පසුගිය කොටසින් දැන් හැමෝම දන්නවා ෆ්රෑන්ක් බිලීට කරපු දේ නපුරු හීනයක් වගේ බිලීට වද දෙනවා කියලා. හැබැයි තමන්ට මෙහෙම දෙයක් කලේ කවුද ඒකට හේතුව මොකක්ද කියන්න බිලි තාමත් දන්නෙ නැහැ, ඇත්තටම පනිෂර් ඒවා අමතක වෙන්නම දීලා. දැන් බිලි හිතන් ඉන්නෙ ෆ්රෑන්ක් තාමත් එයාගෙ යාළුවා කියලා. බිලි ඔය දේවල් එක්ක ඔය විදිහට ව…

පසුගිය කොටසින්
දැන් හැමෝම දන්නවා ෆ්රෑන්ක් බිලීට කරපු දේ නපුරු හීනයක් වගේ බිලීට වද දෙනවා කියලා. හැබැයි තමන්ට මෙහෙම දෙයක් කලේ කවුද ඒකට හේතුව මොකක්ද කියන්න බිලි තාමත් දන්නෙ නැහැ, ඇත්තටම පනිෂර් ඒවා අමතක වෙන්නම දීලා. දැන් බිලි හිතන් ඉන්නෙ ෆ්රෑන්ක් තාමත් එයාගෙ යාළුවා කියලා. බිලි ඔය දේවල් එක්ක ඔය විදිහට විදවනකොට තවත් කෙනෙක් මේ සිද්දිය නිසා විදවනවා. ඒ තමයි ඩීනා මඩානි. පහුගිය සීසන් එක බැලුවනම් ඔයාලා දන්නවා මඩානි සහා බිලි අතර තිබුනෙ මොන වගේ සම්බන්ධයක්ද කියන කාරණය. ඒ වගේම ඒක ඉවර වුනේ මොන විදිහෙන්ද කියලත්. කොහොමහරි බිලි අතින් ඔලුවටම වෙඩිල්ලක් කාලත් ජීවත් වෙන්න පින තිබුන මඩානිත් බිලි වගේම තමන් කෙනෙක්ට රැවටුනා කියන කාරණයෙන් දුක් වෙනවා වගේම තරහින් ඉන්නෙ.
ඔන්න ඕක තමයි මඩානි ෆ්රෑන්ක්ව ඔහායො වලදි බේරගන්න හේතුවුන කාරණයත්. ඒ කියන්නෙ මඩානිට ඕන බිලි මැරෙනවා දකින්න, ඒත් තමන්ට ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුන නිසා දැන් ෆ්රෑන්ක් ලවා ඒක කරන්න තමයි හිතන්නෙ. මේකට තව කෙනෙක්ගෙ උදව් හම්බවෙනවා, ඒ තමයි කර්ටිස්. කර්ටිස් පවා යම්කිසි බියකින් තමයි ඉන්නෙ බිලි තමන්ව හොයන් එයි කියලා. ඔය කාරණා ඔහොම සිද්දවෙනකොට බිලි සහා ඩොක්ටර් ඩුමොට් අතර සම්බන්ධයත් අමුතුම එකක් බවට හැරෙනවා.
බිලිට බාර් එක්කදි හම්බවෙන මිත්‍රයො කට්ටියත් එක්ක බිලි සැරසෙන්නෙ බැංකු මංකොල්ලයක් සැලසුම් කරන්න. කට්ටියත් මේකට සම්පූර්ණ සපෝට් එක දුන්නත් ජේක් අන්තිමෙ රෑ මැද්දෙ මේ අය හම්බවුන තැනින් එළියට යනවා. ඔය අතරෙම ෆ්රෑන්ක් සහා කර්ටිස් බිලිව හොයන වැඩේ පටන්ගෙන තිබ්බෙ. එතකොට තමයි කර්ටිස් සහා ෆ්රැන්ක් දෙන්නා ජේක්ව අල්ල ගන්නෙ.
ඉතිං ෆ්රෑන්ක් ජේක්ගෙන් බිලි ඉන්න තැන අහගන්න ලොකු උත්සහයක් ගන්නවා, හැබැයි මිනිහා නෙවෙයි කට අරින්නෙ. දන්නවනෙ ෆ්රෑන්ක් කියන්නෙ මොන විදිහෙ මනුස්සයෙක්ද කියලා. අන්තිමේදි තමන්ගෙ පණට තියන ආදරේටම ජේක් කාරයා බිලි ඉන්න තැන වගේම අනික් හැමදෙයක්ම වමාරනවා. හැබැයි දැන් පේන විදිහට මඩානි පස්ස ගහන බවක් තමයි පේන්නෙ.
කොහොමහරි ෆ්රෑන්ක් සහා කර්ටිස් දෙන්නා බිලි ඉන්නවයි කියපු ගබඩාවට යනකොටත් මේ කට්ටිය කොල්ලය වෙනුවෙන් පිටත්වෙලා ඉවරයි. බැංකුවෙන් සල්ලිත් හොරාගෙන එළියට එන බිලීට දකින්න ලැබෙන්නෙ නොහිතපු දෙයක්. තමන්ට හීන වලින් හොල්මන් කරපු ඒ ඔලු කට්ට තමන් ඉස්සරහට එනවා. එතකොටයි හීන වලින් හරියටම පෙනුනෙ මොකක්ද කියන්න බිලීට තේරෙන්නෙ, හැබැයි තාමත් තේරෙන්නෙ නැහැ එහෙම නැත්නම් මතක නැහැ ඇයි තමන්ගෙ හොදම යාලුවා තමන්ව මරන්න එන්නෙ වගේම එයාට මෙහෙම දෙයක් කලේ කියලා.
මේ කොටසින් බලාගන්න පුලුවන් මේ අයගෙ සටන කොහෙන් කොහොම මොන විදිහට කෙලවර වෙයිද සහා බිලීට තමන් හොයන උත්තර හම්බවෙයිද කියලා. එහෙනම් ඊළඟ කොටසින මුණ ගැසෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,384 downloadsDownload Marvels.The_.Punisher.S02E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
25 comments
Achi
Nuwan-milinda
Thanks saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ.....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....madhubashana bandara
jaya weewa !
Imeshamadu
Thenks for sub
NALING45
thanks dear. hope, next is very soon.
Kasun A.
උපසිරැසියට තුති හසන්ත සහෝ,ජය!
Ishan Madusha
ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයShehan putha
thanks bro...jaya wewa !
Bobby
Thank you very much
Kulanjana Maduranga
subata thanks
dush135
ela
Ayesh Prashan
Thank You
Ypnr
Thanks hasa aiye
chamaraMK
elama saho
mmkasun
thax
tv malli
tnx
Ypnr
Sub walata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ..............good luck ...........................
Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks ❤️...
කවුරු නොබැලුවත් අපිනම් මේක බලනෝ..
සබ් එක දෙමු ගැම්මට ආදරෙයි