ඔන්න එහෙම නම් එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම මුල ඉඳන්ම කිය කියා හිටිය සිනිස්ටර් සික්ස් එක අන්තිමට එපිසෝඩ් 11හේ දී හම්බවෙනවා. අපි දැන් සීසන් එකේ අවසානයටත් ළංවීගෙනයි එන්නේ. ඉස්සරවෙලාම එපිසෝඩ් 10 ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. මේකේ අපට හම්බවෙනවා ස්…

ඔන්න එහෙම නම් එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම මුල ඉඳන්ම කිය කියා හිටිය සිනිස්ටර් සික්ස් එක අන්තිමට එපිසෝඩ් 11හේ දී හම්බවෙනවා. අපි දැන් සීසන් එකේ අවසානයටත් ළංවීගෙනයි එන්නේ.
ඉස්සරවෙලාම එපිසෝඩ් 10 ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. මේකේ අපට හම්බවෙනවා ස්පයිඩර්-මෑන්ගේ පළවෙනිම හතුරා, කැමේලියන්. කැමේලියන් කියන්නේ කටුස්සා කියන එකනේ. ඉතින් මෙයාට තියෙන බලය තමයි ඕනම කෙනෙක් විදියට වෙස් මාරු කරගන්න පුළුවන් එක. කැමේලියන් මුලින්ම හඳුන්වා දුන්නේ The Amazing Spider-Man #1 එකේ. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපට දැකගන්න ලැබෙනවා එයා ස්පයිඩර්-මෑන්ව අනුකරණය කරනවා හොරකම් කරන්න. හැමෝම දැන් ස්පයිඩර්-මෑන්ට එරෙහියි. මේ ගැන ඔක්කොටම වඩා සතුටු ජේ. ජොනා ජේමසන්ට. මොකද එයා හැමදාම කිය කිය හිටිය එක ඇත්ත වුණානේ. ඒ අතරේ ස්පයිඩර්-මෑන්ට වෙනම් ඇඳුම හම්බවෙනවා. කොහොමහරි මේකේ අපට බ්ලැක් කැට්වත් බලාගන්න පුළුවන්. එයා කලින් එපිසෝඩ් එකක කානිවල් එකේදී කැමියෝ එකක වගේ හිටියා මතක ඇති. මෙයා ස්පයිඩර්-මෑන්ට උදව් කරනවා. ඉතින් ස්පයිඩර්-මෑන්ට එයාගේ “හිතමිතුරු අසල්වැසි” නම පිරිසිදු කරගන්න පුළුවන් වේවිද?
ඔන්න එහෙනම් දැන් යමු සිනිස්ටර් සික්ස් එක ගැන කතා කරන්න. මෙයාලා මුලින්ම හඳුන්වා දුන්නේ The Amazing Spider-Man Annual #1 එකෙන්. මේක සමන්විත වුණේ ක්‍රේවන් නම් දඩයක්කාරයා, මිස්ටීරියෝ, ඩොක්ටර් ඔක්ටපස්, සෑන්ඩ්මෑන්, වල්චර් සහ ඉලෙක්ට්‍රෝගෙන්. කොහොම වුණත් තාව ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් කතා මාලාවට මිස්ටීරියෝවත් ක්‍රේවන්වත් හඳුන්වා දුන්නේ නෑනේ. ඉතින් ඒක නිසා මෙයාලා වෙනුවට රයිනෝ සහ ෂොකර්ව අරගෙන තියෙනවා. ඉතින් ස්පයිඩර්-මෑන්ට තමන්ගේ අලුත් ඇඳුමේ සහයත් ඇතුව තමන්ගේ ලොකුම හතුරන් හය දෙනාව පරද්දන්න පුළුවන් වේවිද? ඒක දැනගන්න නම් එපිසෝඩ් එක බලන්නම වෙනවා.
එහෙනම් එපිසෝඩ් 12 සහ 13 උපසිරැසිත් ඉක්මනට අරගෙන එන්නම්. උපසිරැසිය ගැන අදහසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
936 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E10-E11.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
5 comments
kavinda gamage
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි නියම වැඩක් .