” කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 15 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 මාර්තු 7 වෙනිදා. මේ කොටසට IMDB අගය 8.7 ලැබිලා තියෙනවා. “ ටුප්ලා ටුප්ලා කියන්නේ අධ්‍යාත්මික හා මානසික බලවේගයන්ගෙන් පණගන්වන ලද අත්භූත සංකල්පයක්. 20 වෙනි ශතවර්ෂයේ න්‍යයඥයෝ ටිබෙටියානු වචනයක් වන ස්ප්රුල්-ප…

” කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 15 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 මාර්තු 7 වෙනිදා. මේ කොටසට IMDB අගය 8.7 ලැබිලා තියෙනවා. “
ටුප්ලා
ටුප්ලා කියන්නේ අධ්‍යාත්මික හා මානසික බලවේගයන්ගෙන් පණගන්වන ලද අත්භූත සංකල්පයක්. 20 වෙනි ශතවර්ෂයේ න්‍යයඥයෝ ටිබෙටියානු වචනයක් වන ස්ප්රුල්-පා කියන වචනය පරිවර්තනය කළා විකාශනය නැත්නම් ප්‍රකාශනය විදිහට. ඇත්තටම මේ වචනය දැන් සමාජයේ හිතකාමී මිතුරකුගේ ස්වරුඋපයට සමාන කරනවා. ඒ වගේම මේ ගැන ඉන්දියානු (ථේරවාදී ) බුදුදහමේ මනෝකාය කියලා සඳහනක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් Wikipedia එකෙ බලන්න.
කතාව දිහාවට හැරෙමු. ඩේනා සහ මෝල්ඩර් යනවා කැලිෆෝනියාවේ, සැන්ඩියෙගෝ ප්‍රාන්තයේ සිද්දවුණු ක්ලයින්ස් කියන පවුල අභිරහස් විදිහට අතුරුදහන් වීම ගැන විමර්ශනයට. එයාලා යන්නේ ගෙවල් මිලදීගන්න ලෝරා සහ රොබ් පෙට්‍රී විදිහට. ඒ දෙන්න මිලදීගන්නේ අර ක්ලයින්ස් පවුල කලින් හිටපු ගෙදර.ඒ ගෙදර සෝදිසි කරන අතරේ මොල්ඩර්ට සිවිලිම් ෆෑන් එකක තිබිලා ලේ වගේ දෙයක් හම්බවෙනවා. මේ ෆෝල්ස් කියන සමාජය භාර වෙන්නේ ගොගොලැක් කියන කෙනාට. මේ ගොගොලැක් කියන කෙනාට ලොකු මයික් (අසල්වැසියෙක්) කියනවා එයාලට මෙහෙ කලින් සිද්දවෙච්ච දේ ගැන කියන්න කියලා. ඒ දවසේ රෑම මේ ලොකු මයික් කියන කෙනාට අර අමුතු ලොකු සතා පහරදෙනවා. එදා රයෙන් පස්සේ මේ ලොකු මයික් කියන කෙනා අතුරුදහන්. මේ අතරේ ස්කලී සහ ශ්රොඑඩර්ස් මහත්මියත් ( අසල්වැසි නිවස) එක්ක ඇවිදින්න යන අතෙරේ , ශ්රොඑඩර්ලගේ බලු පැටියා කාණුවට රිංගනවා, එලියට එන්න අර මොල්ඩර්ට හම්බවුණු ලේ වගේ දෙයක් උගේ හෝම්බෙත් ගෑවිලා.
ඉතින් ස්කලී අර සාම්පල් ටික අරගෙන යනවා නගරෙන් පිටට ඒවා පරීක්ෂා කරන්න. ඒ යන අතරේ මෝල්ඩර් මේ මිනිස්සුන්ගේ අමුතු හැසිරීම ගැන බලන්න එක එක දේවල් වෙනස් කරනවා හැබැයි මෙයා ආපහු ඇවිත් බලනකොට ඒ දේවල් තබ්බා විදිහටම තියෙනවා. එදාම රෑ මෝල්ඩර් අර බාස්කට්බෝල් දැල ඒක සවිකරනවා. ඉතින් මේ බාස්කට්බෝල් දැල් මේ සමාජයේ නීතිරීති වලට විරුද්ධයි. ඒ නිසා අර වින් කියන කෙනා ඇවිල්ලා කියනවා ඒක අයින් කරන්න කියලා……….
෴ මොකද හිතෙන්නේ යාලුවනේ මෙතන ඇත්තටම මොනවද සිද්දවෙන්නේ ….? ඒ ගැන දැනගන්න ඕනේ නම් කතාව බලන්නම වෙනවා…. ෴
කතාවේ නම : “ Arcadia ”
කතාව : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : මයිකල් වැට්කින්ස්
෴ ප්‍රධාන නළු නිළියන් ෴
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
පීටර් වයිට් – ජීනී ගොගොලැක්
ඒබ්‍රහම් ජෙනුරුබි – ලොකු මයික්
ටොම් ගැලොප් – වින් ශ්රොඑඩර්
෴Ω “ ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය…”. Ω෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,447 downloadsDownload The.X-Files.S06E15.Baiscopelk.com_.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
8 comments
kavini99
supundissanayake
අනේ ඉතිරි series ටිකටත් sub දෙන්න කෝ !
madhu bhagya
tnz sub ekt
suranuwan
thank you...
podda
thanks bro!!!!
Pramukmili
thanxx bro...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S.Yapa
Thank you....
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි