මේ සුදානම ඊයේ දින විකාශය වුන කොටස් 8 කින් යුත් නවතම Netflix ටෙලි කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නටයි. මේකත් Netflix Original එකක්. House of Cards එකෙන් ගත්ත සුපිරි ආරම්භය අද වෙනකොට රටවල් ගණනක විශාල භාෂා ගණනක් වැඩසටහන් එකතුවක් බවට පත් වෙලා තියනව වගේම ඒ වැඩසටහන් බහුතරයක් ටෙලි කතා වංශකතාව බොහොම වෙනස් කරන්න…

මේ සුදානම ඊයේ දින විකාශය වුන කොටස් 8 කින් යුත් නවතම Netflix ටෙලි කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නටයි. මේකත් Netflix Original එකක්. House of Cards එකෙන් ගත්ත සුපිරි ආරම්භය අද වෙනකොට රටවල් ගණනක විශාල භාෂා ගණනක් වැඩසටහන් එකතුවක් බවට පත් වෙලා තියනව වගේම ඒ වැඩසටහන් බහුතරයක් ටෙලි කතා වංශකතාව බොහොම වෙනස් කරන්න බර සාර කරන්න සමත් වෙලා තියන බවත් ඔබ දන්නවා ඇති. මේ වෙනාකොට බයිස්කෝප් වෙතින් ඔබ වෙත ඉන් Daredevil, Jessica Jones, Iron Fist සහ Luke Cage, The Defenders, The Punisher. Sense8, 13 Reasons Why, Altered Carbon, Stranger Things, වගේම ලකග දී ආරම්භ වුන ඉංග්‍රීසි භාෂාවට පරිබාහිර භාෂා ටෙලි නාටක වන 3%, Dark එහෙමත් ඔබ වෙත අරගෙන ඇවිත් තියනවා නෙව.
ඉතින් මේ සුදානම ඒ ගොන්නට තවත් කතා මාලාවක් එකතු කරන්න මේක ඩෙන්මාර්කය භාෂාවෙන් දිවයන කතා මාලාවක්. Jannik Tai Mosholt, Christian Potalivo, Esben Toft Jacobsen විසින් නිර්මාණය කරන ලද මේ ටෙලි කතා මාලාව බොහොම සමාන වෙන්නේ YA එහෙමත් නැත්නම් Young Adult කාණ්ඩයට. ඔබ දැනටම නරඹන The 100, The Walking Dead වගේම බලල අවසාන වුන Revolution, Falling Skies, Under the Dome මේ කතාවට බොහොම සමාන කතා කියන්න පුළුවනි. මේ වෙනකොට IMDB 6.6 ක අගයකුත් රෝටන් ටෝමාටෝ අඩවියේ 100% විචාරක පැසසුමකුත් ලබාගත් මේ නිර්මාණයේ කොටසක් මිනිත්තු 39 – 49 වගේ කාල පරාසයක් ඇතුලෙ තමයි දිව යන්නේ. තිරයේ දකින මුහුණු වෙන්නේ Iben Hjejle, Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Boe Følsgaard, Lukas Løkken, Jessica Dinnage වගේ පිරිසක් නම් කිව්වට කොහොමවත් නොදන්නා එකේ මම කියන්න යන්නෙත් නැහැ මොකද මේක අර කිව්වා වගේ YA පැත්තට බර කතාවක් වුන එකේ ඉන්න පිරිස බොහොම තරුණයි.
කතාව මෙහෙමයි මේක ලෝක විනාශයකින් පසුව ඉතිරි වුන මිනිස් සංහතිය ගැන කියවෙන ඔවුන එකක් දිවයන කතාවක්. මේකෙ ප්‍රධන චිරිත දෙක වන සිමෝනා සහ රස්මුන් අක්ක මලෝ දෙන්නෙක්, රස්මුන් කුඩා කල ඉදලම බොහොම අසනීප තත්වයෙන් පසුවුන කෙනෙක්. අක්ක නම් බොහොම බුද්ධිමත් වගේම දක්ෂ කෙනෙක්. එක දවසක් එකපාරටම සිමෝන් පාසලෙන් වහාම ඇදගෙන දුවන මේ දෙන්නගෙ තාත්ත පිස්සුවෙන් වගේ තමුන්ගේ මෝටර් රථය පැදගෙන නගරයෙන් පිට වෙන්නට සුදානම් වෙන්නේ ළමයින් දෙන්නම බොහොම අපහසුවට පත් කරමින්. ඔහුගේ පැහැදිලි කිරීමටත් කලින් රේඩියෝවේ හදිසි පුවත් සේවය වාර්තා කරන්නේ ඇදහැලෙන අධික වර්ෂාව නිසාවෙන් ඇතිවුන ආසාත්මිකතාවක් සහ හුස්ම ගැනීමේ අපහසුවක් නිසාවෙන් ආසන්න නගරයක බොහොම පිරිසක් මියයන බවක්…. මේක තනිකරම පිස්සුවක්… ඉතින් මහපාර මැද මහා වාහන ජාලාවක අතරමන් වුන මේ පවුල එක්වරම වාහනයෙන් ඉවත් කරගන්නා පියා ඊළගට වනගත වීමටයි සුදානම…
ඔහු බොහොම වේගයෙන් ඔවුන් එකක් යන්නේ… භූගත බංකර් එකක් වෙත, මේක ඔහු වැඩ කරනා ඇපලෝන් ආයතනයේ එකක් ලෙස තමයි ඔබට දැකගත හැකිවනු ඇත්තේ… ඉතින් තමුන්ගේ දරුපවුල ආරක්‍ෂිත ලෙස මෙතන ගාල් කරන පියා නැවතත් නික්ම යනවා ඒ ඔහුට පමණයි මේ උවදුරෙන් මිනිස් සංහතිය ගලවා ගැනීමට හැකියාව ඇත්තේ සහ මේ සියල්ලම විසදන යතුර ඔහුගේ පුතණුවන් බවත් සඳහන් කරමින්…. ඉතින් ඔය තමයි ආරම්භය… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලන්නකෝ….
කතාව යනකොට ඔබට දැකගත හැකි වේවි බොහොම රහස්, රහස් කියන්න බැහැ ඇත්තටම මේ ගොඩක් දේ හෙළි නොවුන අභිරහස්, ප්‍රේහේලිකාවක කොටස් වගෙයි මොකද මට හිතෙන හැටියට නම් මේ වැස්සෙන් පැතිරෙන වෛසරයට පියාගේ මොකක් හරි සම්බන්ධයක් තියන හැඩයි… කොහොම නමුත් ඒක මගේ සැකයක් විතරයි, මොකද මමත් ඔබ වගේම මේ කොටසින් එහා තවමත් බලා නැහැ…
අවසාන අවශයෙන් මෙහෙම කියන්නම්, කතා 8 කින් යුතු මේ ටෙලි කතා මාලාවේ සියලුම කොටස් වෙනුවෙන් උපසිරස ගැන්වීම සිදු කරන්නේ මම. ඒ නිසා ඔබට හැකි වේගයෙන් කොහොම හරි දවසකට එක කොටසක් ලැබෙන හැටියට කතාව ලබා දෙන්නම් නිදහසේ බලන්න. ඔබ වගේම මමත් මේ කතා මාලාව කොටසින් කොටස තමයි බලන්නට සුදානම මම බලා නිමවෙන කොටස වෙනුවෙන් උපසිරස නිර්මාණය කර පමණක් ඊලග කොටස බැලීමට තමයි මගේ සුදානම.. බලමු දවස් 8 ක් ඇතුලත කතාව කොහොම හරි නිම කරගන්න…
එහෙනම් ඊලග කොටස එකක් හමුවෙමු…. ඔබ සැමට ජය වේවා…. අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා….මොකද මේක බලන පිරිසගේ අදහස් එකක් තමයි මගේ සතුට රදා පවතින්නේ ඒ මත ලැබෙන වේගයත් වෙන්න වෙන්න ඉඩ තියනවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2018
- #Alba August
- #Christian Potalivo
- #Editor's Pick
- #Esben Toft Jacobsen
- #Iben Hjejle
- #Jannik Tai Mosholt
- #Jessica Dinnage
- #Lucas Lynggaard Tønnesen
- #Lukas Løkken
- #Mikkel Boe Følsgaard
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonny Lindberg
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සමීර කරුණාරත්න
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
90 comments
amila heshan
sampath n perera
thanks
dsdkavishka
බොහොම ස්තුති! Sub ekata aiya puluwan nam lost in space eka genath poddak blnna
Asela Indrajith
බොහොම ස්තුතියි.
zeal
තෑන්ස් සමී... දිගටම දෙන්න අපි බලනවා....
Dilupa Nadeeshan
ado fatta...bokka
තරිඳු ගමගේ
සුපිරියක් තමයි සහෝ ජය, 10ම එකතු කරලා බලනවා එහෙනම් මේ වැඩත් එක්කම. කතාව හොඳයි වගේ ලිපියෙන්ම . ඉක්මනටම ඔක්කොම දෙන්න.✌️
gayanads
තරිදු ගමගේ 10ක් නෑ .. එපි. 8යි පලමු සිසන් එක ඉවරයි එතනින් ^_^
dhanushka77
download karanna site ekk nene bn
Janith Ramanayaka
thanx bro enakn balan hitiye awa gamn sub eka dunnata thanx jayawewa
උදයංග සම්පත් හතරසිංහ
කියවල බැලුවම එකෙන්ම බලන්න හිතුණ.. ස්තූතියි කැප කිරීමට.. ජය වේවා..!
විදුෂාන් සජිත්
:-) තවත් සුපිරියක් වගේ සහෝ... නියම වැඩකට අතගහලා තියෙන්නේ... දැන් බලනකන් ඉවසිල්ලක් නෑ... බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට..! මේ වගේ කතාවක් දැක්කම ඒක බලලා නිකන් ඉන්නේ නැතුව ඒක අපි වෙනුවෙනුත් අරගෙන එන එක ගැන වචන වලින් ස්තූති කරන්න බෑ.. කියන්න වචන නෑ... දිගටම යමු සහෝ,.. ජය වේවා!!!... :-)
Enzdaylz
Thanks bro
dedunu
බොහොම ස්තුතියි.
Kasun Malinga077
ඊයේ telecast වුන එකේ subtitles අද දෙනවා කියන්නේ නං සුපිරි වැඩක්. දිගටම ඔහොම කරන්න මොකද episode to episode බලන අය ඒ දේට කැමති වෙයි.
Site එක කරන අනිත් adminලට බොහෝම ස්තූතියි.
Gathsara Umesh
Ekansm patta ayyee...
Supirima wadak tham..ayyee lost in spase koohedoo....
Ehnm ht hmba wemu...sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharindutsb
aiye flash season 4 episode 20 eke subtitles eka dannako please........
SAjith Anthony
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kdrangana
නියමයි මචන්...
buddikakb
සුපිරී මචන්...
praneeth01
Oyage plot eka kiyawala baluwama balanna asa hithuna. Tv seires aluthen balana eka nawaththala thibbe. Thank you bro sub valata.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..මේකත් එනකම් ගොඩක් ආසවෙන් බලන් හිටිය කතාවක්. පුලුවන් ආකරයෙන් අවසාන වෙනකම් උපසිරස ලබා දෙන්න..බුදුසරණයි..ජයවේවා!
ChithRaka
Download karanna site ekak nane..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLost in space ඉතිරි කොටස් වලට සබ් දාන්නේ නැද්ද....
imalke dilshan
sameera aiye thanks ####################
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prasad Randunu
Ane Bohoooma Pin Yaluwa oyata ! apitath asawen mewa balanna oyala karana kepaweema imahath deyaak..! itin hemadaama api wenuwen sub karannatath oyage idiri anagathayatah jayen jayama wewa ! TNX
Dilipa1995
Bohoma sthuthi saho
gayanads
එහෙම කරන්න එපා ඉතින් .. දවසට එපි 2ක්වත් සබ් කරන්න කෝ ... පලමු කොටස බැලුවා. දෙවන එක බලන කම් සිහියක් නෑ .. :( ප්ලීස්....
dush135
ela
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..
danoj
මේ කතාවනම් බලන්නම වෙනවා. ඔයාට ගොඩාක් සුතූතියි.
Thamanna
අම්මෙ දානකන් ඇගිලි ගැන ගැන හිටියෙ පැටියො උම්ම්මාඅ
Subhash13
Thxs bkh
Dhananjaya
සුපිරි
ආසිරි ප්‍රියන්ත
තද තද, තොගේ ස්පෙලින් හදාගන්. එක්ක නෙවි එකක්.
ranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
supiri kathawak wage........... Thanks saho
Ayesh Prashan
niyama wedak..jaya wewa!!!!
podda
thanks bro!!!! onna epi 8 sub oniii
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට කතාවක් වගේ...Thisal
thanks
MadRad0912
Ela.. kathawa niyamai wage
Ashan Maduranga
kathawa nam supiriyak wage aranma balamuko ehenam
thank you wewa saho jayen jayaසචින් කෙවින්
Gindara Ayiye
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sherlock holmes
Thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!TilRana
Supiri wedak sthuthi bm..
Bandaramudiyansi
Thank malli
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Aiya ash vs evil dead season 3 ekata subtitles dennco