, වගේම මම. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ කතා මාලාව බාර අරගෙන අපිවත් එකතු කරගත්තු කවිශල් අයියාව. විභාගය ළග ළගම නොඑන්න මේ කතා සමයටත් එයා සහභාගී වෙන්න ඉඩ තිබුණා. ඉතින් මේ කතාසමය අරගෙන එන්න අලුතෙන්ම එකතු වුණ කට්ටිය තමා නුවන්ත දුලාන් අයියියා, මලිත් අයියා, නවීන් නිසල් ධනුෂ්ක අයියා, යුරාන් ධනුක අයියා, චානක ඉඳුණිල් අයියා. මමත් එපිසෝඩ් දෙකකට දායක වෙනවා. මේ කතාසමයේත් ඕන කරන මෙහෙය වීම, කට්ටිය හොයාගැනීම සිද්ධ කළේ කවිෂල් අයියා, ඒ නිසා ආයේ සැරයක් එයාව මතක් කරනවා. එහෙනම් සමුගන්නම්. නුවන්ත අයියා දෙවෙනි කතාංගය අරගෙන ඒවි. මම ආපහු අට වෙනි කතාංගයෙන් ඔයාලා එක්ක එකතු වෙන්නම්. එහෙනම් ලෑස්ති වෙන්න ආරක්ෂකයාත් එක්ක ඉස්තාන්බුල් වීදි වල සිදුවෙන මරණීය සංග්‍රාමයේ සාක්ශිකරුවෝ වෙන්න. ෆැන්ටසියක සාම්ප්‍රදායික වැට කඩොළු සීමා බිඳින්න.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,733 downloadsDownload The-Protector-S02E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,733 downloadsDownload Subtitles19 KB

38 comments

  1. malithmadhushan45

    එල උපසිරසට ස්තුතියි මලේ

  2. Mr.pamz

    Thanks brother

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Kavinda Athukorala

    තෑන්ක්ස් මලයා ..

  5. Kalana Ganganath

    Thanks Bro..

  6. Thiran Madumal

    thanks bro...ithuru tikatath sub demu

  7. Stranger

    thanks

  8. dx12

    thanks bro

  9. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස්

  10. Buddika

    thanx...

  11. dulakshitha

    enakal hitiye meka thanx bro

  12. Ranga Heshan

    එනකම් බලන් හිටිය සිරියස් එකක් තැන්කු බ්‍රෝ❤️❤️

  13. luon95

    Thank you!!!

  14. dsdkavishka

    Thenks bro

  15. Rvmendis85

    Thanks bro..

  16. nipunpramod

    anith tikath ikmanata onee

  17. යුරාන් ධනුක (ධනූ)

    නියමයි , උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.... ජය !!!

  18. suranuwan

    thanks bro...

  19. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි මචන්!! තාම බැලුවේ නම් නැහැ.
    ඒත් පළවෙනි කතාසමය වගේම ආසාවෙන් බලන්න පුලුවන් වේවි කියලා හිතනවා..!
    ස්තූතියි උපසිරැසියට.. ❤❤❤ ජය වේවා!!

  20. rangika Kariyawasam

    බෝම තුති.ජිවිතයේ වඩා ආසම කරපු කතා මාලාවක් .කවීගෙන් මැසේජ් කර කර සබ ඉල්ලලා අපි කරදර කලා. නියමකතාවක්. සබ දුන්නට ජය සහෝ නියම වැඩක්...පිං බෝම

    1. PrasadMN

      meka ganna link eka denna puluwana bro

  21. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට . ජයවේවා ......!

  22. shinejay

    thnk you

  23. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචෝ

  24. RavindraRishantha

    Thanx malli

  25. issaaa

    thnzzzzzzzzzzzzzzzzz brooooooooooooooo

  26. Viraj D Perera

    ❤❤❤❤❤❤

  27. Kanchaka

    Thanks bro

  28. Buddi

    Thanks..............

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. PrasadMN

    meka ganna link eka denna puluwana bro

  31. Malitha

    තැන්ස් බන් ස්බ් එකට එත් මෙක බලද්දි මට මල පනිනවා බ්න ඒ නලුවාගෙ පඩ ලයින් වලට

  32. melinda

    thank you brother...

    1. MAALnath

      thanks ..............good luck ....................

  33. Warnakulage

    Episodes tika ganna link ekak denna puluwanda

  34. sanjeewakbg

    thanks bro..

  35. moshan

    3, 4 sub ndda

  36. amal

    download link eka danawada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.