Watch Trailer

The Spectacular Spider-Man [S01 : E06 & E07] Sinhala Subtitles | රයිනෝ සහ ග්‍රීන් ගොබ්ලින්ගේ ආගමනය… [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් කියපු විදියටම එපිසෝඩ් 6 සහ 7ත් උපසිරැසි අරගෙන ආවා. කලින් ඒවා බලලා ඇති කියලා හිතනවා. මේ කතාවලදී අපට හම්බවෙන්නේ රයිනෝ සහ ග්‍රීන් ගොබ්ලින්. ඉතින් ඔන්න සිනිස්ටර් සික්ස් එකට තවත් කෑල්ලක් සම්පූර්ණ වුණා. කලින් එපිසෝඩ්වලදී අපි දැක්කනේ “බිග් මෑන්” ඔස්කෝප් එකත් එක්ක එකතුවෙලා කරන පරීක්ෂණවල ප්‍රතිඵල…

ඔන්න ඉතින් කියපු විදියටම එපිසෝඩ් 6 සහ 7ත් උපසිරැසි අරගෙන ආවා. කලින් ඒවා බලලා ඇති කියලා හිතනවා. මේ කතාවලදී අපට හම්බවෙන්නේ රයිනෝ සහ ග්‍රීන් ගොබ්ලින්. ඉතින් ඔන්න සිනිස්ටර් සික්ස් එකට තවත් කෑල්ලක් සම්පූර්ණ වුණා.

කලින් එපිසෝඩ්වලදී අපි දැක්කනේ “බිග් මෑන්” ඔස්කෝප් එකත් එක්ක එකතුවෙලා කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට සෑන්ඩ්මෑන්ව නිර්මාණය වෙනවා. ඉතින් 6 වෙනි එපිසෝඩ් එකේදී පරීක්ෂණ කරන්නේ ෆ්ලින්ට් මාර්කෝගේ යාළුවා, ඔ’හර්න් මත. ඉතින් මේ විදියට තමයි එයා රයිනෝ බවට පත්වෙන්නේ. ඊටපස්සේ ඉතින් එයා කරන්නේ සුපිරි බලයක් ලැබෙන ස්පයිඩර්-මෑන්ගේ හතුරෝ හැමෝම කරන දේ තමයි. ස්පයිඩර්-මෑන්ව ඉවරයක් කරන්න යන එක. ඉතින් අපේ ස්පයිඩි තමන්ට වඩා කීප ගුණයක් ශක්තිමත් කෙනෙක්ව පරද්දන්නේ කොහොමද? ඒවගේම මේ එපිසෝඩ් එකේම තමයි අපට බිග් මෑන් කියන්නේ කවුද කියලා හෙළිකරන්නේ. ඒවගේම මේරි ජේන් වොට්සන්ව හඳුන්වා දෙන්නෙත් මේකෙම තමයි. පීටර්ව පළවෙනි වතාවට හම්බවුණාම එයා කියන වචන The Amazing Spider-Man #42 අවසන් පැනල් එකෙන් කෙලින්ම අරගෙන තියෙනවා.

“Face it, Tiger. You just hit the jackpot”

එපිසෝඩ් 7 ගැන කියනවා නම් මේකේ කලිනුත් කිව්වා වගේ අපට හම්බවෙන්නේ ග්‍රීන් ගොබ්ලින්. මෙයා හඳුන්වා දුන්නේ The Amazing Spider-Man #14 දී. ඉතින් ග්‍රීන් ගොබ්ලින් කොමික් වල නම් ස්පයිඩර්-මෑන්ගේ ලොකුම හතුරෙක්. කොටින්ම කිව්වොත් එයා ස්පයිඩර්-මෑන්ගේ ඇත්ත අනන්‍යතාවයත් හොයාගත්තා. ඉතින් කොමික්වල ග්‍රීන් ගොබ්ලින් කියන්නේ මිස්ටර් ඔස්බෝන් හෙවත් හැරීගේ තාත්තා.

ඉතින් මේකේ ග්‍රීන් ගොබ්ලින් ගැන කියනවා නම් එයාට ඕනේ “බිග් මෑන්”ව මරලා එයාගේ අපරාධ රාජධානිය පාලනය කරන්න. ඒත් ස්පයිඩර්-මෑන් ඉන්නකන් ඒවා කරන්න හම්බවෙන්නේ නෑනේ. කොහොමහරි මේ ග්‍රීන් ගොබ්ලින් කියන්නේ හැරී ඔස්බෝන් ද කියලා අපට සැකයක් මතු වෙනවා. මොකද හැරී කොළ පාට ද්‍රාවණයක් බොනව අපි දකින නිසා. ඉතින් ස්පයිඩර්-මෑන්ට මෙයාව පරද්දන්න පුළුවන් වේවිද? එපිසෝඩ් එක බලලම දැනගන්න.

එහෙම නම් එපිසෝඩ් 8 සහ 9 උපසිරැසිත් ඉක්මනටම අරගෙන එනවා කියමින් අදට සමුගන්නවා. උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම්, සුබ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,172 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E06-E07.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,172 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Anonymous

    කියන්න වචන නැහැ නියම වැඩක් .

  2. kavinda gamage

    කියන්න වචන නැහැ නියම වැඩක් .

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P