Watch Trailer

Young Justice : Invasion [S02 : E19] Sinhala Subtitles | ආලෝකයේ විලාපය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.

තවනම් කොටස් 1යි තියෙන්නේ. දැන් එහෙනම් ඉවර වෙන්නත් ළගයි නේද? වාව් කාලය යනවා දැනුනෙවත් නැහැ. හරි හරි බයිලා කියව කියව ඉන්නෙ නැතුව අපි කෙළින්ම ගිය කොටස වෙත යමු. ඕගොල්ලො දැක්කනේ,බැට්ගර්ලුයි, රොකටුයි, ඉම්පල්සුයි, සටානායි බ්ලූ බීට්ල්ව අල්ලාගෙන, එයාව බියාලියා වලට ගෙනියනවා. ඒගොල්ලො හදන්නේ බ්ලූට එයාගෙ පාලනය ආපහු එයාටම ලබාදෙන්න. ඔය වැඩේ නවත්වන්න, ග්‍රීන් බීට්ලුත් එනවා. ඔන්න ඉතින් සටානා එයාගෙ මැජික් බලය පාවිච්චි කරලා, බ්ලූට සහ ග්‍රීන්ට ඒගොල්ලොන්ගෙම සිරුරු වල පාලනය නැවත අරන් දෙනවා. කොහොමහරි දැන් ඉතින් රීච්ලා සතුව අපිට එරෙහිව තිබ්බ ලොකුම ආයුධය ඒගොල්ලො අතින් ගිලිහිලා ගියා. ඒවගේම ඉම්පල්ස්ගේ අනාගත වාක්‍යයත් බොරු බවට පත් වුණා. දැන් ඉතින් රීච්ලට මාරම කේන්තියි. මොකද බ්ලැක් බීට්ල් විතරනේ ඉතුරු වෙලා තියෙන්නේ. තව ඕගොල්ලො දැක්කානේ මිස් මාර්ශන් ලගාන්ව අත්හැරලා දැම්ම වග. දැන් පේන්නෙ එයා කෝනර් එක්ක ආපහු සෙට් වෙයි වගේ. අනේ එහෙම වෙනවනම් හොදයි. ඒත් කෝනර්ට වෙන්ඩිත් එක්කත් හුටපටයක් තියෙනවා වගේ. බලමුකො බලමුකො මොකක්ද වෙන්නේ කියලා. තාම සීසන් 2 එක ඉවර නැහැනේ.

හරි එහෙනම් අපි අද කොටසට යමු. අද එකනම් අනිවා බලන්න ඕනෙ. රීච්ලගෙයි,ආලෝකයෙයි ඇත්තම සැලසුම් අද හෙළි වෙනවා. ඒවගේම ආර්ටිමිස් මැරුණේ නැති බවත්, ඇක්වාලෑඩ් ආලෝකය රැවැට්ටුව බවත් අද හෙළි වෙනවා. ඔන්න එහෙනම් බලන්නකෝ. ඔච්චරයි කියන්නේ අන්තිම එකට ඉස්සෙල්ලා කොටස නිසා වැඩිය කියන්නෙ නැහැ. එහෙනම් අදට යනවා. අවසාන කොටසෙන් හමුවෙමු. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,499 downloadsDownload Young-Justice-S02E19.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,499 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    අන්තිම කොටසත් ඉක්මනටම ගේමු...

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kulanjana Maduranga

    subata thanks

  5. Ayesh Prashan

    Thank You

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.