Watch Trailer

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේක…

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා…
අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ…
අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි…
අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන…
මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ?
වහල් සේවයට වත් අරගෙන ගියාද?
නැත්නම්, වෙන මොකක්හරි දේකට අරගෙන ගියාවත්ද?

යුක්තිය ඉටු කරන පොලීසිය නිහඬයි…
කිසිත් කරකියාගත නොහැකි දෙමවුපියන් අසරණයි…
ආදරයෙන් හදා වඩා ගත්ත දරුවට වෙච්ච දෙයක් දන්නෙ නැතුව,
මොන අම්මා-තාත්තටද හිත හදාගෙන ජීවත් වෙලා ඉන්න පුළුවන්?
අවුරුදු දෙකකට පස්සෙ හරි අන්තිමේදි පොඩි බලාපොරොත්තුවක් ඇතිවෙනවා…
වහාම ක්‍රියත්මක වන පරිදි මේ පිලිබඳව සොයා බැලීම සඳහා,
පොලිස් විශේෂ කාර්‍ය බලකාය වෙත බාර කරනු ලබනවා.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අපරාධ අංශයේ ප්‍රධානි අබේ…
කිසිඳු හෝඩුවාවක් සොයාගත නොහැකි අපරාධ මාලාවක්…
අතුරුදහන් වෙච්ච ළමයි හොයාගන්න පුළුවන් වේවිද?
ඔක්කොම නැති වුණත් අන්තිමට ගිය සතියෙ අතුරුදහන් වෙච්ච ලමයි දෙන්නව හරි…? 

තවත් වෙබ් සීරීස් එකක්. ඒකත් ඉන්දියන් එකක්. “අපෝ ඕවා නම් මෙලෝ වැඩක් නැහැ. අනික ඉන්දියන් මල් කතා නම් අපි කොහොමත් බලන්නෙ නැහැ.” සමහරු එහෙම කියාවි. එහෙම කියනවා නම් පොඩ්ඩක් මතක් කරගන්න Sacred Games වගේ ජාත්‍යන්තර මට්ටමේ ඉන්දියානු වෙබ් සීරීස් ගැන. බලපු අය දන්නවා ඇති ඒ වගේ කතා මාළා වල තිබ්බ ගුණත්මක භාවය කොච්චර නම් ඉහලයිද කියලා. බලපු අය දන්නව ඇති එක කොටසක් ඉවරවෙනකොට කොච්චර නම් කුතුහලයක් පපුවට ඉතුරු කරලද මේ කතා ඉවර වෙන්නෙ කියලා… සීරීස් එක පුරාවටම බලන අය මැරි මැරි ඉපදෙනවා වගේ තමයි. ඒත් ඒකත් වෙනම ආතල් එකක් කියලා ඒකට ඇබ්බැහි වෙච්ච අය හොඳටම දන්නවා ඇති. එහෙනම් මේ සූදානම් වෙන්නෙ ඒ විදියට ඇබ්බැහි වෙච්ච අයට කියාපු බෙහෙතක් අරගෙන එන්නයි.

මතකද Ratsasan (2018) දමිළ චිත්‍රපටය? දැවැන්ත කම්පනයක් සහ වෙනසක් එක්ක ආපු මේ චිත්‍රපටය බහුතරයක් සිනමා ලෝලීන් බොහොම ආදරයෙන් වැලඳගත්තා කියන කාරණාව බොරුවක් නෙමෙයි. කාටහරි Ratsasan චිත්‍රපටය හිතට අල්ලලා ගියා නම්, බය නැතුව මේ සීරීස් එක අරගෙන බලන්න පටන් ගන්න. සහතික කරලා කියන්න පුළුවන්, කිසිම විදියක ගොං ආතල් නම් මේවගෙ බෙහෙතකට වත් හොයාගන්න ලැබෙන එකක් නැහැ. අත් අල්ලං මල් ගස් වටේ දුවන සිංදු ආසාවකට වත් බලාගන්න හම්බෙන එකක් නැහැ. පටන්ගත්ත වෙලාවෙ ඉඳලා උපරිම කුතුහලයෙන්, ඉලඟට මොනවා වේවිද, ඉලඟට මොනවා වේවිද කිය කියා හිතේ ලොකු බරක් දරාගෙන තමයි මේ වගේ කතා බලන්න වෙන්නෙ. ඒ වගේම තමයි, සූපුරුදු විදියටම අන්තිමට ලොකු කම්පනයක් එක්ක, කුතුහලය උච්ච්තම තැනට ගෙනෙල්ලා තමයි පලවෙනි කොටස ඉවර වෙන්නෙ.

සුප්‍රකට ZEE5 නාලිකාවෙ නිශ්පාදනයක් ලෙසින් ප්‍රේක්ශක ඔබ අතට පත්වෙන මෙම වෙබ් කතා මාළාවෙ පලවෙනි කොටස තමයි මේ විදියට ඔබ වෙතට අරගෙන එන්නෙ. විශේෂයෙන් කියන්න ඕනේ, මේ කතා මාලාව හැදිලා තියෙන්නෙ ඉන්දියාව තුල සිද්ධවෙච්ච සත්‍ය අපරාධ සිදුවීම ආශ්‍රයෙන්. ඒ නිසා, පොදු කතා තේමාවක් සමගින්, එකිනෙකට වෙනස් ආකාරයේ කම්පාකාරී අපරාධ සිදුවීම් ගණනාවක් මෙම කතා මාලාව තුලින් දැක බලා ගැනීමට හැකියාව ලැබේවි කියලා හිතනවා. තවමත් මේ කතා මාළාවෙ එකම එක කොටසක් විතරයි අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නෙ. දෙවනි කොටස අන්තර්ජාලයට නිකුත් කරන්නෙ පෙබරවාරි 27 වෙනිදා. ඒ නිසා, කොටස් නිකුත් කරන විදියට තමයි උපසිරැසි නිකුත් කරන්නත් වෙන්නෙ. ඉතිං, නිකමට මේ පලවෙනි කොටස අරගෙන බලලා ඉන්නකො. කොහොමත් දෙකයි පනහෙ මොකක්හරි කතාවක් බලෙන් ඇඟේ ගහලා දෙන්නෙ නැහැ කියලා මං ගැන දන්න අය හොඳටම දන්නවා ඇති. එහෙම විශ්වාසයක් තියෙන අය බය නැතුව අරගෙන බලන්න. 

තව විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. ෆිල්ම් එකක් වගේ නෙමෙයි, කතා මාලාවකදි බලන අයගෙ ප්‍රතිචාර නම් අනිවාර්‍යයෙන්ම ඕනෙ වෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර අනුව තමයි උපසිරසිකරුවා උනන්දු වෙලා අනිත් කොටස් ප්‍රමාදයකින් තොරව ලබාදෙන්නෙ. මීට කලින් උපසිරසි ගන්වපු Sacred Games කතා මාළාවට නම් අපරාදෙ කියන්න බැහැ ගොඩක් හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුණා. ඉතිං, මේ කත මාලාවටත් හැමෝගෙන්ම ඒ විදියටම දිරිගැන්වීම බලාපොරොත්තු වෙනවා. පුලුවන්කමක් තියෙනව නම් කතාව බැලුවට පස්සෙත් කතාව ගැන හිතිච්ච දෙයක් කමෙන්ට් කරගෙන යන්න. බලනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවෙන් ඉන්න අයට ඒක ලොකු උපකාරයක් වේවි.

එහෙනම්, පලවෙනි කොටස ඔබට බාරයි. පුරා විනාඩි 40ක් පුරාවට කුතුහලයෙන් මිරිකෙන්න… ත්‍රාසයෙන්, භීතියෙන් උච්චතම ස්ථානයට පත්වෙන්න… පෙර නොවූ විරූ ආකාරයෙන් කම්පනයට පත්වෙන්න… අවසානයේ දෙවනි කොටස එනකම් පිස්සෙක් වගේ හදවතින් මැරි මැරී විඳව විඳව ඉන්න. 😛 27 වෙනිදයින් පස්සෙ දෙවනි කොටසින් හම්බෙමු එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

9,492 downloadsDownload Abhay-2019-S01-E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

             

 

Subtitles

9,492 downloadsDownload Subtitles24 KB

81 comments

  1. kodagoda

    woow thx sahoo mewage supiri ewa denawata

  2. Cmj

    Thanks.ath aluth awa denne kalin idan dipu the man in the high castle series akatatj sub denna

  3. Buddika

    Ela.thanx bro..

  4. Gathsara Umesh

    බොහෝම ස්තූතිය..❤️

  5. sampath1126

    Ela ela.thanx

  6. SadeepaT

    supiriyak wage.balanna ona.thanks sub ekata

  7. NipunSachinda

    thanks

  8. Udaya Tharanga

    thank you

  9. nirodha uthpala

    Amma sisila subak kiyanne iteam ... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  10. devil_11

    Thx bro

  11. Kulanjana Maduranga

    subata thanks

  12. Sulakshana

    Thank for sub

  13. nikowthisara

    Supiri saho digtama wade denna ❤️ jaya

  14. Naveen S Uyangoda

    ස්තූතියි බ්‍රෝ.දිගටම කරගෙන යන්න❤

  15. Ishara125

    150mb video eke මැදදි දැන්විමක් yano ethkota sub eka wens weno puluwannam hadala dapan

    1. Shasika_Madhushan

      Ado khmda bn dowmload krganne vedio eka

  16. Ayesh Prashan

    Supiri Wadak.. Thank You

  17. Ashanherath

    thnks mchn balalama kiyannam kohomada tatvaya kiyala .....

  18. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  20. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි සබ් එකට දිගටම කොටස් එන විදියට දෙමු.!

  21. SHEHAN350

    supiriyak vagee thanks brooo

  22. යුරාන් ධනුක (ධනූ)

    නියමයි සිසිල සහෝ...
    ඔයා කියනවනම් බය නැතුව බලන්න සුපිරි භාණ්ඩයක් තමයි ඉතිං ...
    බොහෝම ස්තූතියි උපසිරැසියට !!!

  23. Ranga Prasanna

    සිසිලයා දැන් වෙබ් ෂෝත් කරනවද? එල එල

  24. Yd Neon

    Mcn s01 complete torent nadda?

  25. Lahiru Lakshan

    thanks machn....

  26. Navi1996

    මේ සීරීස් එකත් පට්ටෙටම ඇති..ස්තූතී සිසිලයියා..ජය වේවා

  27. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  28. darshana100

    super yalu thanks

  29. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  30. Suranjan

    Thanks machan.......jayawewa......!

  31. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sisila sahooo. Post dakka gaman asa hithunaa..

  32. Aac3

    සිසිල සහෝගෙ සබක් නම් ආයෙ මිස් කරන්නේ නෑ අනිවා බලනවා... sacred game එකත් ආසවෙන් බැලුවා ඒක පට්ට... මේකත් අනිවා සුපිරියක් වෙන්න ඕනි... ඉතුරු episode ටිකටත් හොඳ copy ආව ගමන් සබ් ඕනී.. ගොඩාරියක් ස්තූති සබට සහෝදරයා.. ජය වේවා !!!

  33. Samitha gayan

    Ela el.....a. digatama demu broo

  34. pamudujayasinha

    Thanks sub ekata

  35. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  36. herathchathu

    OH PATTA PARAKKU WENNA NAM EPA DEIYOOOO....... GOOD LUCK... BROOO

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. praneeth01

    Dan Thamai Download Karanne. Aniwa Balala Cthawa Comment ekak danawa. Ethakam Jaya.

  39. Dj nimath

    Ela bn thanks.....ilaga ekath tagala dapan

  40. chandima2k

    kathawa nm ft.episode 2 ikmanatama ona

  41. D.Chamara

    aniwarayan balana oni bohoma sthuthi sahooo

  42. rehani

    thank you...

  43. chamara_rajith

    thankz broo..aniwa balanawa..

  44. Dj nimath

    ඉලග එක කවද්ද එන්නේ බ්න්

  45. Aac3

    ඊලඟ එක තාම නැද්දෝ... සබ දෙනකන් බලාගෙන ඉන්නේ සහෝ...

  46. Anjula Thiwanka

    ilanga eka oone broh

  47. kavindaru

    patta bn. mewa thama one

  48. herathchathu

    KO ANE E 02 PARAKKU AII

  49. pupi

    sisila malli recomond karana ekak api nobala innawada. bohoma sthuthi sub ekata. jaya wewa!!!

  50. anuka

    Ep 2 nadda?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.