Watch Trailer

The Terminal List [S01 : E03] Sinhala Subtitles | ලැයිස්තුව ක්‍රියාත්මකයි [සිංහල උපසිරසි]

The Terminal List [S01 : E03] Sinhala Subtitles ආයුබෝවන්, මේ තුන් වන කොටස. මෙච්චර කල් වෙච්ච දේවල් දන්නවනේ? ජේම්ස් රීස් ඇමෙරිකාවේ බිහිසුණුම හමුදා ඒකකය වන නේවි සීල්හි අණදෙන නිලධාරියෙක්.ලෝකයේ අතිශය දුෂ්කරම හමුදා පුහුණුව ලබන මේ කණ්ඩායමක රීස්ගේ නායකත්වයකින් යුතු කණ්ඩායමක් සිරියාවේ මෙහෙයුමකදී අභි රහස් ලෙ…

The Terminal List  Sinhala Subtitles

The Terminal List Sinhala Subtitles

ආයුබෝවන්, මේ තුන් වන කොටස. මෙච්චර කල් වෙච්ච දේවල් දන්නවනේ? ජේම්ස් රීස් ඇමෙරිකාවේ බිහිසුණුම හමුදා ඒකකය වන නේවි සීල්හි අණදෙන නිලධාරියෙක්.ලෝකයේ අතිශය දුෂ්කරම හමුදා පුහුණුව ලබන මේ කණ්ඩායමක රීස්ගේ  නායකත්වයකින් යුතු කණ්ඩායමක් සිරියාවේ මෙහෙයුමකදී අභි රහස් ලෙස සමූල ඝාතනය වන්නේ රීස් පමණක් ඉතුරු කරමින්.නැවත නිවස බලා එන රීස් කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බව  පෙනී යන අතර එය කෙලින්ම ඔහුගේ මෙහෙයුමේ අතුරු ඵලයක් ලෙසයි විග්‍රහ වෙන්නේ.(PTSD Post traumatic stress disorder හෙවත් පශ්චාත් කම්පන ආතතිය).

ඒත් මෙහෙයුමේ පරාජය පිලිබඳ පශ්චාත් පරීක්ෂණයකදී තමන් මුහුණ දුන් අත්දැකීමට වඩා වෙනස් තත්වයක් ඉහල නිලධාරීන් විසින් හඳුනා ගැනීම, සිය සඟයෙක්ගේ දිවි නසා ගැනීම   වැනි හේතු නිසා  මේ පිටු පස කිසියම් අදිසි හස්තයක් ඇති බවට සැකයක් රීස්ට ඇති වෙනවා.මානසික සායනයකදී ඔහුව මරා දැමීමට කරන ලද අසාර්ථක උත්සාහයයෙන් අනතුරුව මේ තත්වය වැඩි දියුණු වන්නේ රීස්ගේ ආදරණීය බිරිඳ සහ දියණිය ගේ ඝාතනයත් සමග.

දැඩි ශෝකයෙන් හා කම්පනයෙන් සිටින රීස්ට වැටෙන ඊළඟ තොප්පිය මානසික ආබාධය හේතුවෙන් සිය පවුල තමන් විසින්ම ඝාතනය කලාද යන සැකය සමාජය තුල මතු වීමයි. ඒ පිළිබඳ විමර්ශන සිදු වෙද්දී තමන් මානසික ආබාධිතයෙකු බවට හංවඩුව ආරක්ෂක ප්‍රධානීන්න් විසින්ම ඔහුට ලබා දෙනවා.තමන්ටම ඔප්පු කළ නොහැකි වූ ඝාතන සැලැස්ම සහ පවුලේ මිනී මැරුම් සිය ආබාධයේ ප්‍රතිඵලයක්ද?

කෙසේ වෙතත් මෙ හි යම් කුමන්ත්‍රණයක් සිදුවන තේරුම් ගන්නා රීස් ඒ පිටුපස පන්නන්නේ ඔහුගේ එකම එක මිතුරෙකු හැර වෙන කිසිම කෙනෙක් ඔහුව පිළි නොගන්නා තත්වය මත.සිය පුවත්පතට රසබර ලිපි පෙලක් සපයා තමන් වෙත පාඨකයාගේ අවදානය දිනා ගැනීම සඳහා රීස් වෙත ලං වෙන කැටී බර්නැක් නම් මාධ්‍ය වේදිනිය පවා රීස්ගේ අදහස විශ්වාස නොකලත් රීස් ඇගේ සහය ලබා ගන්නේ සිය අරමුණ ඉෂ්ථ කර ගැනීමට.

ඔහුගේ පැහැදිලි  එකම අරමුණ තම බිරිඳ හා දියණියගේ මරණයට වග කිවයුත්තන් සියළු දෙනාම සමූල ඝාතනය කිරීමයි. දෙවෙනි කොටසේදී ඔහු මුලක් අල්ලා ගන්නවා. ඒ අනුව ඔහු සිට මරණ ලයිස්තුවේ පළමු වැන්නා බිලි ගන්න අතරම ඔහුගෙන් ලද තොරතුරු මත ලයිස්තුවේ දෙවැන්නා ඇතුලත් කර ගන්නවා.සිය දියණියගේ චිත්‍රයක පිටුපස ඔහු සටහන් කරන ඝාතන ලැයිස්තුවේ කොතරම් දිගු වෙයිද? මේ සියල්ල ඔහුගේ මානසික ව්‍යාධියේ ප්‍රතිඵලයක්ද?

තුන් වනි කොටසේදී බලමු ඔහු ක්‍රියාත්මක වන්නේ කෙසේද? ලැයිස්තුවට එකතු වෙන අළුත් නම් මොනවාද? මේ අවුලෙහි ගැට එකින් එක ලෙහෙන ආකාරය ගැන.

 නැවත හමු වෙමු. ආයුබෝවන් !

The Terminal List Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,232 downloadsDownload The-Terminal-List-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

5,232 downloadsDownload Subtitles30 KB

7 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Sanupa Ranmeth

      ඩවුන්ලෝඩ් සයිට් එක යථා තත්වයට පත් කරන්න කාලයක් යාවි සහෝ. එතකන් ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

  4. lakshan

    thanks ............................

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P