Watch Trailer

The Returned US [S01- E02] | නැවත ඉපදීමක පෙම සොයා [සිංහල උපසිරැසි සමඟ]

මේ කතා මාලාවේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක එක ලඟම විකාශනයක් වුනා. ඉතින් Better Call Saul ඊයේ උපසිරැසි ඇවිත් නොතිබුන නිසා තමයි මේකේ පළවෙනි කොටස ලබා දුන්නේ. ඉතින් බදාදා, ඊයේ දිනයේදී බෙටර් කෝල් සෝල් උපසිරැසි ලබා දුන්න නිසා ඔන්න අද තමා මේකේ දෙවෙනි කොටස ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේ කතාවත් බෙටර්…

The Returned TV 2

මේ කතා මාලාවේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක එක ලඟම විකාශනයක් වුනා. ඉතින් Better Call Saul ඊයේ උපසිරැසි ඇවිත් නොතිබුන නිසා තමයි මේකේ පළවෙනි කොටස ලබා දුන්නේ. ඉතින් බදාදා, ඊයේ දිනයේදී බෙටර් කෝල් සෝල් උපසිරැසි ලබා දුන්න නිසා ඔන්න අද තමා මේකේ දෙවෙනි කොටස ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේ කතාවත් බෙටර් කෝල් සෝල් වගේම සඳුදා තමා විකාශණය වෙන්නේ. ඉතින් සමහරවිට කතා මාලා දෙකම එක දවසේ දෙන්නත් පුලුවන් වේවි. නැත්නම් එකක් අඟහරුවාදා දීලා අනික බදාදා දෙන්න තමයි වෙන්නේ.

හොඳයි එහෙනම්. පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. පළවෙනි කොටස පොඩ්ඩක් විතර තේරුම් ගන්න අමාරුයි නේ?! ඒකට කමක් නෑ. පලවෙනි කොටසේ ඇතිකරපු ඒ කුතුහලය, අපිට නොතේරුන තැන් අද දෙවෙනි කොටසින් යම්තාක් දුරකට ඔයාට තේරුම් ගන්න හැකියාවක් ලැබෙයි.

එහෙනම් පසුගිය කොටස ගැන බලමු. වයින්ෂිප් පවුල පුදුම වෙනවා එයාලගේ දුව කැමීල් ආපහු ආව එකට. කැමීල් කියන්නේ බස් අනතුරකින් අවුරුදු හතරකට කලින් මැරුන කෙනෙක්. එයා ගෙදර එන්නේ කිසිම හීරීමක්වත් නැතිව. හැබැයි කැමීල් විශ්වාස කරන්නේ එයා මේ ගෙදර එන්නේ අනතුර සිද්ධ වෙච්ච දවසේමයි කියලා. එයාට අනතුර ගැන කිසිම දෙයක් මතක නෑ. සයිමන් එයාගේ පෙම්වතිය වන රෝවන්ව බලන්න උත්සාහ කරනවා. ඒ රෝවන් වෙන කෙනෙක් එක්ක ගිවිසගෙන කියලා දන්නේ නැතිව. හේලන් ගොඩර්ඩ්ව එයාගේ සැමියා දකිනවා ඇය මැරිළා අවුරුදු තිහකට පස්සේ. එයාගේ සැමියා ඒ පළාතේ හෙදියක් වන ජූලිට මේ ගැන කියන්න කෝල් කරන්න උත්සාහ කරත් ඒක කරන්න වෙන්නේ නෑ. මේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරිව මෙයා වේල්ලෙන් පහලට පැනලා මැරෙණවා. ජූලි ක්ලීනික් එකේ ඉදලා රෑ වෙලා වැඩ ඇරිලා ගෙදර යද්දී පොඩි ලමයෙක්ව දකිනවා. එයාගෙන් කොච්චර ප්‍රශ්ණ ඇහුවත් ඒ දරුවා උත්තර දෙන්නේ නෑ. කතා කරන්නේ නෑ. පොඩි දරුවෙක්ව රෑ ජාමේ පාරේ තනිකරලා යන්න බැරිනිසා ජූලි මෙයාව ගෙදර එක්කරගෙන එනවා. ඇත්තටම එයා ජීවත් වෙන්නේ නිවාස සංකීර්ණයක. ඉතින් ඔහොම ඉද්දී එයා ඉන්න තට්ටුවේ ඉන්න කේලම් අම්මන්ඩි කෙනෙක්ගෙන් බේරෙන්න දරුවගේ නම ‘වික්ටර්’ කියලා කියනවා. ලූසි කියන්නේ ඒ පළාතේම බාර් එක්ක සේවය කරන සේවිකාවක්. එයා ජැක් වින්ෂිප් එක්ක තරහා වෙලා රෑ වෙලා ගෙදර යද්දී එයාට කවුද කෙනෙක් ආයුධයකින් අනිනවා. අතීත මතකයක් විදිහට අනතුර සිද්ධ වෙන්න කලින් දවසේ, ලීනා බොරු අසනීපයක් අරගෙන බස් ට්‍රිප් එක යන එක වලක්වලා ගෙදර නැවතෙනවා හොරෙන් එයාගේ පෙම්වතාව හම්බවෙන්න, කැමීල්ට අමුතු හැඟීමක් එනවා බස් එකේ යද්දී. ඒ මොකද කැමීල් සහ ලීනා කියන්නේ නිවුන්නු. ඒ දෙන්නගේ පලවෙනි ලිංගික එකතුවීම ලීනාගේ බොරු අසනීපය මත සිදු කරන නිසා කැමීල්ටත් මේක දැනෙනවා. මේ හේතුව නිසාම කැමීල් බස් එකෙන් බහින්න උත්සාහ කරනවා. ඒත් එකපාරටම බස් එකේ බ්‍රේක් පාරක් වදිනවාත් එක්කම කැමීල් බස් එකේ දොරෙන් දකිනවා වික්ටර් පාරේ මැදට වෙලා හිටගෙන ඉන්නවා. බස් එක එහෙම්ම පාරෙන් පිට පැනලා හෙලකට වැටෙනවා.

ඉතින්, අද එතැන් පටන්. මේ මැරුණ අය පණපිටින් ආපහු එන්නේ කොහොමද? සිරාවටම ඒ ගැන හිතද්දී හිතට අමුතු කික් එකකුත් එනවා. එද කතාවත් අවසන් වෙනකං බලන්න. හිතාගන්න බැරි දේවල් කීපයක්ම සිද්ධ වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

 

The Returned (2015– ) on IMDb

 

 

305 MB කොපිය මෙතනින් බාගන්න

B59E31DCC266E67D5F4A144F3C2661D677FA4BFC

348 MB කොපිය මෙතනින් බාගන්න

77AFD6992EA24909677D97721E950B33A3415E48 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

2,994 downloadsDownload The-Returned-US-S01E02.baiscopelk.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles

2,994 downloadsDownload Subtitles37 KB

38 comments

  1. maduka

    niyama story ekak

  2. dilshan

    ela,sabata thanks saho, me katawawe story ekata samana tawa katawak tiyenawa the 4400 kiyala.meke story eka gena kiyawana kotame eka tamai matak wenne

  3. Sisira Hegoda

    Thanks.

  4. ANTON

    Thanks

  5. nuwan

    digatama denna saho.

  6. LAHIRU SAMPATH

    ඔන්න මචෝ මාත් මේ කතාව බලන්න ගත්තා ...
    සුපිරියටම තියනවා වගේ ..
    දිගටම දෙමු මචෝ ..
    තවත් සුපිරි කතාවක් අපිට දැන් සිංහලෙන් බලන්න පුළුවන්
    ඔබට පින් සිද්ද වෙන්න ..
    ඔන්න එහෙනම් THANKS කිව්වා ..
    අනිවා මේක බලන්නම වටින කතාවක් වගේ තමයි .......

  7. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් සබ් එක ගත්තා..
    ස්තුතියි සහෝ..
    ජය වේවා !!!

  8. devinda

    ikmnta sub eka denawata gdk pin.thankz bro.......

  9. lakshitha

    thnx saho digteme sub eka denna :D

  10. රවිඳු නිපුන්

    එල එල....
    අපිත් බානවා ඔන්න....

  11. Rasidu

    නියමයි.sub එකට thanx

  12. isuru

    thanks bro!

  13. sajeevi

    thanks

  14. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  15. thisal

    තැන්ක්ස් මචන් සබට දිගටම දෙමු

  16. nalaka

    thanks sub akata

  17. fernando

    maxxa machoo tawa dawas 2kin gannawa tawa balanna movie 5-6 tiyenawa eka ewara unu gaman gannam digatama sub enna niyama tv show ekak wage jayen jaya wewa kiwwa sub dena sahola hamotama

  18. ගයාන් රූකාන්ත

    වෙන කරන්න දෙයක් නැති කමට ගන්නවා ඉතින් සබ් එක
    එත් බලන්නේ නැ හොදේ,මම උඹේ සබ් බලන එක නතර කරා,
    මතකනේ කිවා,උඹට දුක හිතෙන හිංදා සබට තුති කියලත්
    කියන්නම්,ජය!! :P :P

  19. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    2ත් බස්සලා තියෙන්නෙ ඉක්මනින්ම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  21. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. nuwan

    ayyo matapissu wage.digatama suba emu ehenan.

  23. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    සුපිරි කතාව.
    එල එල.
    සබ් එකත් සුපිරියි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!!!

  24. chana

    නියම කතාව. කියන්න වචන නැහැ. ස්තුතියි ගොඩක්. හැම වෙලෙම ප්‍රතිචාර දැක්කුවෙ නැති උනාට. සුපිරි ගොඩක් ස්තුතියි මචාන්. දිගටම දෙන්නො....

  25. Ruchira

    sub 1ට ස්තුතියි.......

  26. Moris

    KO E3 , E4 .... ? sub :(

  27. maduka

    අනෙ මචෝ කෝ බන් එපිසොඩ් 3 එකේ සබ්
    දැන් එක ඇවිල්ලාත් ටික දවසක් වෙනවානේ
    ඉක්මනට එක ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා
    ඔබට ජය

  28. danu

    3rd episode eka ewith tiyenne. eka denne nadda???

  29. maduka

    3 වෙනි කොටසේ උපසිරසිය දෙන්නේ නැද්ද් සහෝ ????
    හැකිනම් ඉක්මනට දෙන්න

  30. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. Anymouse

    Thanks Bro ...

  33. a

    මාත් මේ කතාව බලන්ට පටන් ගත්තා,.හබි ගොඩක් පරක් වෙලා..නික්න පිස්සු කතතාවක් වගෙ පෙන්වා..කොහොම උනත් එල එල..
    ගොඩක් ස්තුති බ්‍රො ගොඩක්ක් ස්තුති..... ...

  34. අබා

    ලිපිය සුපිරියටම ලියලා තියනවා..එල එල...ජයෙන් යය......!!!!!

  35. Chandima

    patta kathawa sahooo elazzzz

  36. sam fisherr

    ai waren bn koheda giye

  37. suranuwan

    thank you......

  38. Anonymous

    Macho make epi 1.2 ekatamane denne download. Sub 1 2 wenamane tiyanne aulk waida. Reoly akak one