පසුගිය කොටසින් අවසාන හරියෙදි මැඩානාගේ උදව් ඇතුව ෆ්‍රෑන්ක්ට වගේම ඒමිට නිව් යෝර්ක් වලට එන්න අවස්ථාව ලැබුනා. තාමත් මැඩානා දන්නේ නැහැ ඒමිගේ පස්සෙන් මිනිහෙක් පන්නන බවත්, ෆ්‍රෑන්ක් ඒමි නිසා රුසියන් කාරයො එක්ක යුද්ධයක පැටලිලා ඉන්න බවත්. මේ වෙලාවේ වෙන සිද්දි වලට අනුව නම් ෆ්‍රෑන්ක්-ජිග්සෝ අතරේ ලොකු සටනක් වැ…

පසුගිය කොටසින්
අවසාන හරියෙදි මැඩානාගේ උදව් ඇතුව ෆ්‍රෑන්ක්ට වගේම ඒමිට නිව් යෝර්ක් වලට එන්න අවස්ථාව ලැබුනා. තාමත් මැඩානා දන්නේ නැහැ ඒමිගේ පස්සෙන් මිනිහෙක් පන්නන බවත්, ෆ්‍රෑන්ක් ඒමි නිසා රුසියන් කාරයො එක්ක යුද්ධයක පැටලිලා ඉන්න බවත්. මේ වෙලාවේ වෙන සිද්දි වලට අනුව නම් ෆ්‍රෑන්ක්-ජිග්සෝ අතරේ ලොකු සටනක් වැඩිකල් නොයාම දැකගන්න ලැබෙයි. කොහොමහරි ෆ්‍රෑන්ක් මෙලෝ හසරක් නොදන්න අසරණ මිනිහෙක්ව ඇමට දාලා රුසියන්කාරයො ලගට යවලා ඒ මිනිස්සුන්වත් රැවට්ටුවා ටර්ක්ගේ තැනේදී මුණ ගැහෙන්න එනවා කියලා. ඒ රුසියන් කාරයින්ගේ අවසානාවට ඒ මිනිස්සු හිතුවේවත් නැහැ ෆ්‍රෑන්ක් ටර්ක්ගේ තැනේදී මුණගැහෙන්න එනවා කියලා ඒ මිනිස්සු ලගට එයි කියලා. කොහොමහරි ෆ්‍රෑන්ක් එතන හිටිය හැම එකාටම ගහලා එයාට අවශ්‍ය කරන හැම තොරතුරක්ම වගේ දැනගත්තා.
ජිග්සෝට අමතරව මෙදා වතාවේ අලුතින් මේ කතාසමයට එකතු වුනු Josh Stewart නොහොත් ඔයාලා Shooter කතාමාලාව හරහා දකින්න ලැබුණු සොලටොව්ගේ චරිතයෙන් දායක වුනු කෙනා මේ වතාවේ පනිෂර් දෙවැනි කතාසමයෙදිත් දකින්න ලැබුනා ජෝන් පිල්ග්‍රීම් විදිහට. ශූටර් එකේදී වගේම මේ කතාවෙත් මේ මනුස්සයා චරිතේ වටා ගෙවුනේ හරිම අමුතු පසුබිමක්. එයාගේ බිරිද අසනීපෙන් ඉන්න කෙනෙක් වගේම ළමයි දෙන්න්කුත් හිටිය බවක් එයාගේ පෙර මතකයන්වල සිදුවීම් වලින් දැකගන්න ලැබුනා. ඒවගේම කතෝලික ආගම මේ පවුල වගේම එහෙ හිටිය සෑහෙන දෙනෙක් හුගාක් ඉහලින් අදහපු, විශ්වාස කරපු බවකුත් දකින්න ලැබුනා. කොහොම කොහොමින් හරි ජෝන්ට නිව් යෝර්ක් වලට එන්න සිද්දවෙනවා. ඊටපස්සේ අර ගම්බද පැත්තේ ජීවත්වුනු මේ චරිතේ වටා සෑහෙන වෙනස්කම් සිද්දවෙලා තියෙනවා. ඒ තරම් දෙයක් වුනේ ඇයි කියලාවත් තාම පැහැදිලි හෙළිදරව්වක් දකින්න ලැබුනේ නැහැ. ඉස්සරහට ඒ ගැන බලමු. ඒවගේම තමයි ජෝන්ට රුසියන්කාරයො එක්ක තියෙන පලහිලව්ව මොකක්ද කියලවත් තාම කතාමාලාව ඇතුලේ දකින්න ලැබුනේ නැහැ. ඔයාලා දකින්න ඇති ඒ රුසියන් කාරයින්ගෙන් හොද සහයක් එහෙමත් ලැබුනා. අර කලින් කියපු සම්බන්ධෙ හෙළි වෙන කාලෙට මේකටත් පිළිතුරු ලැබේවි.
මැඩානි ගැන කතා කරනවානම් එයා ආපහු රාජකාරි කටයුතු වලට බැහැලා තිබුනත් එයාට මානසිකව ලොකු හානියක් වෙලා තියෙනවා කලින් සීසන් එක අන්තිමට එයාගේ ඔළුවට වැදුණු වෙඩි උණ්ඩයටත් වඩා. මොකද එයාට ඇතිවෙලා තියෙන කැළැල්, හිතේ තාමත් තියෙන මතකයන්වල බිලි රූසෝ ඉන්න නිසා රෑට හීනෙන් පවා බයවෙනවා. මේ වගේ කරුණු ගණනාවක් නිසාම මැඩානා ටිකක් දරුණු චරිතයක් බවට පත්වෙලත් ඉන්නවා. පේනවනේ එයාට බිලීගෙන් පලිගන්න දගලන දැගලිල්ල?! කොටින්ම එයා ෆ්‍රෑන්ක්ටත් වතාවක් බැන වැදුනා එයා බිලිව මරලා ඉවරයක් කලේ නැහැයි කියලා.
තාම ෆ්‍රෑන්ක් වගේම බිලි ගැටුනේ නැති උනාට මේ වෙද්දී බිලිට ඕන වෙලා තියෙන්නේ එයාට රෑට නිදාගත්තම දකින හිස් කබල (පනිෂර්ගේ ලොගො එක) මොකක්ද කියලා දැනගන්න එයට ලොකු ඕන කමක් තියෙනවා. හරියට එයාගේ මූනට වෙච්ච දේට වග කියන්න ඕන කවුද කියලා දැනගන්න ඕන තරමටම. එයා ඒ දේවල් දැනගන්න උත්සහ කරද්දී ෆ්‍රෑන්ක්ට ආපහු වතාවක් පනිෂර් වෙන්න අවශ්‍ය කරන පාර කපාගෙන එනවා. ඉතින් මේ දෙන්නගේ මුහුණට-මුහුණ ගැටෙනකන් බලන් ඉන්න අයට ඉස්සරහට හොද සිදුවීම් පෙළක් දකින්න ලැබෙයි. දකින්න ලැබේවි කියලා හිතමු.
මෙවර කොටසින්
රුසියන්කාරයින්ගෙන් දැනගත්තත තොරතුරු වලට අනුව ෆ්‍රෑන්ක් වගේම ඒමි අර පින්තූරරවල පලහිලව්ව බේරුමක් කරගන්න තීරණය කරලා ඒකට අලුත් සැලසුමක් පවා හදාගෙන මේ වෙද්දී වැඩ කරන් යනවා. ඒ විතරක් නෙවෙයි ජිග්සෝ කර්ටිස්ව හොයාගෙන ගිහින් එයාව මුණගැහෙනවා. මේ අතරේ ජිග්සෝ තවත් කිහිප දෙනෙක්ගේ ඇසුරට වැටිලා මොකක් නමුත් ලොකු දේකට අර අදිනවා.
එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,520 downloadsDownload The-Punisher-S02E06.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
27 comments
harinuofficial
Asitha.pramoth
THANX BROTHER DIGATAMA SUB DEMU. JAYA WEWA
Ayesh Prashan
Thank You
Hewage209
Thanks machan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAmilaprasad814
Thanks broooo ......... ඉතුරු ටිකත් ඉක්මනට දාමු
Achi
තැන්ක්ස් බන් ❤️
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
tv malli
tnx bn
Kulanjana Maduranga
subata thanks
lushan...thusi
ආසාවෙන් බලන් හිටපු කතාවක් සබ්ටයිටල් ලබාදුන්නු බයිස්කෝප් වෙබ් අඩවියෙහි සියලුම සහොදර සහොදරියන්ට බේහේවින් ස්තුති ....
Samanthatest
අනිත් sub ටිකත් ඉක්මනට දෙන්නකෝ...
dush135
ela
Mr.pamz
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
thanks broooo
1997lakmallakmal
thank you......
Ypnr
Sub ekata thanks oylata jayen jaya
wikz
thanx bro sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ......................good luck ......................
MAALnath
Thanks .................good luck .....................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි චාමර සහෝ!
ජය!Anonymous
Thanks sub wlta
Iwara una tv series wala sub season pitin gnna krmyak nddaShaggy
Thank you very much
M
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අනිත් සබ් එකත් ඉක්මනට දාලා අපිව සතුටින් තියන්ඩ හොඳේ..