10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ…

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් බෝලෙ ලිහන්නට කැරන් පේජ් ලොකු පිටු වහලක් වෙනව මෙතෙන්දි..ඇය ඩීනා මඩානි සමඟ එක්ව අධිකරණ වෛද්‍ය නිළධාරියෙක්ව මුණ ගැසී මිය කාන්තාවන්ගේ සිරුරු නැවත පරීක්ෂා කරනව. මෙතෙන්දි එයාලට හෙළි වෙනව එකී කාන්තාවන් ෆ්රෑන්ක් එම ස්ථානයට පැමිණෙන්නටත් පෙරාතුව මිය ගොස් සිට ඇති බවට…මේ අතරෙ තමන් අතින් අහිංසක කාන්තාවන් පිරිසක් මියා ගියා යැයි සිතා සිත් තැවුලෙන් යුතුව රෝහලේ ලෙඩ ඇඳට වී සිටි කාසල්ව සොයාගෙන තවත් මහා දැවැන්ත ප්‍රශ්නයක් රෝහල කරා ඇදෙමින් සිටියා..ෆ්රෑන්ක් රෝහලේ බවට ආරංචි වූ කූළී ඝාතකයෙක් ෆ්රෑන්ක්ව ඝාතනය කිරීමේ අටියෙන් රෝහල තුළටම පැමිණියා..ඇත්තටම ඒ වෙලාවෙ ෆ්රෑන්ක් හිටියෙ සම්පූර්ණයෙන්ම මානසික වැටිල කළකිරිලා..කළකිරීමේ තරම කොතරම්ද යත් තමන් මරන්නට පැමිණි මේ ඝාතකයට ෆ්රෑන්ක් තමන්ගෙ අත දික් කරන්නෙ ජීවිතය ගැන කිසිදු තැකීමකින් තොරවයි .. කොහොමවුණත් ෆ්රෑන්ක් ඒ වෙලාවෙ නම් නූලෙන් බේරෙනව කැරන් පේජ් සහ ඩීනා මඩාන ඇවිල්ල ෆ්රෑන්ක්ව බේරගන්නව..ඒ විතරක් නෙවේ කැරන් පේජ් රැගෙන ආ සුබ ආරංචිය අහන ෆ්රෑන්ක්ට කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙනව..එතනින් කාසල්ගේ ඒ මානසික බිඳවැටීමේ පරිච්ඡේදයත් අවසන් වෙනව…ඊට පස්සෙ ඔයාලට මතක ඇතිනෙ කාසල් කැරන්ගේ සහ මඩානිගෙ උදව්වෙන් රෝහලෙන් එළියට පැනගන්නට උත්සහයක් දරනව..ඒත් අන්තිමෙ මොහොතේ රෝහලෙන් එළියට එනවත් එක්කම වගේ නියෝජිත මහෝනි අතටම අල්ලගන්නව.. මහෝනි වහාම කාසල්ව අත් අඩංගුවට අරගෙන එතන තිබුණු ගිලන් රථයකට ඔබාගෙන කෙලින්ම අදිනවා පොලිස් ස්ටේශන් එකට..ඔන්න ඔහොමයි කලින් එපිය ගෙවුනෙ..
අද එපියෙන්..
ෆ්රෑන්ක්වත් දමාගෙන ගිලන් රථයෙන් පොලිස් ස්ටේශමට යන මහෝනිට වැඩි දුරක් යන්නට නම් ලැබෙන්නේ නෑ.. ජෝන් අතරමඟදි කඩා පැනල ෆ්රෑන්ක්ව ඝාතනය කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනව. කොහොමවුණත් මෙතෙන්දි අවසානයේ මහෝනිගෙ ගිලන් රථය පාලමෙන් එළියට වීසි වෙනව..ඔහොමයි අද එපිය පටං ගන්නෙ එතනින් එහාට මං මොකුත් කියන්න යන්නේ නෑ ඒම වුණොත් ඔයාලගෙ කුතුහලේ නැති වෙනවා..ෆ්රෑන්ක් මොන වගේ අඩව්වක් අද අල්ලයිද කියල ඔයාලටම බලාගන්න පුළුවන්..හරි එහෙනම් පනිශර් කතා මාලාවෙ මගේ දායකත්වය මෙතනින් අහවරයි.. අවසාන කොටස අරගෙන ශාන් විමුක්ති සහෝ එයි ඉක්මනින්ම..මං ගියා.. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,801 downloadsDownload The-Punisher-S02-E12.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අචින්ත උදයංග
Subtitles
25 comments
harinuofficial
Nuwan-milinda
Thanks bro
Lakshan
Thanks Bro.
TEP
Thanks for sub bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
අන්තිම කොටසත් ඉක්මනටම දෙමු....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNavi1996
ගොඩාක් ස්තූතියි සහෝදරයා
tv malli
tnx bn sub ekata..punisher cancel karala kiyala aranchiii netflix aken......
harshatakashi
බොහෝම තුති සබ් වලට
priyan99
thanks bro sub ekata
Kulanjana Maduranga
subata thanks
Achi
Thanks තව එකයි
Mr.pamz
Thanks
Shehan putha
thanks
Ayesh Prashan
Thank You
chanukasd92
elaaaaaaaaaaaaa
Ypnr
Sub ekata pin godaaak
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
denizshulz
සබ් එකට ස්තුතියි. ඔබට ජය.
Doom Patrol එකටත් මෙහෙම්ම සබ් දෙමු.Viraj_chathuranga
The order tv series ekata sub denna puluwan wadida ?
MAALnath
Thanks ...................good luck ...................
Maduwantha jayasundara
Thankz bro
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි අචින්ත සහෝ!
ජය!Shaggy
Thank you very much
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



1st..
Thankz brooo